"ඉබෙක්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
1 පේළිය: 1 පේළිය:
 
(අයිබෙක්ස්). පුරාණ ලෝකයේ උස් කඳුකර ප්‍රදේශවල ජීවත් වන වල්එළු විශේෂ කිහිපයකට මේ නම භාවිත වේ. ඉස්සරහින් හරස්වැටි වැටුණු වක්‍ර වූ අං මොවුන්ට ඇත. මේ එළුවන්ගේ අං දිගය. ගෑනු සතුන්ගේ අං කෙටිය; සෘජුය.
 
ඇල්ප්ස් හා ඇපිනයින් කඳුවැටිවල දක්නට ලැබෙන කප්රා ඉබෙක්ස් (Capra ibex) ද පිරනීස් කඳුවැටියෙහි දක්නට ලැබෙන කප්රා පිරෙනයිකා (C. pyrenaica) ද කොකේසස් කඳු වැටියෙහි දක්නට ලැබෙන කප්රා එයෙගග්රුස් (C. aegagrus) ද ප්‍රකට ඉබෙක්ස් විශේෂ වේ.
+
 
අන්තිමට සඳහන් කළ විශේෂය දැන් දක්නට ලැබෙන හීලෑ එළුවන්ගේ මුතුන්මිත්තන් වශයෙන් සැලැකිය හැකිය. හිමාලය ප්‍රදේශයේත් ඉබෙක්ස් නමින් හැඳින්වෙන වල් එළුවෙක් (C. sibirica) දක්නට ලැබේ. දුඹුරු ලෝම සහිත පිට සමට යටින් තවත් ඝන සමක් තිබෙන බැවින් මේ වල් එළුවාට අධික ශීතල දැරිය හැකිය. ඌ ඉතා පරීක්ෂ්‍යකාරී සතෙකි. උගේ සතුරකු වන හිම කොටියා (අවුන්සයා බ.) ගැන ඌ නිතර ම සෝදිසියෙන් සිටී.
+
ඇල්ප්ස් හා ඇපිනයින් කඳුවැටිවල දක්නට ලැබෙන කප්රා ඉබෙක්ස් (Capra ibex) ද පිරනීස් කඳුවැටියෙහි දක්නට ලැබෙන කප්රා පිරෙනයිකා (C. pyrenaica) ද කොකේසස් කඳුවැටියෙහි දක්නට ලැබෙන කප්රා එයෙගග්රුස් (C. aegagrus) ද ප්‍රකට ඉබෙක්ස් විශේෂ වේ.
 +
 
 +
අන්තිමට සඳහන් කළ විශේෂය දැන් දක්නට ලැබෙන හීලෑ එළුවන්ගේ මුතුන්මිත්තන් වශයෙන් සැලැකිය හැකිය. හිමාලය ප්‍රදේශයේත් ඉබෙක්ස් නමින් හැඳින්වෙන වල් එළුවෙක් (C. sibirica) දක්නට ලැබේ. දුඹුරු ලෝම සහිත පිට සමට යටින් තවත් ඝන සමක් තිබෙන බැවින් මේ වල් එළුවාට අධික ශීතල දැරිය හැකිය. ඌ ඉතා පරීක්ෂ්‍යකාරී සතෙකි. උගේ සතුරකු වන හිම කොටියා ([[අවුන්සයා]] බ.) ගැන ඌ නිතර ම සෝදිසියෙන් සිටී.
 +
 
ඇල්ප්ස් කඳුවල ජීවත් වන ඉබෙක්ස් ස්ටයින්බොක් යන නාමයෙන් ද හැඳින්වේ. කුඩා අවධියේ දී අල්ලාගත හොත් ඌ පහසුවෙන් හීලෑ කරගත හැකිය. එහෙත් ඌ එක ම ස්ථානයක තබාගත නොහැකිය. උස් වැටකින් හෝ තාප්පයකින් පැන පිට වී වහලවල් උඩට නැඟ එහා මෙහා පැන පැන යාමට ඌ කැමතිය. පර්සියානු ඉබෙක්ස්ගේ ආමාශයේ තිබෙන ඝන පිණ්ඩ විෂනාශක ඖෂධයක් ලෙස අතීතයේ දී භාවිතා කරන ලදි.
 
