"අච්චු ඊයම්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මේ නමින් හැඳින්වෙනුයේ බෙහෙවින් ම අච්චු අකුරු...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

11:51, 1 ජූනි 2023 තෙක් සංශෝධනය

මේ නමින් හැඳින්වෙනුයේ බෙහෙවින් ම අච්චු අකුරු සැදීම පිණිස භාවිත කරනු ලබන්නා වූ ද අවශ්‍යෙයන් ම ඇන්ටිමනි සහිත වූ ද ඊයම්වල මිශ්‍ර ලෝහයකි. එහි බොහෝ විට ටින් ද ඇතැම්විට තඹ ස්වල්පයක් ද තිබිමට පිළිවන.

ඇන්ටිමනි මිර්‍ශ වීම හේතු කොට පහසුවෙන් විලිනවනසුලු බව ද තද ගතියක් ද මිශ්‍ර ලෝහයෙහි ඇති වේ. එපමණක් නොව ඝන වන විට ප්‍රසාරණය විය හැකි බවක් ද ඇති වේ. මේ මිශ්‍ර ලෝහය අකුරු සැදීමේ දී ඉතා වැදගත් වනුයේ හ් හේතූන් නිසාය.

වාත්තු කිරිමේ පහසුව නිසා ප්‍රතිමා සහ විවිධ සැරසිලි භාණ්ඩ සැදීම පිණිස ද අච්චු ඊයම් භාවිත කරති. ඉපියාවන් සහිත සමහර සංගීත භාණ්ඩවල යතුරු සඳහා ද රසායනික කර්මාන්තවල දී කරාම පයිප්ප, තහඩු ආදිය තැනීම පිණිස ද ඊයම් ඇන්ටිමනි මිශ්‍ර ලෝහ භාවිත කරනු ලබන ලෝහවල සමානුපාත කිහිපයක් මෙසේ ය :-

ඊයම් ඇන්ටිමනි ටින් තඹ ටයිප් ලෝහය 60 ....30 ... 10 .... – එම .... 70 ..... 18 ..... 10 ..... 2 එම .... 77.5 ...... 16 ..... 6.5 ... – ස්ටිරියොටයිප් ලෝහය ... 85.7 ...... 14.3 - - එම ..... 82.5 ...... 13 ..... 4.5 - ලයිනොටයිප් ලෝහය ... 84.5 ...... 13.5 ..... 2 ...... – එම .... 82.5 ...... 13 ..... 5 ...... – එම .... 85.5 ...... 11 ..... 3.5 .... –


(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අච්චු_ඊයම්&oldid=1341" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි