"ඉරාකය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('නිරිත දිග ආසියාවෙහි තුර්කිය, ඉරානය, කුවයිට්, ස...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
45 පේළිය: 45 පේළිය:
 
නවශිලා යුගයත් ඓතිහාසික යුගයත් අතර වූ කාලය මූල-ඓතිහාසික යුගය යනුවෙන් හැඳින්වේ. මූල-ඓතිහාසික යුගය ප්‍රධාන වශයෙන් කාලපරිච්ඡේද පහකට බෙදා දක්වා ඇත. කාලනිර්ණය අනුව මෙම සභ්‍යත්වයන් පිළිවෙළින් මෙසේ දැක්විය හැකිය. හස්සූනා-සමර්රා, හලා‍ෆ්, උබයිද්, උරුක් සහ ජේම්දෙත්-නසර් යනුවෙනි. ප්‍රථම සභ්‍යත්වයන් දෙක ක්‍රි.පූ. 5 වැනි සහස්‍රවර්ෂය මුළුල්ලේ ම පැවතුණි. උබයිද් සභ්‍යත්වය අයත් වන්නේ ක්‍රි.පූ. 4 වැනි සහස්‍රවර්ෂයටයි. උරුක් සභ්‍යත්වය ක්‍රි.පූ. 3300-3100 කාලයටත් ජේම්දෙත්-නසර් සභ්‍යත්වය ක්‍රි.පූ. 3100-2800 කාලයටත් අයත් යයි සාමාන්‍ය වශයෙන් පිළිගැනේ. මෙම සභ්‍යත්වයන් සියල්ල මෙසපොටේමියාව පුරා ම පැතිරී තිබුණේ නැත. ප්‍රථම සභ්‍යත්ව දෙක උතුරටත් අවසාන සභ්‍යත්ව දෙක දකුණටත් යනුවෙන් සීමා වී තිබුණි. මෙම සභ්‍යත්ව ඒ එක එකට ම පමණක් සීමා වූ විශේෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වේ.  
 
නවශිලා යුගයත් ඓතිහාසික යුගයත් අතර වූ කාලය මූල-ඓතිහාසික යුගය යනුවෙන් හැඳින්වේ. මූල-ඓතිහාසික යුගය ප්‍රධාන වශයෙන් කාලපරිච්ඡේද පහකට බෙදා දක්වා ඇත. කාලනිර්ණය අනුව මෙම සභ්‍යත්වයන් පිළිවෙළින් මෙසේ දැක්විය හැකිය. හස්සූනා-සමර්රා, හලා‍ෆ්, උබයිද්, උරුක් සහ ජේම්දෙත්-නසර් යනුවෙනි. ප්‍රථම සභ්‍යත්වයන් දෙක ක්‍රි.පූ. 5 වැනි සහස්‍රවර්ෂය මුළුල්ලේ ම පැවතුණි. උබයිද් සභ්‍යත්වය අයත් වන්නේ ක්‍රි.පූ. 4 වැනි සහස්‍රවර්ෂයටයි. උරුක් සභ්‍යත්වය ක්‍රි.පූ. 3300-3100 කාලයටත් ජේම්දෙත්-නසර් සභ්‍යත්වය ක්‍රි.පූ. 3100-2800 කාලයටත් අයත් යයි සාමාන්‍ය වශයෙන් පිළිගැනේ. මෙම සභ්‍යත්වයන් සියල්ල මෙසපොටේමියාව පුරා ම පැතිරී තිබුණේ නැත. ප්‍රථම සභ්‍යත්ව දෙක උතුරටත් අවසාන සභ්‍යත්ව දෙක දකුණටත් යනුවෙන් සීමා වී තිබුණි. මෙම සභ්‍යත්ව ඒ එක එකට ම පමණක් සීමා වූ විශේෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වේ.  
  
නාගරික විප්ලවය-සුමේරියානු ශිෂ්ටාචාරයේ උපත: ඉහත සඳහන් සභ්‍යත්ව අතුරින් උබයිද් සභ්‍යත්වය උතුරටත් දකුණටත් පොදු වූවකි. එමෙන් ම එම සභ්‍යත්වය එයට පෙර පැවති සභ්‍යත්ව සියල්ලට ම වඩා වැදගත් කොට සලකනු ලැබේ. මූල-ඓතිහාසික සභ්‍යත්ව සියල්ල මෙන් ම මෙම සභ්‍යත්වය ද අලුත් ජනකොටසකගේ සංක්‍රමණයෙන් බිහි වූවකි. උබයිද් සභ්‍යත්වය ගොඩනැඟෙන්නට ඇත්තේ යුප්‍රටීස්-ටයිග්‍රිස් ඩෙල්ටාව වියළි පෙදෙසක් වූ පසු ඉරාන දේශයෙන් එහි පැමිණ පදිංචි වූ පිරිසකගේ අතින් යයි සිතීමට ඉඩ තිබේ. උබයිද් සභ්‍යත්වයෙන් පසු යුගයේ සංස්කෘතික දියුණුව ඉතා ශීඝ්‍රව සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දකුණු පෙදෙස උතුරට වඩා මහත් දියුණුවක් දුටුවේය. මෙම ශීඝ්‍ර දියුණුවේ ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රි.පූ. 2800 දී පමණ දකුණු ඉරාකයේ නාගරික සභ්‍යත්වයක් පහළ විය. මෙම නාගරික විප්ලවයට මුල් පදනම වැටුණේ උරුක් හා ජේම්දෙත්-නසර් සභ්‍යත්වයන්ගෙනි. මෙම නාගරික සභ්‍යත්වය සුමේරියානු ශිෂ්ටාචාරය ලෙසින් හැඳින්වේ. සුමේරියානු ශිෂ්ටාචාරය ගොඩනඟන ලද්දේ කවුරුන් විසින් ද යන්න පිළිබඳව මතභේදයක් ඇත. සුමේරියානු ශිෂ්ටාචාරය ගොඩනැඟු  පුද්ගලයන් මිශ්‍ර ජාතියකැයි බොහෝදෙනා පිළිගනිති. දකුණු ඉරාකය දියුණු වූයේ කෘත්‍රිම වාරිමාර්ග ක්‍රම ආශ්‍රයෙනි. මෙවැනි වාරි මාර්ග ක්‍රම සැපයීමටත් ඒවා මැනවින් රැකබලා පවත්වා ගෙනයාමටත් විශාල ජන සංඛ්‍යාවකගේ ඒකාබද්ධ පරිශ්‍රමය අවශ්‍ය විය. එබඳු ඒකාබද්ධතාවක් ඇති කරලීමේ දී ධනය හා බලය සුළු පිරිසක් අත සංකේන්ද්‍රිත වීම ස්වභාවයෙන් ම සිදු වන්නකි. කෘත්‍රිම වාරිමාර්ග ආශ්‍රයෙන් දකුණු ඉරාකයේ වැසියනට තමන්ට වුවමනා තරමට වඩා විශාල ප්‍රමාණයක් ද්‍රව්‍ය නිෂ්පාදනය කළ හැකි විය. මෙම අතිරික්තයේ හේතුවෙන් හුදෙක් ජීවත්වීම සඳහා නිෂ්පාදනයෙහි පමණක් ම නොයෙදී වෙනත් කාර්යයන්හි නියුතු වීමට කාලය හා ධනය ඇති පිරිසක් බිහි වූහ. මෙයින් පසුව නොයෙකුත් නවාංග මෙසපොටේමියාවේ පහළ වන්නට විය. මැටි බඳුන් තැනීමේ අලුත් ක්‍රම, කුඹල්සක, සිලින්ඩරාකාර මුද්‍රා සහ විශේෂයෙන් ම ලේඛන ක්‍රමයක් ද ඒ අතර විය. මෙම සොයාගැනීම් හදිසි විප්ලවයක ප්‍රතිඵල නොව කාලාන්තරයක් තිස්සේ වූ විකාසනයක ප්‍රතිඵල බව මූල-ඓතිහාසික සභ්‍යත්වයන් පිරික්සීමෙන් පැහැදිලි වේ. සුමේරියානු ශිෂ්ටාචාරය මෑත පෙරදිග වෙනත් ශිෂ්ටාචාරයන්ගේ දියුණුවට අනුබලයක් වී යයි පිළිගැනී ඇත. මිසරය, චීනය හා ඉන්දියාව යන රටවල ඇති වූ නාගරික ශිෂ්ටාචාරයනුත් සුමේරියානු ශිෂ්ටාචාරයත් අතර සාම්‍යයක් දැකිය හැකිය. මේ ශිෂ්ටාචාර සියල්ල ම නාගරික ශිෂ්ටාචාර වූ අතර ඒවා දියුණු වූයේ ගංගාවන් ආශ්‍රිතවය.
+
'''නාගරික විප්ලවය-සුමේරියානු ශිෂ්ටාචාරයේ උපත'''
 +
 