ඉබෙක්ස් වල් එළුවා මමාලියා වර්ගයෙහි ආටියොඩක්ටිලා (බ.) ගෝත්‍රයෙහි බොවිඩෙ (Bovidae) කුලයට අයත්ය.
+
 
 +
ඉබෙක්ස් වල් එළුවා මමාලියා වර්ගයෙහි [[ආටියොඩක්ටිලා]] (බ.) ගෝත්‍රයෙහි බොවිඩෙ (Bovidae) කුලයට අයත්ය.
  
(සංස්කරණය: 1970)
 
(සංස්කරණය: 1970)

16:06, 28 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය

(අයිබෙක්ස්). පුරාණ ලෝකයේ උස් කඳුකර ප්‍රදේශවල ජීවත් වන වල්එළු විශේෂ කිහිපයකට මේ නම භාවිත වේ. ඉස්සරහින් හරස්වැටි වැටුණු වක්‍ර වූ අං මොවුන්ට ඇත. මේ එළුවන්ගේ අං දිගය. ගෑනු සතුන්ගේ අං කෙටිය; සෘජුය.

ඇල්ප්ස් හා ඇපිනයින් කඳුවැටිවල දක්නට ලැබෙන කප්රා ඉබෙක්ස් (Capra ibex) ද පිරනීස් කඳුවැටියෙහි දක්නට ලැබෙන කප්රා පිරෙනයිකා (C. pyrenaica) ද කොකේසස් කඳුවැටියෙහි දක්නට ලැබෙන කප්රා එයෙගග්රුස් (C. aegagrus) ද ප්‍රකට ඉබෙක්ස් විශේෂ වේ.

අන්තිමට සඳහන් කළ විශේෂය දැන් දක්නට ලැබෙන හීලෑ එළුවන්ගේ මුතුන්මිත්තන් වශයෙන් සැලැකිය හැකිය. හිමාලය ප්‍රදේශයේත් ඉබෙක්ස් නමින් හැඳින්වෙන වල් එළුවෙක් (C. sibirica) දක්නට ලැබේ. දුඹුරු ලෝම සහිත පිට සමට යටින් තවත් ඝන සමක් තිබෙන බැවින් මේ වල් එළුවාට අධික ශීතල දැරිය හැකිය. ඌ ඉතා පරීක්ෂ්‍යකාරී සතෙකි. උගේ සතුරකු වන හිම කොටියා (අවුන්සයා බ.) ගැන ඌ නිතර ම සෝදිසියෙන් සිටී.

ඇල්ප්ස් කඳුවල ජීවත් වන ඉබෙක්ස් ස්ටයින්බොක් යන නාමයෙන් ද හැඳින්වේ. කුඩා අවධියේ දී අල්ලාගත හොත් ඌ පහසුවෙන් හීලෑ කරගත හැකිය. එහෙත් ඌ එක ම ස්ථානයක තබාගත නොහැකිය. උස් වැටකින් හෝ තාප්පයකින් පැන පිට වී වහලවල් උඩට නැඟ එහා මෙහා පැන පැන යාමට ඌ කැමතිය. පර්සියානු ඉබෙක්ස්ගේ ආමාශයේ තිබෙන ඝන පිණ්ඩ විෂනාශක ඖෂධයක් ලෙස අතීතයේ දී භාවිතා කරන ලදි.

ඉබෙක්ස් වල් එළුවා මමාලියා වර්ගයෙහි ආටියොඩක්ටිලා (බ.) ගෝත්‍රයෙහි බොවිඩෙ (Bovidae) කුලයට අයත්ය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉබෙක්ස්&oldid=7923" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි