"අලි අක්බාර් ඛාන්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('අතිදක්ෂ සරෝද් වාදකයකු වන මොහු භාරත දේශයෙහි උස...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | අතිදක්ෂ සරෝද් වාදකයකු වන මොහු භාරත දේශයෙහි උසස් පෙළේ ශාස්ත්‍රීය සංගීතඥයෙකි. | + | (1910-). අතිදක්ෂ සරෝද් වාදකයකු වන මොහු භාරත දේශයෙහි උසස් පෙළේ ශාස්ත්‍රීය සංගීතඥයෙකි. |
උස්තාද් [[අලාඋද්දීන් ඛාන්]](බ.)ගේ පුත්‍රයකු වන මේතෙම මයිහාර් ප්‍රදේශයේ උපන්නේය.කුඩා අවදියේ පටන් ම සිය පියාගෙන් සරෝද් වාදනය උගත්තේය.භාරත දේශීය ශාස්ත්‍රීය සංගීතයෙහි සියුම් අවබෝධයක් ඇති හේ වාද්‍ය සංගීතයෙහි විශේෂඥයෙකි. මහා උස්තාද්වරයකුගේ විශේෂ ලක්ෂණ සහ භාව ප්‍රකාශන ශක්තිය මොහු විසින් තරුණ අවදියේ සිට ම පළ කරන ලදි. එහෙයින් නව යෞවනයෙහි දී ම මොහුට උස්තාද් යන ගෞරව නාමය පට බැඳුණේය. | උස්තාද් [[අලාඋද්දීන් ඛාන්]](බ.)ගේ පුත්‍රයකු වන මේතෙම මයිහාර් ප්‍රදේශයේ උපන්නේය.කුඩා අවදියේ පටන් ම සිය පියාගෙන් සරෝද් වාදනය උගත්තේය.භාරත දේශීය ශාස්ත්‍රීය සංගීතයෙහි සියුම් අවබෝධයක් ඇති හේ වාද්‍ය සංගීතයෙහි විශේෂඥයෙකි. මහා උස්තාද්වරයකුගේ විශේෂ ලක්ෂණ සහ භාව ප්‍රකාශන ශක්තිය මොහු විසින් තරුණ අවදියේ සිට ම පළ කරන ලදි. එහෙයින් නව යෞවනයෙහි දී ම මොහුට උස්තාද් යන ගෞරව නාමය පට බැඳුණේය. | ||
08:39, 11 පෙබරවාරි 2025 වන විට නවතම සංශෝධනය
(1910-). අතිදක්ෂ සරෝද් වාදකයකු වන මොහු භාරත දේශයෙහි උසස් පෙළේ ශාස්ත්‍රීය සංගීතඥයෙකි.
උස්තාද් අලාඋද්දීන් ඛාන්(බ.)ගේ පුත්‍රයකු වන මේතෙම මයිහාර් ප්‍රදේශයේ උපන්නේය.කුඩා අවදියේ පටන් ම සිය පියාගෙන් සරෝද් වාදනය උගත්තේය.භාරත දේශීය ශාස්ත්‍රීය සංගීතයෙහි සියුම් අවබෝධයක් ඇති හේ වාද්‍ය සංගීතයෙහි විශේෂඥයෙකි. මහා උස්තාද්වරයකුගේ විශේෂ ලක්ෂණ සහ භාව ප්‍රකාශන ශක්තිය මොහු විසින් තරුණ අවදියේ සිට ම පළ කරන ලදි. එහෙයින් නව යෞවනයෙහි දී ම මොහුට උස්තාද් යන ගෞරව නාමය පට බැඳුණේය.
යුරෝපය, ඇමෙරිකාව ආදී රටවල කිහිපවතාවක් සංචාරය කළ මොහු එම රටවල මහා සංගීතඥයන්ගේ විශේෂ ගෞරවාදරයට පාත්‍ර වූයේය. ජෝධිපූර්හි රාජකීය සංගීතඥයා වශයෙන් පත් කරන ලද හේ කල්කටාවේ අලි අක්බාර් ඛාන් සංගීත විද්‍යාලය නමින් සංගීතායතනයක් පිහිටුවා ගත්තේය. මොහුගේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇමෙරිකාව, එංගලන්තය ආදි රටවල ද ලංකාවේ ද සිටිත්.
(සංස්කරණය: 1965)