 +
ඉහත සඳහන් සභ්‍යත්ව අතුරින් උබයිද් සභ්‍යත්වය උතුරටත් දකුණටත් පොදු වූවකි. එමෙන් ම එම සභ්‍යත්වය එයට පෙර පැවති සභ්‍යත්ව සියල්ලට ම වඩා වැදගත් කොට සලකනු ලැබේ. මූල-ඓතිහාසික සභ්‍යත්ව සියල්ල මෙන් ම මෙම සභ්‍යත්වය ද අලුත් ජනකොටසකගේ සංක්‍රමණයෙන් බිහි වූවකි. උබයිද් සභ්‍යත්වය ගොඩනැඟෙන්නට ඇත්තේ යුප්‍රටීස්-ටයිග්‍රිස් ඩෙල්ටාව වියළි පෙදෙසක් වූ පසු ඉරාන දේශයෙන් එහි පැමිණ පදිංචි වූ පිරිසකගේ අතින් යයි සිතීමට ඉඩ තිබේ. උබයිද් සභ්‍යත්වයෙන් පසු යුගයේ සංස්කෘතික දියුණුව ඉතා ශීඝ්‍රව සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දකුණු පෙදෙස උතුරට වඩා මහත් දියුණුවක් දුටුවේය. මෙම ශීඝ්‍ර දියුණුවේ ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රි.පූ. 2800 දී පමණ දකුණු ඉරාකයේ නාගරික සභ්‍යත්වයක් පහළ විය. මෙම නාගරික විප්ලවයට මුල් පදනම වැටුණේ උරුක් හා ජේම්දෙත්-නසර් සභ්‍යත්වයන්ගෙනි. මෙම නාගරික සභ්‍යත්වය සුමේරියානු ශිෂ්ටාචාරය ලෙසින් හැඳින්වේ. සුමේරියානු ශිෂ්ටාචාරය ගොඩනඟන ලද්දේ කවුරුන් විසින් ද යන්න පිළිබඳව මතභේදයක් ඇත. සුමේරියානු ශිෂ්ටාචාරය ගොඩනැඟු  පුද්ගලයන් මිශ්‍ර ජාතියකැයි බොහෝදෙනා පිළිගනිති. දකුණු ඉරාකය දියුණු වූයේ කෘත්‍රිම වාරිමාර්ග ක්‍රම ආශ්‍රයෙනි. මෙවැනි වාරි මාර්ග ක්‍රම සැපයීමටත් ඒවා මැනවින් රැකබලා පවත්වා ගෙනයාමටත් විශාල ජන සංඛ්‍යාවකගේ ඒකාබද්ධ පරිශ්‍රමය අවශ්‍ය විය. එබඳු ඒකාබද්ධතාවක් ඇති කරලීමේ දී ධනය හා බලය සුළු පිරිසක් අත සංකේන්ද්‍රිත වීම ස්වභාවයෙන් ම සිදු වන්නකි. කෘත්‍රිම වාරිමාර්ග ආශ්‍රයෙන් දකුණු ඉරාකයේ වැසියනට තමන්ට වුවමනා තරමට වඩා විශාල ප්‍රමාණයක් ද්‍රව්‍ය නිෂ්පාදනය කළ හැකි විය. මෙම අතිරික්තයේ හේතුවෙන් හුදෙක් ජීවත්වීම සඳහා නිෂ්පාදනයෙහි පමණක් ම නොයෙදී වෙනත් කාර්යයන්හි නියුතු වීමට කාලය හා ධනය ඇති පිරිසක් බිහි වූහ. මෙයින් පසුව නොයෙකුත් නවාංග මෙසපොටේමියාවේ පහළ වන්නට විය. මැටි බඳුන් තැනීමේ අලුත් ක්‍රම, කුඹල්සක, සිලින්ඩරාකාර මුද්‍රා සහ විශේෂයෙන් ම ලේඛන ක්‍රමයක් ද ඒ අතර විය. මෙම සොයාගැනීම් හදිසි විප්ලවයක ප්‍රතිඵල නොව කාලාන්තරයක් තිස්සේ වූ විකාසනයක ප්‍රතිඵල බව මූල-ඓතිහාසික සභ්‍යත්වයන් පිරික්සීමෙන් පැහැදිලි වේ. සුමේරියානු ශිෂ්ටාචාරය මෑත පෙරදිග වෙනත් ශිෂ්ටාචාරයන්ගේ දියුණුවට අනුබලයක් වී යයි පිළිගැනී ඇත. මිසරය, චීනය හා ඉන්දියාව යන රටවල ඇති වූ නාගරික ශිෂ්ටාචාරයනුත් සුමේරියානු ශිෂ්ටාචාරයත් අතර සාම්‍යයක් දැකිය හැකිය. මේ ශිෂ්ටාචාර සියල්ල ම නාගරික ශිෂ්ටාචාර වූ අතර ඒවා දියුණු වූයේ ගංගාවන් ආශ්‍රිතවය.
  
 
'''ඵෙතිහාසික යුගය'''
 
'''ඵෙතිහාසික යුගය'''

11:44, 4 ජූනි 2025 තෙක් සංශෝධනය

නිරිත දිග ආසියාවෙහි තුර්කිය, ඉරානය, කුවයිට්, සවුදි අරාබිය, සිරියාව හා ජෝර්දානය යන රාජ්‍යයන්ට මැදිව උත්තර අක්ෂාංශ 29˚ 30’ හා 38˚ත් නැගෙනහිර දේශාංශ 37˚ 30’ හා 51˚ 30’ත් ආශ්‍රිතව පිහිටි රාජ්‍යයයි. 1863ට පෙර තුර්කි රාජ්‍යය යටතෙහි පැවැති මෝසුල්, බැග්ඩෑඩ් හා බස්රා යන ප්‍රදේශ එක් කොට ප්‍රථම ජගත් සංග්‍රාමයෙන් පසු පිහිටුවන ලද ඉරාකය වර්ග සැතැපුම් 169,240ක් පමණ විශාලය. එහි ජනගහනය (1965) 8,261,527කි. පාලන කටයුතු සඳහා ‘ලීවා’ නම් වූ පළාත් 14කට රට බෙදා තිබේ. රටේ අගනුවර බැග්ඩෑඩ්ය (බ.).

එක් අතකින් සැග්රොස් මහා කඳුවැටියට ද අනෙක් අතින් අරාබි සානුවට ද මැදි වූ විශාල නිම්නයක පිහිටි ඉරාකය ප්‍රධාන වශයෙන් ටයිග්‍රිස් හා යුප්‍රටීස් ගංගා ද ඒවායේ අතුගංගා ද ආශ්‍රිත ගංගාධාරයෙන් යුක්ත වේ. ටයිග්‍රිස් ගංගාවෙන් නැගෙනහිර දෙස ඉරාකයේ ප්‍රධාන උස් බිම් හා කඳු පිහිටා ඇත. බැග්ඩෑඩ් නගරයට උතුරින් යුප්‍රටීස් හා ටයිග්‍රිස් ගංගා අතර ප්‍රදේශය ජසිරා නමින් හැඳින්වේ. යුප්‍රටීස් ගඟට බටහිරින් හා දකුණින් පිහිටි ප්‍රදේශය මහා වියළි සානුවකි. ටයිග්‍රිස්-යුප්‍රටීස් ඩෙල්ටාව ඇතුළු දියළු තැන්න අනෙක් භූගෝලීය ප්‍රදේශයයි.

ඉරාකයේ කඳුකරය ටයිග්‍රිස් නිම්නයේ සිට දළ වශයෙන් ඊසාන දෙසට නැග්ම ඇති එකිනෙකට ක්‍රමයෙන් උස් වූ සෝපාන පෙළක් වැනි කඳුවැටි කීපයකින් යුත් වූවකි. ටයිග්‍රිස් ගඟට සමීප ප්‍රදේශ මුහුදු මට්ටමේ සිට අඩි 700කට වඩා උස් නොවූවද ඉරාන-ඉරාක දේශසීමාව ආශ්‍රිතව පිහිටි කඳුවැටි අඩි 12,000ක් පමණ උසය. මේ කඳු සැග්රොස් කඳු පන්තියෙහි ම කොටසකි. කිර්කූක්, කි‍ෆ්රි හා ආර්බිල් යන නගරයන්ට නැගෙනහිරින් වූ ප්‍රදේශය වැලිගලින් සැදි රළු බිමින් යුත් වූවකි. මෙතැන් සිට පර්සියානු දේශසිමාවෙහි පිහිටි දකුණු කුර්දිස්ථාන් කඳු වැටි දක්වා භූමිය ශීඝ්‍රව උස් වේ. දකුණ කුර්දිස්ථාන් කඳු අඩි 11,000-14,000ක් උසය. ටයිග්‍රිස් ගඟෙහි අතු ගංගා වන සැබ්, කුඩා සැබ්, ඩියාලා හා සුලෙයිමානියා යන ගංගා කුර්දිස්ථාන් කඳුවලින් පටන් ගනී. මන්ඩේලිහි සිටි ෆාතා දක්වා වයඹ දිග සිට ගිනිකොන දිගට විහිදි ජෙබල්හිම්රින් නම් කඳු වැටිය හරහා කඳුකරයේ සිට ගලා බසින ගංගා නිසා ඇති වී තිබෙන කපොලු කීපයකි. ජෙබල් හිම්රින් හා ෆාතා දොරුව ඉන් ප්‍රධාන වේ.

ටයිග්‍රිස් හා යුප්‍රටීස් ගංගාවන්ගේ ඉහළ කොටස් හා ඒ අවට වූ කුඩා අතු ගංගාවන් නිසා ජලයෙන් වට වූ දූපතක් බඳු වූ හෙයින් ‘ජසිරා’ නම් වූ භූගෝලීය ප්‍රදේශයෙහි කඳුවැටි මෙන් ම විශාල පහත් බිම් ද ඇත. මෝසුල් නගරයට බටහිරින් විහිදි ජෙබල් සින්ජාර් මෙහි ඉතා ම උස් කඳු වැටියයි. මෙම වැටියෙහි චිල් මිරාන් ශිඛරය මුහුදු මට්ටමේ සිට අඩි 4,800ක් උසය. මීට දකුණින් පිහිටි ජෙබල් මකුල් කඳුවැටිය උසින් අඩි 300 නොඉක්මවයි. ජසිරාහි වාඩි අල්තාර්තාර්, වාඩි ඉබ්රා හා වාඩි තරයිතීර් ආදි නිම්න කීපයක් ම ඇත. ටයිග්‍රිස් පැත්තෙන් ඉස්තාබිලා හා යුප්‍රටීස් පැත්තෙන් හිට් නම් ස්ථානය ද අතරෙහි වූ මහා වළක තාර්තාර් විල පිහිටා තිබේ.

