"අටබාගේ ඔය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
('ගම්පොළට දකුණින් මහවැලි ගඟට එක්වන අතුගංගාවකි....' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
13:16, 1 ජූනි 2023 තෙක් සංශෝධනය
ගම්පොළට දකුණින් මහවැලි ගඟට එක්වන අතුගංගාවකි. මෙය උඩ හේවාහැට කොට්ඨාසයේ පෝල්ස් පීදුරු (False Peduru) නම් කඳු වැටියෙන් පටන් ගෙන පුපුරැස්ස, දුනු කෙවුල, පන්විල තැන්න සහ අටබාගේ යන ගම් ඔස්සේ ගලාවිත් ගල්අට ඔයට එක්වී අනතුරුව මහවැලි ගඟට වැටෙයි. මෙහි දිග සැතපුම් 15 ක් පමණ වේ. මහනුවර සිට නුවරඑළියට යන පාරේ සැතපුම් 16½ ක් ගිය තැන අටබාගේ ඔය හමුවේ. අටබාගේ ඔය ගල්අට ඔයට එක්වන ස්ථානයට මඳක් පහළින් දකුණු ඉවුරෙන් කපා ඇති ඇළකින්, ගල්අට හා කොබ්බෑවල අතර සැතපුම් දෙකක් පමණ දික්වූ කුඹුරු යායකට ජලය සපයනු ලැබේ.
(සංස්කරණය:1963)