"අටළොස් නිකාය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
('දෙවැනි ධර්මසංගායනාවෙන් පසු තුන්වැනි සංගායනා...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
13:58, 1 ජූනි 2023 තෙක් සංශෝධනය
දෙවැනි ධර්මසංගායනාවෙන් පසු තුන්වැනි සංගායනාව දක්වා ගත වූ එක්සිය අටළොස් (118) වර්ෂය තුළ ථෙරවාදී භික්ෂූන් කෙරෙන් භින්නව එකිනෙකට වෙනස් වූ ලබ්ධිගත් ආචාර්‍ය්‍යවාද සතළොසෙක් (17) උපන. එනම් මහාසංඝික, ගෝකුලික, එකබ්බෝහාරික, ප්‍රඥප්තිවාදී, බාහුලික, චෛත්‍යවාදී, මහිංසාසක, වජ්ජිපුත්තක, ධර්මෝත්තරික, භද්‍රයානික, ඡන්නාගාරික, සම්මිතික, සර්වාස්තිවාදී, ධර්මගුප්තික, කාශ්‍යපීය, සංක්‍රාන්තික, සූත්‍රවාදී යන මොහුයි. මේ නිකාය සතළොස “ථෙරවාද” නම් වූ ආචාර්‍ය්‍යවංශය සමග "අටළොස් නිකාය"යි සඳහන් කරන ලද්දේ ය. මේ පිළිබඳ විස්තර විභාග "බෞද්ධනිකාය" යන ශිර්ෂය යටතෙහි දැක්වේ.
(සංස්කරණය:1963)