ඉරාකයේ බටහිර සානුව නියම වශයෙන් අරාබි අර්ධද්වීපික සානුවෙහි ම කොටසකි. මෙහි සාමාන්‍ය උස අඩි 400ක් පමණ වේ. ගල් සහිත මෙහි තැනින් තැන වැල්ලෙන් පිරුණ වළවල් තිබේ. වාඩි නම් වු කුඩා නිම්න රාශියකින් සානුව විෂම වී ගොස් ඇත. සැතැපුම් 215ක් පමණ දිග වාඩි හරාන් ඉන් ඉතා ම දිග නිම්නයයි. බස්රා නගරයට නිරිත දිගින් සැතැපුම් 30ක් පමණ දිගට විහිදි ජෙබල් සනාම් නම් කඳුවැටියකි. සුබායිර්හි සිට අබු කමල් දක්වා ප්‍රසිද්ධ උල්පත් රැසක් ඇත. මේ උල්පත්වල මෙන් ම අන්තන්හි ඇති උල්පත්වල ද ජලය බහුල වනුයේ වර්ෂා කාලයන්හි දී පමණි. ෂාෆාතාහි තරමක විශාල ක්ෂේම භූමියක් ඇත.

ටයිග්‍රිස්-යුප්‍රටීස් ඩෙල්ටාව මෙහි ඉතා ම දියුණු භූගෝලීය ප්‍රදේශයයි. යුප්‍රටීස් නිම්නයේ හිට් හා ටයිග්‍රිස් නිම්නයේ බෙලෙද් නම් ස්ථාන මෙම දියළු තැන්නෙහි උතුරු සීමාව යැයි කිව හැකිය. ටයිග්‍රිස්, යුප්‍රටීස්, කාරූන් අල්-බාටන් යන ගංගාවන්ගෙන් එක් වන දියළු පස් නිසා මෙම දියළු තැන්න අවුරුදු පතා වැඩේ. ගංගාවන් උතුරා යෑම නිසා මෙහි වගුරු බිම් බොහෝය.

දේශගුණය

ඉරාකය සාමාන්‍යයෙන් වියළි, උෂ්ණ රටකි. ග්‍රීෂ්ම ඍතුවේ සාමාන්‍ය උෂ්ණත්වය පැ. 100˚ක් පමණ වේ. ග්‍රීෂ්ම ඍතුවේ දී මධ්‍යාහ්න උෂ්ණත්වයෙන් මිදීමට බොහෝ ඉරාක වාසීහු පොළොව හාරා සාදනු ලබන ‘සාරාදීබ්’ නම් වූ ආවෘත ස්ථානයන්ට වදිති. ඉතා ම ශීත මාසය වන ජනවාරියේ දී සාමාන්‍ය මාසික උෂ්ණත්වය පැ. 49°කි. ඊශාන දිග ඉරාකය සෙසු පෙදෙස්වලට වඩා මඳක් සිසිල්ය. මධ්‍යධරණී මුහුද දෙසින් හමා එන සුළඟින් වැඩි වශයෙන් වර්ෂාපතනය ලැබේ. මධ්‍යම හා දකුණු ඉරාකයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 10-15ක් පමණ වන අතර උතුරු ඉරාකයට අඟල් 15-40ක් පමණ ලැබේ. විටින් විට ඉරාකය හරහා හමායන සැඩ වැලි කුණාටු ඇත.

ස්වාභාවික වෘක්ෂලතා

වර්ෂාපතනය මඳ හෙයින් ඉරාකයේ ශාක වර්ධනය ද හීනය. වර්ෂාව වැඩි උතුරෙහි කඳු බෑවුම්වල ඕක්, පෙයාර්, පොප්ලර් ආදි ගස් වැවේ. බටහිර හා දකුණු දිග ඉරාකයේ වියළි සානුවල බහුලව වැඩෙනුයේ මිටි පඳුරු හා තෘණ පමණි. වගුරු බිම්වල හා ගං ඉවුරුවල බොහෝ පන් වර්ග වැවේ. ඉරාකයේ වගුරු බිම්වල වැල්මී බහුලව දක්නට ලැබෙන ශාකයකි. කාන්තාරීය දේශගුණය පවත්නා පෙදෙස්වල පස අනුව ස්වාභාවික වෘක්ෂලතාදිය වැඩේ. බොහෝ තන්හි ඇත්තේ මිටි කටු පඳුරු හා තණ පමණි.

මෑතක් වන තුරු ඉරාකයේ සිංහයන්, පැස්බරුන් හා වල් බූරුවන් සිටි නමුත් දැන් උන් අභාවයට ගොස් ඇත. වල්බා, හිවල් හා මුව යන සත්ව වර්ග බහුලව දක්නට ලැබෙත්. පොල්කිච්චන්, දෙමළිත්තන්, වටුවන් ආදි පක්ෂීහු ඉරාකයේ බහුල වෙත්. රාජාලින් හා ගිජුලිහිණියෝ ද මෙහි වෙත්. සංක්‍රමණය වන පක්ෂීන් අතුරෙහි පාත්තයන්, සේරුන් හා තාරා වර්ග ප්‍රධානය. ටයිග්‍රිස් හා යුප්‍රටීස් ගංගාවන්හි පහළ කොටස්වල මෝරු (Ganges shark) සිටිත්. සෞඛ්‍යයට අහිතකර වූ ගෙමැස්සෝත් මදුරුවෝත් මෙහි බොහෝ වෙත්.

ඛනිජ

ඉරාකයේ ඛනිජ සම්පත් අතුරෙහි ප්‍රධාන වනුයේ ඛනිජ තෙල්ය. ඉරාක තෙල් කර්මාන්තයේ දියුණුව ඇති වූයේ 1914 දී ඔටෝමන් රජය ඉංග්‍රීසි-ජර්මන් කණ්ඩායමකට ඉරාකයේ තෙල් නිෂ්පාදන බලතල පවරා දීමෙන් පසුය. මුල දී කිර්කූක් අසල තෙල් ළිං කණින ලදි. පසුව ටයිග්‍රිස් නදියෙන් නැගෙනහිර පෙදෙසේ තෙල් නිෂ්පාදන කටයුතු අරඹන ලදි. යකඩ, තඹ, ඊයම්, රත්රන්, රිදී, තුත්තනාගම් හා ප්ලැටිනම් නිධි උතුරු පෙදෙස්වල ඇත. මෙහි ලුණු බහුලව ලැබේ.

ආර්ථික කටයුතු

ඉරාක වාසීහු ප්‍රධාන වශයෙන් කෘෂිකර්මයෙහි හා සත්ව පාලනයෙහි යෙදෙත්. ජෙබල් හිම්රින් කඳුවැටියට උතුරින් වූ පෙදෙස්වල වැසි ජලයෙන් ද ඊට දකුණින් වූ පෙදෙස්වල ජල සම්පාදන ක්‍රම උපයෝගී කරගැනීමෙන් ද ගොවිතැන් කරනු ලැබේ. ශීත ඍතුවේ වර්ෂාව නිසාත් මාර්තු-මැයි මාස අතර කාලයේ දී උතුරෙහි කඳුවල හිම දියවීමෙන් ගංදිය වැඩිවීම නිසාත් ජලය බහුලව ලැබෙන හෙයින් අවුරුද්දකට දෙවරක් අස්වැන්න රැස් කරගැනීමට හැකි වේ. ශරත් කාලයේ දී වගා කර ශීත ඍතුවෙන් පසුව වසන්තයේ දී නෙළාගන්නා බෝග අතර තිරිඟු, බාර්ලි, ලින්සීඩ් හා මෑ වර්ගයේ බෝග කීපයක් ප්‍රධාන වේ. වසන්තය අග දී වගා කර ගිම්හාන ඍතුව අග දී අස්වැන්න රැස් කරගන්නා බෝග අතර වී, කපු, ඉරිඟු, මිලට් හා මුං ප්‍රධාන වේ. බස්රා, ඔමාරා හා කර්බලා යන පළාත් හැරෙන්නට සෙසු පෙදෙස්වල තිරිඟු හා බාර්ලි වගාව දියුණුය. කුත්, හිල්ලා, බැග්ඩෑඩ්, දියාලා හා දිවානියා යන පළාත්වල ලින්සීඩ් ද මෝසුල්, ආර්බිල්, කිර්කූක් හා සුලෙයිමානියා යන පළාත්වල මෑ වර්ගයේ බෝග ද වැඩි වශයෙන් වගා කරනු ලැබේ. දිවානියා, ඔමාරා හා නසිරියා යන පළාත් වී, මිලට් හා ඉරිඟු වැවීම සම්බන්ධයෙන් ප්‍රධාන වේ. බැග්ඩෑඩ්, දියාලා, කුත්, රමාද් හා මෝසුල් කපු වවන ප්‍රධාන පළාත්ය. දෙහි දොඩම් වර්ගයේ පලතුරු හා දෙළුම්, ඔලිව්, පීච්, පෙයාර්, මිදි ආදි පලතුරු වර්ග රාශියක් ඉරාකයේ වගා කරනු ලැබේ. ලෝකයේ ඉතා වැඩි වශයෙන් රටඉඳි නිපදවන හා පිටරට යවන රට ඉරාකයයි. එහි රටඉඳි වර්ග 450ක් පමණ ඇත. ටයිග්‍රිස් නිම්නයේ සමාරා හා යුප්‍රටීස් නිම්නයේ ආනා යන ස්ථානයන්ට දකුණෙහි පිහිටි පෙදෙස් වැඩි වශයෙන් රටඉඳි වැවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධය. අග්නි දිග ඉරාකයේ කඳු පාමුල්හි දුම් වැවීම ඉතා දියුණුය. මෝසුල් අවට ප්‍රදේශයෙහි සීනි බීට් වැවීම අරඹා තිබේ.

