"අලොංපායා රාජවංසය" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(1752–1885). බුරුමයේ අන්තිම රාජ පරම්පරාවයි. මේ රාජ පර...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | (1752–1885). බුරුමයේ අන්තිම රාජ පරම්පරාවයි. මේ රාජ පරම්පරාව 'කොන්බෝ රාජවංසය' නමින් ද හැඳින්වේ. මෙහි ආදිකර්තෘවරයා [[අලොංපායා]] (රා.ස 1752-1760) (බ.) රජ තෙමේය. අවුරුදු 133ක් පමණ පැවතුණු මේ රාජවංසය තිබෝ (1878–1885) නමැති රජුගෙන් අවසන් විය. අලොංපායා රාජ වංසයට අයත් වූ රජවරු එකොළොස් දෙනෙක් වූහ. ඔවුනතුරෙන් ක්‍රි.ව. 1752 සිට 1832 දක්වා රජ කළවුන් සම්පූර්ණ බුරුම රාජ්‍යය ම පාලනය කළ නමුත් ඉන්පසු රජකමට | + | (1752–1885). බුරුමයේ අන්තිම රාජ පරම්පරාවයි. මේ රාජ පරම්පරාව 'කොන්බෝ රාජවංසය' නමින් ද හැඳින්වේ. මෙහි ආදිකර්තෘවරයා [[අලොංපායා]] (රා.ස 1752-1760) (බ.) රජ තෙමේය. අවුරුදු 133ක් පමණ පැවතුණු මේ රාජවංසය තිබෝ (1878–1885) නමැති රජුගෙන් අවසන් විය. අලොංපායා රාජ වංසයට අයත් වූ රජවරු එකොළොස් දෙනෙක් වූහ. ඔවුනතුරෙන් ක්‍රි.ව. 1752 සිට 1832 දක්වා රජ කළවුන් සම්පූර්ණ බුරුම රාජ්‍යය ම පාලනය කළ නමුත් ඉන්පසු රජකමට පත්වූවන්ට පාලනය කිරීමට හැකි වූයේ ඉහළ බුරුමයට අයත් ප්‍රදේශ පමණක් බව පෙනේ. මේ රාජ වංසය යටතේ බුරුමය පාලනය වූ අවුරුදු 133ක් පමණ කාලය ඇතුළත කිහිප විටක් ම බුරුමයේ අගනුවර වෙනස් කරන ලදි. 1752 සිට 1765 දක්වා අලොංපායා රාජවංසයේ රජවරුන්ගේ අගනුවර වූයේ ෂ්වේබෝ නගරයයි. එහෙත් 1765 සිට 1783 දක්වා එක් වරෙක ද 1823 සිට 1837 දක්වා තවත් වරෙක ද ආවා නගරය මේ රජවරුන් කිහිප දෙනකුගේ අගනුවර විය. [[බොදව්පායා]] (1781-1819) (බ.) රජුගේ කාලයේ දී අගනුවර බවට පත් වූ අමරපුර නගරය 1783 සිට 1823 දක්වා ද යළිත් වරෙක 1837 සිට 1857 දක්වා ද බුරුමයේ අගනුවරව පැවැත්තේය. අවසාන වශයෙන් 1857 දී මණ්ඩලේ නගරය බුරුමයේ අගනුවර කර ගන්නා ලදි. |
− | |||
− | අලොංපායා රාජවංසයේ වැටීමට හේතු වූයේ රජ පවුලේ අය අතර නිරන්තරයෙන් ම පැවති අසමගිකම් | + | අලොංපායා රාජවංසය අලොංපායා, බොදව්පායා හා මින්දොන් මින් වැනි දක්ෂ පාලකයන් කිහිප දෙනකුන්ගෙන් යුක්ත විය. |
+ | |||
+ | අලොංපායා රාජවංසයේ වැටීමට හේතු වූයේ රජ පවුලේ අය අතර නිරන්තරයෙන් ම පැවති අසමගිකම් හා ඉංග්‍රීසීන් විසින් බුරුමය ආක්‍රමණය කරනු ලැබීමත්ය. ([[බුරුම ඉතිහාසය]] ද බ.) | ||
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) |
09:29, 14 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය
(1752–1885). බුරුමයේ අන්තිම රාජ පරම්පරාවයි. මේ රාජ පරම්පරාව 'කොන්බෝ රාජවංසය' නමින් ද හැඳින්වේ. මෙහි ආදිකර්තෘවරයා අලොංපායා (රා.ස 1752-1760) (බ.) රජ තෙමේය. අවුරුදු 133ක් පමණ පැවතුණු මේ රාජවංසය තිබෝ (1878–1885) නමැති රජුගෙන් අවසන් විය. අලොංපායා රාජ වංසයට අයත් වූ රජවරු එකොළොස් දෙනෙක් වූහ. ඔවුනතුරෙන් ක්‍රි.ව. 1752 සිට 1832 දක්වා රජ කළවුන් සම්පූර්ණ බුරුම රාජ්‍යය ම පාලනය කළ නමුත් ඉන්පසු රජකමට පත්වූවන්ට පාලනය කිරීමට හැකි වූයේ ඉහළ බුරුමයට අයත් ප්‍රදේශ පමණක් බව පෙනේ. මේ රාජ වංසය යටතේ බුරුමය පාලනය වූ අවුරුදු 133ක් පමණ කාලය ඇතුළත කිහිප විටක් ම බුරුමයේ අගනුවර වෙනස් කරන ලදි. 1752 සිට 1765 දක්වා අලොංපායා රාජවංසයේ රජවරුන්ගේ අගනුවර වූයේ ෂ්වේබෝ නගරයයි. එහෙත් 1765 සිට 1783 දක්වා එක් වරෙක ද 1823 සිට 1837 දක්වා තවත් වරෙක ද ආවා නගරය මේ රජවරුන් කිහිප දෙනකුගේ අගනුවර විය. බොදව්පායා (1781-1819) (බ.) රජුගේ කාලයේ දී අගනුවර බවට පත් වූ අමරපුර නගරය 1783 සිට 1823 දක්වා ද යළිත් වරෙක 1837 සිට 1857 දක්වා ද බුරුමයේ අගනුවරව පැවැත්තේය. අවසාන වශයෙන් 1857 දී මණ්ඩලේ නගරය බුරුමයේ අගනුවර කර ගන්නා ලදි.
අලොංපායා රාජවංසය අලොංපායා, බොදව්පායා හා මින්දොන් මින් වැනි දක්ෂ පාලකයන් කිහිප දෙනකුන්ගෙන් යුක්ත විය.
අලොංපායා රාජවංසයේ වැටීමට හේතු වූයේ රජ පවුලේ අය අතර නිරන්තරයෙන් ම පැවති අසමගිකම් හා ඉංග්‍රීසීන් විසින් බුරුමය ආක්‍රමණය කරනු ලැබීමත්ය. (බුරුම ඉතිහාසය ද බ.)
(සංස්කරණය: 1965)