"අඩස්සිය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
('මලමූත්‍ර පහ නොවී හිරවී සිටීම අඩස්සිය නම් වේ. ම...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:48, 1 ජූනි 2023 වන විට නවතම සංශෝධනය
මලමූත්‍ර පහ නොවී හිරවී සිටීම අඩස්සිය නම් වේ. මෙහි ප්‍රභේද තුනකි. රෝගියකුගේ මලබද්ධයට මල අඩස්සිය යයි ද, මූත්‍රබද්ධයට මූත්‍ර අඩස්සිය යයි ද, දෙකේ ම බද්ධයට ජලමල අඩස්සිය යයි ද කියනු ලැබේ. අඩස්සිය බොහෝ රෝගයන්හි උපසර්ගයක් හෙවත් උපද්‍රවයක් වශයෙන් ඇති වේ. එය රෝගියාට බොහෝ දුක් දෙන එකකි. ඊට ආයුර්වේදයෙහි සහ දේශීය චිකිත්සාවෙහි ද නන්වැදෑරුම් වූ ප්‍රතිකාර සඳහන් කොට ඇත්තේය. කෂාය, ආලේප හා වස්ති කර්මය ඉන් සමහරකි. අඩස්සිය කරණකොට ගෙන ඇතැම් විට රෝගියාගේ මරණය පවා සිදුවේ.
(සංස්කරණය:1963)