එළු, බැටළු, ගව, ඔටු, අශ්ව ආදී සතුන් ඇති කිරීමෙන් ඉරාකයට විශාල ආදායමක් ලැබේ. වර්ෂාව ලැබෙන අන්දමට තණබිම් ඇති වන හෙයින් එඬේරුන්ට සිය පට්ටි දක්කාගෙන තැනින් තැන යෑමට සිදු වේ. උතුරුදිග ඉරාකයේ කඳු පෙදෙස්වල දිග රළු ලොම් ඇති බැටළුවන් ද වයඹ හා මැද පෙදෙස්වල මඳක් සියුම් කෙටි ලොම් ඇති බැටළුවන් ද දකුණුදිග තැනිතලාවන්හි ඉතා සියුම් කෙටි ලොම් ඇති බැටළුවන් ද ඇති කරත්. රට සෑම තන්හි ම පාහේ එළුවන් ඇති කරනු දක්නට ලැබේ. තවලම් සතුන් වශයෙන් මෙන්ම කිරි හා ලොම් පිණිස ද ඔටුවන් ඇති කරත්.

නිෂ්පාදන කර්මාන්ත

නිෂ්පාදන කර්මාන්ත දියුණු කිරීමට රුකුලක් වශයෙන් නොයෙකුත් පහසුකම් සැලසූ අණපනත් 1929 දී හා 1950 දී ක්‍රියාත්මක වීමෙන් පසු ඉරාකයේ විශාල කර්මාන්ත දියුණුවක් ඇති විය. යකඩ, තඹ, ක්‍රෝම් ආදි ලෝහ නිධි ඇති බව සොයාගෙන ඇතත් නිෂ්පාදන කර්මාන්තයන්ට ප්‍රමාණවත් අන්දමින් මෙම නිධි හාරාගැන්ම දියුණු වී නැත. ඉරාක ජනතාවට අවශ්‍ය යම් යම් පාරිභෝගික ද්‍රව්‍ය නිපදවිය හැකි සුළු කර්මාන්ත කෙරෙහි ඉරාකය ප්‍රථමයෙන් සැලකිලිමත් වී ඇත. කෘෂිකාර්මිකයන් උපදවන ද්‍රව්‍ය පාරිභෝගිකයා වෙත යැවීමට නිසිලෙස සැකසීම ද ගොඩනැගිලි කර්මාන්තය සඳහා අවශ්‍ය සිමෙන්ති හා ගඩොල් ආදි ද්‍රව්‍ය නිපදවීම ද ජනතාවගේ එදිනෙදා පරිහරණයට අවශ්‍ය රෙදිපිළී, සබන්, පාවහන්, ගිනිපෙට්ටි හා බීම වර්ග නිපදවීම ද බෙහෙවින් දියුණු වී තිබේ. ජූට් කර්මාන්තය ද මෙහි තරමක් දියුණුය. යකඩ හා වානේ කර්මාන්තය, විදුලි උපකරණ හා සංගීත භාණ්ඩ නිපදවීම ආදි කර්මාන්ත තවම වැඩිදියුණු වී නැත. පෝර හා සත්ව ආහාර නිපදවීම, භූමි වායුව හා ගෙන්දගම් කැණගැනීම, ඛනිජ තෙල් ශෝධනාගාර හා පරමාණු බල මධ්‍යස්ථාන පිහිටුවීම ආදිය කෙරෙහි ඉරාකයේ සැලකිල්ල යොමු වී තිබේ. වත්මන් ඉරාකයේ ජාතික ආදායමින් අර්ධයකට ද වඩා ලැබෙනුයේ ඛනිජ තෙල්වලිනි. හැරත් බොහෝ නිෂ්පාදන කර්මාන්තයන්ට අවශ්‍ය බලය සැපයීම සඳහා ද ඛනිජ තෙල් උපයෝගි කරගන්නා අතර ඒ සඳහා ජල විදුලිබලය ද යෙදිය හැකි වී තිබේ. ජල සම්පාදනය සමඟ ම ජල විදුලි බලය නිපදවීමේ කටයුතු ද දියුණු කරගෙන යනු ලැබේ. අවුරුදු පතා ඉරාකයේ ඇති වන ජලගැලීම් නැවැත්වීමටත් ගොවිබිම්වලට අවශ්‍ය ජලය ලබා ගැනීමටත් වැසි කාලයේ දී ලැබෙන ජලය රැකගැන්මට හා ජලවිදුලි බලය නිපදවීමටත් වාරි කර්මාන්ත දියුණු කරනු ලැබේ. මේ සඳහා විශේෂයෙන් ටයිග්‍රිස් හා යුප්‍රටීස් ගංගා මුල් කරගත් විශාල වාරිමාර්ග පද්ධතියක් ඇත. සාමර්රා, රමාදී, හින්දියා, කුත් හා දියාලා ප්‍රධාන වේලිවලින් සමහරකි. ඉහළ සැබ් නදිය හරහා බැඳි බෙක්මේ වේල්ල ද කුඩා සැබ් නදිය හරහා බැඳි දෝකාන් වේල්ල ද දියාලා ගඟ හරහා බැඳි දෙර්බෙන්දි වේල්ල ද මුල් කරගෙන සංවිධානය කර ඇති විශාල වාරිමාර්ග ව්‍යාපාර කීපයක් ඇත. ටයිග්‍රිස් ගඟ උතුරා යාමෙන් පහළ නිම්නයට ඇති වන හානි වළැක්වීම උදෙසා වැඩි ජලය රැස් කිරීමට තර්තාර්හි ජලාශයක් තනා ඇති අතර ගඟේ ගැල්ම පාලනය කිරීම සඳහා වේල්ලක් ද පාලන ස්ථාන ද ඉදි කර ඇත. යුප්‍රටීස් ගඟේ වැඩි ජලය හබානියා විල හා අබු දිබිස්හි ජලාශයක් කරා යොමු කර ඇත. මේ හැර ගොවිබිම්වලට ජලය සැපයීම සඳහා වූ වාරිමාර්ග හා අමුණු රාශියක් ම ඉරාකයේ තිබේ.

ප්‍රවාහණය

ටයිග්‍රිස් හා යුප්‍රටීස් ගංගා ඈත අතීතයේ පටන් ම මෙම ප්‍රදේශයේ ප්‍රවාහණ කටයුතු සම්බන්ධයෙන් ද වැදගත් තැනක් ඉසිලීය. මෙම ගංගා ද්වයෙහි අවුරුද්දෙන් වැඩි කාලයක් තිස්සේත් ෂට්-අල්-අරාබ් ගඟෙහි අවුරුද්ද මුළුල්ලෙහිත් නැව් ගමන් කළ හැකිය. ෂට්-අල්-අරාබ් ගඟ දිගේ බස්රා දක්වා ලොකු නැව්වලට වුව ද යා හැකිය. ඉරාකයේ කිමී. 19,500ක් පමණ මංමාවත් ද කිමි. 1,698ක් පමණ දුම්රිය මාර්ග ද ඇත. යුරෝපය, ආසියාව හා අප්‍රිකාව යන මහාද්වීපවලට මැදිව පිහිටි හෙයින් ඉරාකය හරහා ලෝකයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් මාර්ග වැටී ඇත. බැග්ඩෑඩ් හා බස්රා ජාත්‍යන්තර ගුවන් තොටුපළවල්ය. රජය මඟින් මෙහෙයවනු ලබන තැපැල් හා විදුලි පණිවුඩ සේවා ද ගුවන් විදුලි සේවයක් ද ඉරාකයේ ඇත.

ජනගහනය

ඉරාක ජනගහනයෙන් වැඩි කොටස මධ්‍යධරණී ජාතීන්ගෙන් යුත් වේ. එහෙත් උතුරු හා මධ්‍යම පෙදෙස්වල ආර්මීනියානු වර්ගය හා සමග සම්මිශ්‍රණය වූ ජන සමූහ ඇත. උතුරු හා ඊසාන දිග පෙදෙස්හි වසන කුර්ද් ජනයා ප්‍රාග්නෝර්දික ප්‍රභවයක් ඇත්තෝය. අරාබි, කුර්ද්, පාර්සි හා තුර්කි ඉරාක ජනයා අතර ව්‍යවහාර වන භාෂාවෝය. රජයේ භාෂාව අරාබිය. මෙහි ජනගහනයෙන් 88%ක් පමණ මුස්ලිම්වරුය. 3%ක් පමණ ක්‍රිස්තුභක්තිකයෝය. යුදෙව්, සයිදිස් ආදි වෙනත් කොට්ඨාස කීපයක් ද මෙහි ඇත.

