"ඇක්විටේනියා" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('නිරිත දිග ගෝල් (බ.) ප්‍රදේශයෙහි රෝම අධිකරණයට අ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
නිරිත දිග [[ගෝල්]] (බ.) ප්‍රදේශයෙහි රෝම අධිකරණයට අයිතිව පැවති පළාතකි. ජූලියස් සීසර් අධිරාජයාගේ කාලයේ දී (ක්‍රි.පූ. 102-44) මෙනමින් හඳුන්වන ලද්දේ පිරනීස් කඳු වැටියත් ගරොන් ගඟත් අතර භූමි ප්‍රදේශයයි. එකල මෙහි අයිබිරියානු ජාතීන්ට අයත් ජනතාවක් වාසය කළහ. ක්‍රි.පූ. 56 දී සීසර්ගේ සෙන්පතියකු විසින් මේ ප්‍රදේශය යටත් කර ගන්නා ලදි. ඔගස්ටස් අධිරාජයාගේ කාලයේ දී (ක්‍රි.පූ. 63–ක්‍රි.ව. 14) උතුරින් ල්වාර් ගඟ දක්වාත් නැගෙනහිරින් අල්ලේ ගඟ දක්වාත් විහිදී ගොස් විශාල ප්‍රදේශයක් බවට පැමිණි ඇක්විටේනියාවේ අගනුවර වූයේ මධ්‍යම ප්‍රංසයේ බුර්ෂ් නගරයයි. තුන්වන සිය වසේ දී මේ ප්‍රදේශය ඇක්විටේනියා ප්‍රීමා, ඇක්විටේනියා සෙකුන්ඩා, ඇක්විටේනියා ට'ෂියා (හෙවත් නෝවම් පොප්‍යුලේනා) යයි කොටස් තුනකට බෙදන ලදි. බුෂ්, බෝර්ඩෝ සහ ඒයෝස් යන නගර පිළිවෙළින් මේ කොටස්වල අගනුවරවල් විය. එකල දියුණු තත්වයක පැවැති ඇක්විටේනියාවේ ආර්ථික සංවර්ධනය ඇති වූයේ ඒ ඒ ගම්වලින් හා බෝර්ඩෝ වරායෙන් ලැබුණු ආදායමත් වළං කර්මාන්තයෙන් හා පිරනීස් කඳුකරයෙහි රන්, යකඩ සහ තඹ ආකරවලින් ලැබුණු ආදායමත් හේතුකොටගෙනය. | නිරිත දිග [[ගෝල්]] (බ.) ප්‍රදේශයෙහි රෝම අධිකරණයට අයිතිව පැවති පළාතකි. ජූලියස් සීසර් අධිරාජයාගේ කාලයේ දී (ක්‍රි.පූ. 102-44) මෙනමින් හඳුන්වන ලද්දේ පිරනීස් කඳු වැටියත් ගරොන් ගඟත් අතර භූමි ප්‍රදේශයයි. එකල මෙහි අයිබිරියානු ජාතීන්ට අයත් ජනතාවක් වාසය කළහ. ක්‍රි.පූ. 56 දී සීසර්ගේ සෙන්පතියකු විසින් මේ ප්‍රදේශය යටත් කර ගන්නා ලදි. ඔගස්ටස් අධිරාජයාගේ කාලයේ දී (ක්‍රි.පූ. 63–ක්‍රි.ව. 14) උතුරින් ල්වාර් ගඟ දක්වාත් නැගෙනහිරින් අල්ලේ ගඟ දක්වාත් විහිදී ගොස් විශාල ප්‍රදේශයක් බවට පැමිණි ඇක්විටේනියාවේ අගනුවර වූයේ මධ්‍යම ප්‍රංසයේ බුර්ෂ් නගරයයි. තුන්වන සිය වසේ දී මේ ප්‍රදේශය ඇක්විටේනියා ප්‍රීමා, ඇක්විටේනියා සෙකුන්ඩා, ඇක්විටේනියා ට'ෂියා (හෙවත් නෝවම් පොප්‍යුලේනා) යයි කොටස් තුනකට බෙදන ලදි. බුෂ්, බෝර්ඩෝ සහ ඒයෝස් යන නගර පිළිවෙළින් මේ කොටස්වල අගනුවරවල් විය. එකල දියුණු තත්වයක පැවැති ඇක්විටේනියාවේ ආර්ථික සංවර්ධනය ඇති වූයේ ඒ ඒ ගම්වලින් හා බෝර්ඩෝ වරායෙන් ලැබුණු ආදායමත් වළං කර්මාන්තයෙන් හා පිරනීස් කඳුකරයෙහි රන්, යකඩ සහ තඹ ආකරවලින් ලැබුණු ආදායමත් හේතුකොටගෙනය. | ||