ඉතිහාසය

දැනට ඉරාකය යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයෙන් විශාල කොටසක් පෙර දී හඳුන්වන ලද්දේ මෙසපොටේමියාව යනුවෙනි. ගංගාවන් අතර වූ ප්‍රදේශය යන අර්ථවත් මෙසපොටේමියාව පිහිටා තිබුණේ ටයිග්‍රිස් හා යුප්‍රටීස් යන ගංගාවන් දෙක අතරය. ලෝකයේ අන් කිසි ම රටකට නොදෙවැනි ලෙස ඉරාකයේ ඉතිහාසය කෙරෙහි එරට භූගෝලීය සාධක බලපා ඇති බව ඉතිහාසඥයන්ගේ පිළිගැනීමයි. ඉරාකයේ ඉතිහාසය කෙරෙහි මූලික වශයෙන් ම බලපා ඇත්තේ ටයිග්‍රිස්, යුප්‍රටීස් යන ගංගාවන් දෙකයි. ටයිග්‍රිස්-යුප්‍රටීස් ඩෙල්ටාව වෙනත් ප්‍රදේශවල මෙන් මෝයේ සිට ඉන් ඔබ්බට ගොඩනැඟුණක් නොව, මෝයෙන් ඈත සිට මෑතට තැනුණකි. මේ ඩෙල්ටාව ඇති වූයේ ටයිග්‍රිස් හා යුප්‍රටීස් ගංගාවන් මඟින් ගෙන එන ලද සාරවත් පස එකතු වීමෙනි. මුල දී මෙම ඩෙල්ටාව වගුරු බිමක් වූ අතර තාම්‍ර යුගයේ ආරම්භයට සුළු කලකට පෙර එය ක්‍රමයෙන් වියළි බිමක් බවට පත් විය. ඉරාකයේ නාගරික ශිෂ්ටාචාරය ඇති වූයේ මෙයින් අනතුරුවයි. මෙම ඩෙල්ටාව සාරවත් පසින් යුක්ත වීම පමණක් ම එහි ශිෂ්ටාචාරයේ දියුණුවට ප්‍රමාණවත් නොවීය. මෙසපොටේමියාවට ප්‍රධාන වශයෙන් ජලය ලැබුණේ වර්ෂාවෙන් නොව ඉහත සඳහන් ගංගාවන්ගෙනි. එමෙන්ම ටයිග්‍රිස්-යුප්‍රටීස් ජලගැලීම් ඇති වන්නේ මිසරයේ මෙන් අවුරුද්දේ එක්තරා කාලයක දී නොවේ. මේ හේතූන් නිසා කෘෂිකර්මාන්තය සඳහා කෘත්‍රිම වාරිමාර්ග ක්‍රම සකස් කරගැනීම අත්‍යවශ්‍ය විය. කෘත්‍රිම වාරිමාර්ග මැනැවින් පවත්වා ගෙනයෑමටත් ජල ගැලීම් මැඩ පවත්වා ගැනීම සඳහාත් විශාල ජන සංඛ්‍යාවකගේ ශ්‍රමය ඒකාබද්ධ කළ යුතු විය. පැරණි ඉරාක ඉතිහාසය හැඩගැස්වීමෙහි ලා සාරවත් ඩෙල්ටාව පමණක් නොව තවත් වැදගත් සාධකයක් ද බලපෑවේය. මුළු මෙසපොටේමියාව භූගෝලීය වශයෙන් ඒකකයක් ලෙස සැලකිය හැකි වුව ද උතුරු ප්‍රදේශය හා දකුණු ප්‍රදේශය අතර පැහැදිලි වෙනස්කම් රාශියක් දක්නට ඇත. උතුර කඳුකර ප්‍රදේශයක් වූ අතර දකුණු ප්‍රදේශය ඩෙල්ටාවක් විය. දේශගුණය, සාරවත් බව, වෘක්ෂලතාවන්ගේ වැඩීම යනාදිය අතින් කොටස් දෙක අතර බොහෝ වෙනස්කම් දක්නට ලැබේ. දේශපාලන වශයෙන් ද මෙම වෙනස්කම් ඈත අතීතයේ සිට දිගට ම බලපා ඇත.

ප්‍රාග්-ඵෙතිහාසික යුගය

ප්‍රාග්-ඓතිහාසික යුගයේ මානව වර්ගයාගේ ප්‍රගතිය පිළිබඳව විමසන විට ඉතා වැදගත් සිද්ධියක් වශයෙන් ගණන් ගනු ලබන්නේ ක්‍රි.පූ. 7000 පමණේ දී සිදු වූ, පුරාවිද්‍යාඥයන් නවශිලා විප්ලවය නමින් හඳුන්වන, විපර්යාසයයි. නවශිලා විප්ලවය පළමුවෙන් ම ආරම්භ වූයේ මෑත පෙරදිග ප්‍රදේශයේය යන්න අවිවාදයෙන් පිළිගනු ලැබේ. මෑත පෙරදිග රටවල් අතුරිනුත් මූලික ස්ථානය හිමි වන්නේ උතුරු ඉරාකයට හා පලස්තීනයටයි. නවශිලා යුගයෙන් අවුරුදු 4000කට පමණ පසු, එනම් ක්‍රි.පූ. 3000 පමණේ දී, ඉරාකයේ දකුණු දිග පෙදෙස්වල - සුමේර්හි - ඓතිහාසික යුගය ආරම්භ වෙයි. නවශිලා යුගයෙන් ඓතිහාසික යුගය නැතහොත් ශිෂ්ටාචාරයේ ආරම්භය කරා වූ පරිවර්තනය සම්පූර්ණයෙන් විස්තර කිරීමට සෑහෙන තරම් කරුණු තව ම සොයාගෙන නැත. එසේ වුව ද ලැබී ඇති සාධකයන්ගෙන් පැහැදිලි වන්නේ මෙම පරිවර්තනය ඉරාකය තුළ ම සිදු වූ බවයි.

නවශිලා යුගයත් ඓතිහාසික යුගයත් අතර වූ කාලය මූල-ඓතිහාසික යුගය යනුවෙන් හැඳින්වේ. මූල-ඓතිහාසික යුගය ප්‍රධාන වශයෙන් කාලපරිච්ඡේද පහකට බෙදා දක්වා ඇත. කාලනිර්ණය අනුව මෙම සභ්‍යත්වයන් පිළිවෙළින් මෙසේ දැක්විය හැකිය. හස්සූනා-සමර්රා, හලා‍ෆ්, උබයිද්, උරුක් සහ ජේම්දෙත්-නසර් යනුවෙනි. ප්‍රථම සභ්‍යත්වයන් දෙක ක්‍රි.පූ. 5 වැනි සහස්‍රවර්ෂය මුළුල්ලේ ම පැවතුණි. උබයිද් සභ්‍යත්වය අයත් වන්නේ ක්‍රි.පූ. 4 වැනි සහස්‍රවර්ෂයටයි. උරුක් සභ්‍යත්වය ක්‍රි.පූ. 3300-3100 කාලයටත් ජේම්දෙත්-නසර් සභ්‍යත්වය ක්‍රි.පූ. 3100-2800 කාලයටත් අයත් යයි සාමාන්‍ය වශයෙන් පිළිගැනේ. මෙම සභ්‍යත්වයන් සියල්ල මෙසපොටේමියාව පුරා ම පැතිරී තිබුණේ නැත. ප්‍රථම සභ්‍යත්ව දෙක උතුරටත් අවසාන සභ්‍යත්ව දෙක දකුණටත් යනුවෙන් සීමා වී තිබුණි. මෙම සභ්‍යත්ව ඒ එක එකට ම පමණක් සීමා වූ විශේෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වේ.

නාගරික විප්ලවය-සුමේරියානු ශිෂ්ටාචාරයේ උපත

ඉහත සඳහන් සභ්‍යත්ව අතුරින් උබයිද් සභ්‍යත්වය උතුරටත් දකුණටත් පොදු වූවකි. එමෙන් ම එම සභ්‍යත්වය එයට පෙර පැවති සභ්‍යත්ව සියල්ලට ම වඩා වැදගත් කොට සලකනු ලැබේ. මූල-ඓතිහාසික සභ්‍යත්ව සියල්ල මෙන් ම මෙම සභ්‍යත්වය ද අලුත් ජනකොටසකගේ සංක්‍රමණයෙන් බිහි වූවකි. උබයිද් සභ්‍යත්වය ගොඩනැඟෙන්නට ඇත්තේ යුප්‍රටීස්-ටයිග්‍රිස් ඩෙල්ටාව වියළි පෙදෙසක් වූ පසු ඉරාන දේශයෙන් එහි පැමිණ පදිංචි වූ පිරිසකගේ අතින් යයි සිතීමට ඉඩ තිබේ. උබයිද් සභ්‍යත්වයෙන් පසු යුගයේ සංස්කෘතික දියුණුව ඉතා ශීඝ්‍රව සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දකුණු පෙදෙස උතුරට වඩා මහත් දියුණුවක් දුටුවේය. මෙම ශීඝ්‍ර දියුණුවේ ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රි.පූ. 2800 දී පමණ දකුණු ඉරාකයේ නාගරික සභ්‍යත්වයක් පහළ විය. මෙම නාගරික විප්ලවයට මුල් පදනම වැටුණේ උරුක් හා ජේම්දෙත්-නසර් සභ්‍යත්වයන්ගෙනි. මෙම නාගරික සභ්‍යත්වය සුමේරියානු ශිෂ්ටාචාරය ලෙසින් හැඳින්වේ. සුමේරියානු ශිෂ්ටාචාරය ගොඩනඟන ලද්දේ කවුරුන් විසින් ද යන්න පිළිබඳව මතභේදයක් ඇත. සුමේරියානු ශිෂ්ටාචාරය ගොඩනැඟු පුද්ගලයන් මිශ්‍ර ජාතියකැයි බොහෝදෙනා පිළිගනිති. දකුණු ඉරාකය දියුණු වූයේ කෘත්‍රිම වාරිමාර්ග ක්‍රම ආශ්‍රයෙනි. මෙවැනි වාරි මාර්ග ක්‍රම සැපයීමටත් ඒවා මැනවින් රැකබලා පවත්වා ගෙනයාමටත් විශාල ජන සංඛ්‍යාවකගේ ඒකාබද්ධ පරිශ්‍රමය අවශ්‍ය විය. එබඳු ඒකාබද්ධතාවක් ඇති කරලීමේ දී ධනය හා බලය සුළු පිරිසක් අත සංකේන්ද්‍රිත වීම ස්වභාවයෙන් ම සිදු වන්නකි. කෘත්‍රිම වාරිමාර්ග ආශ්‍රයෙන් දකුණු ඉරාකයේ වැසියනට තමන්ට වුවමනා තරමට වඩා විශාල ප්‍රමාණයක් ද්‍රව්‍ය නිෂ්පාදනය කළ හැකි විය. මෙම අතිරික්තයේ හේතුවෙන් හුදෙක් ජීවත්වීම සඳහා නිෂ්පාදනයෙහි පමණක් ම නොයෙදී වෙනත් කාර්යයන්හි නියුතු වීමට කාලය හා ධනය ඇති පිරිසක් බිහි වූහ. මෙයින් පසුව නොයෙකුත් නවාංග මෙසපොටේමියාවේ පහළ වන්නට විය. මැටි බඳුන් තැනීමේ අලුත් ක්‍රම, කුඹල්සක, සිලින්ඩරාකාර මුද්‍රා සහ විශේෂයෙන් ම ලේඛන ක්‍රමයක් ද ඒ අතර විය. මෙම සොයාගැනීම් හදිසි විප්ලවයක ප්‍රතිඵල නොව කාලාන්තරයක් තිස්සේ වූ විකාසනයක ප්‍රතිඵල බව මූල-ඓතිහාසික සභ්‍යත්වයන් පිරික්සීමෙන් පැහැදිලි වේ. සුමේරියානු ශිෂ්ටාචාරය මෑත පෙරදිග වෙනත් ශිෂ්ටාචාරයන්ගේ දියුණුවට අනුබලයක් වී යයි පිළිගැනී ඇත. මිසරය, චීනය හා ඉන්දියාව යන රටවල ඇති වූ නාගරික ශිෂ්ටාචාරයනුත් සුමේරියානු ශිෂ්ටාචාරයත් අතර සාම්‍යයක් දැකිය හැකිය. මේ ශිෂ්ටාචාර සියල්ල ම නාගරික ශිෂ්ටාචාර වූ අතර ඒවා දියුණු වූයේ ගංගාවන් ආශ්‍රිතවය.

ඵෙතිහාසික යුගය

ඉරාකයේ ඉතිහාසය, එනම් ලේඛන මඟින් ඉරාකයේ අතීතය දැනහැඳින ගැනීම, නියම වශයෙන් ආරම්භ වන්නේ ක්‍රි.පූ. 2800 පමණේ දීය. මූල-ඓතිහාසික යුගය මෙන් ම ඓතිහාසික යුගය ද කාලපරිච්ජේද කිහිපයකට බෙදා දැක්විය හැකිය. ඓතිහාසික යුගයේ ආරම්භයේ සිට ක්‍රි.පූ. 2400 දක්වා වූ කාලය පැරණි රාජවංශ කාලය ලෙස හැඳින්වේ. මෙම කාලයේ දී සුමේරියාව පෞර රාජ්‍ය කිහිපයකට බෙදී තිබුණි. මෙවැනි පෞරරාජ්‍යයන් දහතුනක් පිළිබඳව ලේඛනගත මුලාශ්‍රයන්හි සඳහන් වේ. එහෙත් එම රාජ්‍යයන්ගේ නියම සංඛ්‍යාව මෙයට වැඩි වූ බව පුරාවිද්‍යාත්මක සාධකයන්ගෙන් හෙළි වී ඇත.

නගරයත් එය යටතේ පැවති ප්‍රදේශයත් එක්තරා දෙවියකුගේ අනුග්‍රහය යටතේ පවත්නා ලෙස සලකන ලදි. නිදසුනක් වශයෙන්, ඌර් පෞරරාජ්‍යය නන්නා නම් දෙවියාගේ ආරක්ෂාව යටතේ වී යයි සැලකිණි. පෞරරාජ්‍යයක සමාජය වහල් හා නිදහස් යන කොටස් දෙකකින් සමන්විත විය. මෙම පෞරරාජ්‍යයන්හි ආර්ථික ක්‍රමයේ කේන්ද්‍රස්ථානය වූයේ ප්‍රධාන දෙවියාට කැප වූ දේවාලයයි. ද්‍රව්‍ය නිෂ්පාදනය, බෙදා හැරීම හා රක්ෂණය ප්‍රධාන දෙවියා වෙනුවෙන් කරගෙන යන ලද්දේ එම දේවස්ථානය හිමි පූජකවරුන් විසිනි. සියලු නිෂ්පාදන මාර්ගයන් පූජක රජය මගින් පාලනය කැරුණු හෙයින් එබඳු ආර්ථික ක්‍රමයක් පූජක සමාජවාදයක් ලෙස හඳුන්වාලිය හැකිය. ප්‍රධාන පූජකවරුනට ඉහළින් ලූගල් නොහොත් එන්සි යනුවෙන් හැඳින්වුණු පෞරරාජ්‍ය පාලකයා විය. ඔහු ජීවත් වූයේ දේවාලය හා සම්බන්ධ නොවූ විශාල මාළිගාවකය. ඔහු පෞරරාජ්‍යය පාලනය කළේ ප්‍රධාන දෙවියා වෙනුවෙනි. මුළු මනුෂ්‍ය සංහතිය ම දෙවියනට සේවය කිරීමට කැප වී ඇතැයි ඔහු විශ්වාස කෙළේය.

සුමේර් හා ඇකැඩ්

පැරණි රාජවංශ යුගයේ ඉතිහාසය පිළිවෙලින් දැක්වීම අසීරුය. මෙම යුගයේ ඉතිහාසයේ ප්‍රධාන ලක්ෂණය වූයේ පෞර රාජ්‍යයන් අතර වූ අන්‍යෝන්‍ය අරගලයන්ය. පෞර රාජ්‍යයන් සියල්ලක් ම පාහේ සමෘද්ධිමත් වුවත් සාරවත් බිම් පෙදෙස් හෝ ජල අයිතිවාසිකම් පිළිබඳව අසල් වැසියන් අතර නිතර ආරාවුල් ඇති විය. අවසානයේ දී ක්‍රි.පූ. 2600 දී පමණ ඌර් ප්‍රදේශයේ රජවරුන්ට ඔවුන්ගේ ධනවත් බව නිසා විශාල සේනාවන් ගොඩනඟාගෙන අනෙක් පෞරරාජ්‍යයන් අභිභවා කටයුතු කරන්නට හැකි විය. අනෙක් නගර සියල්ල යටපත් කළ ඔවුහු මුළු සුමේර් දේශය ම පාලනය කළහ. ඌර්හි ප්‍රථම රාජවංශය පරම්පරා පහකින් පමණ සමන්විත විය. ඔවුන්ගෙන් පසුව සුමේර් ආධිපත්‍යය වෙනත් පෞර රාජ්‍යයන් කිහිපයකට හිමි විය. මෙකල කැරුණු සටන්වල මූලික පරමාර්ථයක් වූයේ ආගමික මධ්‍යස්ථානයක් වූ නිපූර් අල්ලා ගැනීමයි. මෙම යුගයේ නගර පාලකයන්ගේ දේශපාලන ක්ෂිතිජය දකුණු මෙසපොටේමියාවෙන් (සුමේර්) ඈතට නොවිහිදිණි.

මෙවැනි පෞරරාජ්‍යාන්තර අරගළයන්ගෙන් ආර්ථික සමෘද්ධියට හානියක් නොවුව ද ඒවා විදේශිකයන්ගේ ආක්‍රමණයකට හේතු විය. උතුරු මෙසපොටේමියාවේ සිටි සෙමිටික් වර්ගයා සංස්කෘතිය අතින් ද ප්‍රතිභා ශක්තියෙන් ද දකුණුදිග වැසියන්ට වඩා පහත් තත්වයක සිටිය ද යුද්ධ ශක්තියෙන් සුමේරියන්වරුන් අභිභවා සිටියහ. ඔවුහු අනුක්‍රමයෙන් සුමේරියානු සංස්කෘතිය වැලඳ ගත්හ. තමන්ගේ ම යයි සැලකිය හැකි වස්තුවක් වශයෙන් ඔවුන් රැකගත්තේ භාෂාව පමණි. නොබෝ කලකින් ඇකැඩ්හි බලය පිහිටුවාගෙන සිටි සාර්ගොන් (ක්‍රි.පූ. 2317-2316) නම් සෙමිටික් රජතුමා දකුණු ප්‍රදේශයෙහි වූ රාජවංශ අරගලයන්ට සහභාගී විය. සාර්ගොන් රජතුමා දකුණු ප්‍රදේශය ආක්‍රමණය කොට සුමේර් හා ඇකැඩ් යන දෙපෙදෙසේ රජු වශයෙන් සිය බලය පිහිටුවාගත්තේය. සාර්ගොන් ශ්‍රෙෂ්ඨ රණකාමියෙක් විය. මුළු මෙසපොටේමියාව යටත් කිරීමෙන් නොනැවතුණු ඔහු ඉරානය හා සිරියාව කරා ද සිය ආක්‍රමණ මෙහෙයවීය. ඊලාම් රාජ්‍යය ද ඔහුගේ ආධිපත්‍යය පිළිගත්තේය. ඔහුගේ ආක්‍රමණ පර්සියානු බොක්ක දෙසට ද විහිදිණි. ඇකැඩ් පාලනයෙන් සුමේරියානු ශිෂ්ටාචාරය විනාශ නොවීය. ඇකැඩ් පාලකයෝ එම සම්ප්‍රදායයන් රැක ගැනීමට ආධාර දුන්හ. එහෙත් සෙමිටික් ජනකාය අනෙක් කොටස්වලට වඩා බහුල වූ හෙයින් සංස්කෘතික දියුණුව ඇණ සිටියේය. එසේ වුව ද දෙකොටසේ සංකලනයෙන් යම් යම් අලුත් අංග ද පහළ විය. සෙමිටික් භාෂාව ඔවුන් යටතේ නිල භාෂාව වූ හෙයින් එය ලිවීමේ දී කීලාක්ෂරමාලාව භාවිත විය. මේ හැරෙන්නට ඇකැඩ් පාලන කාලය වාණිජ කටයුතු අතින් ද වැදගත් තැනක් ගනියි. රට අභ්‍යන්තරයේ පමණක් නොව වෙනත් රටවල් සමඟ ද වෙළෙඳාම පැවති බවට සාධක ලැබී ඇත (ඉන්දුනිම්න ශිෂ්ටාචාරය බ.) දේශපාලන වශයෙන් බලන කල කුඩා පෞරරාජ්‍යයන්ගේ යුගය ඇකැඩ් පාලනයෙන් පසුව අවසන් විය. ඉන් පසු ආරම්භ වන්නේ මධ්‍යගත විශාල අධිරාජ්‍යයන්ගේ සමයයි. ක්‍රි.පූ. 539 දී බැබිලන් නගරය විනාශ වන තෙක් පහළ වූ සියලු රජවරුන්ගේ පරමාර්ථය වූයේ ඇකැඩ් වැනි අධිරාජ්‍යයක් ගොඩනැඟීමය.