| − | ක්‍රි.ව. 419 දී පමණ විසිගොත්වරුන් විසින් ඇක්විටේනියාව යටත් කරගන්නා ලදි. ක්‍රි.ව. 507 දී දෙවන ඇලරික් නමැති විසිගොත් රජු ක්ලෝවිස් නමැති ෆ්රෑන්ක් රජු විසින් පරදවනු ලැබීමෙන් පසු මේ ප්‍රදේශය | + | ක්‍රි.ව. 419 දී පමණ විසිගොත්වරුන් විසින් ඇක්විටේනියාව යටත් කරගන්නා ලදි. ක්‍රි.ව. 507 දී දෙවන ඇලරික් නමැති විසිගොත් රජු ක්ලෝවිස් නමැති ෆ්රෑන්ක් රජු විසින් පරදවනු ලැබීමෙන් පසු මේ ප්‍රදේශය ෆ්රෑන්ක්වරුන්ගේ කොටසක් බවට පත් විය. (පසුකාලයේ ඉතිහාසය සඳහා [[ඇක්විටේන්]] බ.) |
(සංස්කරණය: 1967) | (සංස්කරණය: 1967) | ||
15:20, 6 මැයි 2025 වන විට නවතම සංශෝධනය
නිරිත දිග ගෝල් (බ.) ප්‍රදේශයෙහි රෝම අධිකරණයට අයිතිව පැවති පළාතකි. ජූලියස් සීසර් අධිරාජයාගේ කාලයේ දී (ක්‍රි.පූ. 102-44) මෙනමින් හඳුන්වන ලද්දේ පිරනීස් කඳු වැටියත් ගරොන් ගඟත් අතර භූමි ප්‍රදේශයයි. එකල මෙහි අයිබිරියානු ජාතීන්ට අයත් ජනතාවක් වාසය කළහ. ක්‍රි.පූ. 56 දී සීසර්ගේ සෙන්පතියකු විසින් මේ ප්‍රදේශය යටත් කර ගන්නා ලදි. ඔගස්ටස් අධිරාජයාගේ කාලයේ දී (ක්‍රි.පූ. 63–ක්‍රි.ව. 14) උතුරින් ල්වාර් ගඟ දක්වාත් නැගෙනහිරින් අල්ලේ ගඟ දක්වාත් විහිදී ගොස් විශාල ප්‍රදේශයක් බවට පැමිණි ඇක්විටේනියාවේ අගනුවර වූයේ මධ්‍යම ප්‍රංසයේ බුර්ෂ් නගරයයි. තුන්වන සිය වසේ දී මේ ප්‍රදේශය ඇක්විටේනියා ප්‍රීමා, ඇක්විටේනියා සෙකුන්ඩා, ඇක්විටේනියා ට'ෂියා (හෙවත් නෝවම් පොප්‍යුලේනා) යයි කොටස් තුනකට බෙදන ලදි. බුෂ්, බෝර්ඩෝ සහ ඒයෝස් යන නගර පිළිවෙළින් මේ කොටස්වල අගනුවරවල් විය. එකල දියුණු තත්වයක පැවැති ඇක්විටේනියාවේ ආර්ථික සංවර්ධනය ඇති වූයේ ඒ ඒ ගම්වලින් හා බෝර්ඩෝ වරායෙන් ලැබුණු ආදායමත් වළං කර්මාන්තයෙන් හා පිරනීස් කඳුකරයෙහි රන්, යකඩ සහ තඹ ආකරවලින් ලැබුණු ආදායමත් හේතුකොටගෙනය.
ක්‍රි.ව. 419 දී පමණ විසිගොත්වරුන් විසින් ඇක්විටේනියාව යටත් කරගන්නා ලදි. ක්‍රි.ව. 507 දී දෙවන ඇලරික් නමැති විසිගොත් රජු ක්ලෝවිස් නමැති ෆ්රෑන්ක් රජු විසින් පරදවනු ලැබීමෙන් පසු මේ ප්‍රදේශය ෆ්රෑන්ක්වරුන්ගේ කොටසක් බවට පත් විය. (පසුකාලයේ ඉතිහාසය සඳහා ඇක්විටේන් බ.)
(සංස්කරණය: 1967)