සාර්ගොන් රජු ගොඩනැඟූ අධිරාජ්‍යය අවුරුදු 200ක් පමණ කාලයක් පැවතියේය. සාර්ගොන්ගෙන් පසුව ශ්‍රෙෂ්ඨ රජවරු කිහිප දෙනෙක් ම පහළ වූහ. සාර්ගොන් අධිරාජ්‍යය දුර්වල වූයේ ආභ්‍යන්තරික කැරලි කෝලාහල ආදියෙනි. එම අධිරාජ්‍යය බිඳ වැටුණේ එහි කඳුකර පෙදෙසින් නිම්න පෙදෙසට සංක්‍රමණය වූ ගුටි නම් ගෝත්‍රිකයන් කරණකොටගෙනය. මෙම ගෝත්‍රිකයන් පිළිබඳව හෙළි වී ඇත්තේ කරුණු ස්වල්පයකි. ඔවුහු සාර්ගොන් පාලනය විනාශ කළ ද ඒ වෙනුවට ක්‍රමානුකූල පාලනයක් ගොඩනැඟීමට තරම් ශිෂ්ට නොවූහ. ශතවර්ෂයක් පමණ පැවති ඔවුන්ගේ පාලන සමය වියවුල් සමයක් වූ හෙයින් ප්‍රාදේශීය පාලකයෝ බොහෝදුරට ස්වෛරීව කටයුතු කළහ. විදේශීය පාලනය හා අසහනය ඉවත් කොට සුමේර් හා ඇකැඩ් නිදහස් කරගැනීමටත් එමෙන්ම එහි නැවතත් සමෘද්ධිමත් කාලයක් උදා කරලීමටත් හැකි වූයේ ඌර්හි තුන්වැනි රාජවංශයටයි (ක්‍රි.පූ. 2113-2006). පැරණි ඉරාක ඉතිහාසයේ අද්විතීය ස්ථානයක් මෙම රාජ්‍ය සමයට හිමි වේ. මෙම කාලය වන විට උතුර හා දකුණ ඒකාබද්ධ කිරීම සම්පූර්ණ වී තිබිණි. නිලතල සුමේරියානු හා සෙමිටික් යන දෙවර්ගයා අතර සමසමව බෙදී තිබුණු අතර සියල්ලන්ට ම පොදු නීතිමාලාවක් ද විය. මෙම කාලය වන විට ක්‍රමයෙන් සෙමිටික් භාෂාව සුමේරියානු භාෂාවේ තැන ලබාගනිමින් තිබිණි. මෙම සමය සාමකාමී අවධියක් වූ හෙයින් කලාව හා සාහිත්‍යය වැනි සෑම අංශයක ම විශේෂ දියුණුවක් දක්නට ඇත. ඌර්හි සුප්‍රකට සිග්ගුරත් ප්‍රාසාද අයත් වන්නේ මෙකලටය. (ඇකැඩ් බ.)

තුන්වන සහස්‍රවර්ෂයේ අවසාන කාලයේ දී ඌර් අධිරාජ්‍යයේ පෞරරාජ්‍යයන් එකිනෙක ස්වාධීන වන්නට වූ හෙයින් අධිරාජ්‍යය ක්‍රමයෙන් පරිහානිය කරා ගමන් කරන්නට විය. ක්‍රි.පූ. 2000ට සුළු කලකට මත්තෙන් සෙමිටික් ඇමොරයිට්වරුන් හා ඊලාම ජාතිකයෝ ඌර් රාජවංශය විනාශ කළහ. ඔවුනට විරුද්ධ වූ ඌර් වැනි නගරයන් ඔවුහු සම්පූර්ණයෙන් ම විනාශ කළ ද ඔවුනගේ පරමාර්ථය වූයේ ජනහිතකාමී පාලකයන් මෙන් පෙනී සිටීමටය. ඇමොරයිට් පාලනය විදේශීය පාලනයක් වුවත් සංස්කෘතික දියුණුවට එයින් බාධාවක් නොවීය. ඇමොරයිට්වරුන් පාලන මධ්‍යස්ථානයෙන් බැහැරව සිටි හෙයින් උතුරු වාසීන්ට සම්පුර්ණයෙන් ඇමොරයිට්වරුනට යටත් නොවී සිටීමට හැකි විය. මෙම කාලයේ සිට අවුරුදු 1500ක් යන තෙක් මෙසපොටේමියාව ලොකු කුඩා රාජ්‍ය කිහිපයකට බෙදී තිබිණි. දකුණේ වූ වැදගත් රාජ්‍ය නම් ඉසින් හා ලර්සා යන රාජ්‍ය දෙකය. උතුරේ එසුන්නා හා අසුර් යනුවෙන් රාජ්‍ය දෙකක් විය. මෙම රාජ්‍ය අතර නිතරම සටන් පැවතිණි.

බැබිලෝනියාව

මේ අතරතුර සංචාරක සෙමිටික් වර්ගයා බටහිරින් ඉරාකයට ඇතුළුව රාජ්‍ය ගොඩනගමින් සිටියහ. එවැනි රාජවංශයක් වූ බැබිලන් රාජවංශයට ඇකැඩ් සෙමිටික්වරුන්ගේ ද සහාය ලබාගත හැකි විය. බැබිලන් නගරය ප්‍රසිද්ධියට පත් වන්නේ මෙකල සිටයි. මෙම රාජවංශයේ සවැනි රජු වූ හමුරාබි (ක්‍රි.පූ. 1792-1750) ක්‍රමයෙන් දකුණු පෙදෙස් කෙරෙහි ද සිය අවධානය යොමු කරන්නට විය. මේ කාලය වනවිට ලර්සාහි බලය පිහිටුවාගෙන සිටි ඊලාම රජු පරාජය කළ හමුරාබිට ‘සුමේර් ඇකැඩ් රාජයා’ යන විරුදය ලබාගැනීමටත් මුළු මෙසපොටේමියාව එක්සත් කිරීමටත් හැකි විය.

හමුරාබි ශ්‍රෙෂ්ඨ යුද්ධ නායකයකු පමණක් නොව ශ්‍රේෂ්ඨ පාලකයෙක් ද විය. ඔහුගේ රාජ්‍ය කාලය දීර්ඝ එකක් වූ අතර සාමය හා සමෘද්ධිය නිසා ද එය වැදගත් වේ. යටත්වැසියාගේ අභිවෘද්ධිය පැතූ ඔහු පාරම්පරික මෙසපොටේමියානු සිරිත් විරිත් ගරු කොට සැලකූ බව ද ඔහුගේ පුරා ලේඛනවලින් පැහැදිලි වේ. ඔහුගේ නීතිසංග්‍රහය ලෝක ප්‍රකටය. බැබිලන් නගරය නියම වශයෙන් ශ්‍රෙෂ්ඨ ස්ථානයකට පත් වන්නේ ඔහුගෙන් පසුවයි. ඔහුගේ අධිරාජ්‍යය පර්සියන් බොක්කේ සිට නිනවේ ප්‍රදේශයෙන් උතුරට ද ඊලාම කඳුවල සිට බටහිරින් සිරියාව දක්වා ද විහිදිණි.

හමුරාබි වංශයේ අවසානය අවාසනාවන්ත එකක් විය. රාජ්‍යය ඇතුළත පැනනැඟුණු කැරලි මැඩපැවැත්වීමට හමුරාබිගේ අනුප්‍රාප්තිකයන්ට හැකි වුව ද බැහැරින් එල්ල වූ තර්ජනයන්ගෙන් බේරීමට ඔවුන්ට නොපිළිවන් විය. කැසයිට් නම් ගෝත්‍රික ජනයා නැගෙනහිර දෙසින් මෙසපොටේමියාවට කඩාවැදී උතුරුදිග ප්‍රදේශවල තම බලය පිහිටුවා ගත්හ. මෙයින් පසුව වෙනත් දිසාවකින් ද මෙසපොටේමියාවට ආක්‍රමණ එල්ල විය. ක්‍රි.පූ. 1600-1580 අතර කාලයේ දී බෝඝස්කෝයි ප්‍රදේශයේ සිටි හිටයිට්වරු මුර්සිලිස් නම් ඔවුන්ගේ රජු යටතේ බැබිලන් නගරය ආක්‍රමණය කොට එය විනාශ කළහ. මෙයින් අනතුරුව බැබිලෝනියා අධිරාජ්‍යය බිඳවැටුණු අතර කුසයිට්වරු උතුරේ ද තවත් රාජවංශයක් දකුණේ ද බලයට පත් වූහ. කුසයිට්වරු බැබිලන් සිහසුන අවුරුදු 400ක් පමණ කාලයක් (ක්‍රි.පූ. 1595-1162) හෙබවූහ.

කුසයිට් පාලනය

කුසයිට්වරුන් ආර්ය බලපෑමට යටත් වූවන් සේ සලකනු ලැබේ. බැබිලෝනියාවේ ඔවුන්ගේ පාලන සමය ගැන දැනගන්නට ලැබී ඇත්තේ කරුණු ස්වල්පයකි. එය මෙසපොටේමියානු ඉතිහාසයේ දක්නට ලැබෙන එක් අඳුරු යුගයක් සේ සැලකේ. කුසයිට්වරුන් රාජ්‍යයේ සාමය හා ඒකාබද්ධතාව ඇති කළ බවට සැකයක් නොමැත. එමෙන් ම ඔවුහු මෙසපොටේමියානු රජවරුන් වශයෙන් පාලනය ගෙනගියහ. කුසයිට් සමයේ දී පෙනෙන වැදගත් ම දේශපාලන ලක්ෂණය නම් බැබිලන් නගරය හා ඇසිරියාව අතර වූ ගැටීම් වැලයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මෙසපොටේමියාව මෙම යුගයේ දී ඇසිරියාව හා බැබිලන් යනුවෙන් ප්‍රධාන පාලන කොටස් දෙකකට බෙදී තිබිණි. සටන් පැවති කාලයේ දී ඇසිරියන්වරුන් බැබිලන් නගරය අල්ලාගත් අවස්ථා ද විය (ඇසිරියාව; බැබිලන් බ.). කුසයිට් පාලකයන්ට තවත් දිශාවකින් ද තර්ජන එල්ල විය. ක්‍රි.පූ. 1162 දී ඊලාමවරුන්ගේ ප්‍රහාරයන් නිසා කුසයිට් පාලනය මෙසපොටේමියාවෙන් තුරන් විය. බැබිලන්හි කුසයිට් පාලනය බිඳවැටීම ඇසිරියාවේ ව්‍යාප්තියට විශාල අනුබලයක් විය. ක්‍රි.පූ. 9 වන සියවසේ සිට ක්‍රි.පූ. 612 දී නිනවේ බිඳවැටෙන තෙක් මුළු මෙසපොටේමියාව ම ඇසිරියන් පාලනය යටතේ විය (ඇසිරියාව බ.).

නිනවේ නගරය විනාශ කිරීමේ දී ප්‍රධාන තැන ගත්තේ බැබිලෝනියන්වරුන් හා මීඩ්වරුන්ය. ක්‍රි.පූ. 626 දී ඛල්දියානුවරු බැබිලෝනියාවේ අවසන් රාජවංශය බිහි කළහ. මෙම රාජවංශයේ බලවත් ම පාලකයා වූ නෙබුකද්නෙසර් II (ක්‍රි.පූ. 605-562) රජුට තරමක් විශාල අධිරාජ්‍යයක් ගොඩනඟන්නට හැකි වුව ද එය පැවතුණේ සුළු කලකි. ඔහුගේ අනුප්‍රාප්තිකයෝ දුර්වලයෝ වූහ. ක්‍රි.පූ. 539 දී බැබිලන් නගරය විරුද්ධත්වයක් නොමැතිව ම ඇකිමේනියානු අධිරාජයා වූ සයිරස් විසින් අල්ලාගන්නා ලදි (ඇකිමේනියානු අධිරාජ්‍යය බ.)

ඛල්දියානු සමය වැඩි කලක් නොපැවති නමුත් සංස්කෘතික කටයුතු අතින් වැදගත් ස්ථානයක් හිමි කරගති. මෙම කාලයේ දී දකුණු ඉරාකයේ ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් ඉදි කරන ලදි. ගෘහනිර්මාණයේ ද සාහිත්‍යමය හා විද්‍යාත්මක කටයුතු අතින් ඇති වූ පුනර්ජීවයේ ද කේන්ද්‍රස්ථානය වූයේ බැබිලන් නගරයයි (බැබිලන් බ.).

පර්සියානු, ග්‍රීක, පාර්තියානු, සාසානීය ආදි ජාතිකයන් යටතේ

ඇකිමේනියානු ආධිපත්‍යයෙන් මිදීමට බැබිලෝනියන්වරුන් කිහිපවරක් ම උත්සාහ දැරූ නමුත් ඒ ප්‍රයත්න අසාර්ථක විය. ඇකිමේනියානු අධිරාජ්‍යයේ අවසානය දක්වා ම බැබිලෝනියාව ඇකිමේනියානු අධිරාජ්‍යයේ ක්ෂත්‍රප ප්‍රදේශයක්ව පැවතිණි. මුල් ඇකිමේනියානු අධිරාජයන් මෙසපොටේමියානු සංස්කෘතිය කෙරෙහි උනන්දුවක් දැක්වුව ද පසුව රජ පැමිණි අයට ග්‍රීසිය සමඟ පැවති සටන් නිසා එසේ කළ නොහැකි විය. මේ කාලයෙන් පසුව මෙසපොටේමියානු ශිෂ්ටාචාරය ක්‍රමයෙන් අභාවයට පත්වන්නට විය.

ක්‍රි.පූ. 331 දී සිදු වූ ගෝගමීලා සටනින් අනතුරුව මැසිඩෝනියානු (ග්‍රීක) ආක්‍රමණික මහා ඇලෙක්සැන්ඩර්ට (බ.) බැබිලෝනියාවට ජයග්‍රාහී ලෙස ඇතුළුවීමට හැකි විය. ඇලෙක්සැන්ඩර් බැබිලන්හි දී ස්වදේශිකයන්ගේ සහයෝගය ලබාගනු වස් විනාශ වූ දේවාල ආදිය අලුත්වැඩියා කෙළේය. බැබිලෝනියන්වරුන් ඔහු පිළිගත්තේ විමුක්තිදායකයකු ලෙසිනි. පෙරදිග සංග්‍රාමයන්හි යෙදී ඇලෙක්සැන්ඩර් නැවතත් බැබිලනයට පැමිණියේ මෙයින් නව වසකට පසුවයි. ඇකිමේනියානු අධිරාජ්‍යයයේ ප්‍රදේශ අල්ලාගැනීමෙන් පසුව ඔහුගේ පරමාර්ථය වූයේ බැබිලන් නගරය ද ඔහුගේ විශාල අධිරාජ්‍යයේ එක් අගනුවරක් බවට පත් කිරීමයි. එහෙත් ක්‍රි.පූ. 323 දී බැබිලන්හි දී ඔහුගේ අකාල මරණය සිදු විය.

මහා ඇලෙක්සැන්ඩර්ගේ මරණයෙන් පසුව අධිරාජ්‍යය බෙදාගැනීම සඳහා සෙන්පතීන් අතර ඇති වූ අරගළයේ දී බැබිලන් නගරය ද ප්‍රධාන තැනක් ගති. අවසානයේ දී බැබිලෝනියාව සෙලූකස් නිකේටර්ගේ අධිරාජ්‍යයේ කොටසක් බවට පත් විය. සෙලුසිඩ් අධිරාජ්‍යය පිරිහීමත් සමඟ ම ක්‍රි.පූ. 126 දී බැබිලෝනියාව පාර්තියන්වරුන් යටතට පත් විය. යුප්‍රටීස්-ටයිග්‍රිස් නිම්නය රෝමවරුන් යටතේ පැවති සුළු කාලය තුළ හැරෙන්නට ක්‍රි.ව. 227 දී සාසානීය රාජ්‍යයට යටත් වන තෙක් පාර්තියන් රජවරුන් යටතේ පැවතිණි. ගවේෂණය කරන ලද සෑම නගරයක ම පාහේ, විශේෂයෙන් බැබිලන්, කිෂ්, නිපුර් වැනි නගරවල, පාර්තියන් පාලනයේ නෂ්ටාවශේෂ දක්නට ඇත.

අරාබි හා තුර්කි පාලනය

7 වන සියවස ආරම්භ වන විට සාසානීය අධිරාජ්‍යය ක්‍රමයෙන් පිරිහෙන්නට විය. ආභ්‍යන්තරික කැරලි හා ආර්ථික දුෂ්කරතා මෙම පිරිහීමට බොහෝ දුරට හේතුකර විය. අරාබි ආක්‍රමණ සාර්ථක වීමට බෙහෙවින් ම හේතු වූයේ මෙම දුර්වලත්වය හා ඉරාකය තුළ අරාබි ජාතිකයන් විශාල සංඛ්‍යාවක් විසීමය. අරාබි ආක්‍රමණ 633 දී ඛාලිද් ඉබ්න් අල් වාලිද්ගේ ජයග්‍රහණයන්ගෙන් ආරම්භව 637 දී ටෙසි‍‍‍‍‍‍‍‍‍ෆොන් නගරය අල්ලාගැනීමෙන් අවසන් විය. 638 දී බස්රා හා කූෆා යන ස්ථාන යුදකඳවුරු ලෙසින් සංවිධානය කොට ජයග්‍රාහී හමුදාවෝ එහි පදිංචි වූහ. ඛල්දියානු හා ජසිරා ගැමියන් ඉස්ලාම් ආගම වැලඳගැනීමත් අරාබි ගතිපැවතුම් හා භාෂා පිළිගැනීමත් මෙයින් පසුව දිගට ම කෙරී ගෙන ගියේය. ක්‍රි.ව. 7 වන සියවසේ මධ්‍ය භාගයේ සිට ශතවර්ෂයක් ගත වන තුරු ම ඉරාකය උමයියදු (බ.) කාලිප් රාජ්‍යයේ කොටසක් වශයෙන් තිබිණි. 750 දී අබ්බාසිද් (බ.) කාලිප් රාජ්‍යය පිහිටුවීමත් සමඟ ම එම රාජ්‍යයේ අගනුවර බවට පත් වූයේ බැග්ඩෑඩ් (බග්දාද්) නගරයයි. ශතවර්ෂයක් පමණ ගත වන තෙක් බැග්ඩෑඩ් නගරය අධිරාජ්‍ය අගනුවරක්ව තිබිණි. අබ්බාසිද්වරුන්ගේ ආධිපත්‍යය නාමමාත්‍ර වශයෙන් පිළිගන්නා ලද නමුත් නියම පාලනය කරගෙන යන ලදුයේ ලෝකීය පාලකයන් විසිනි. 10 වන සියවසේ මෝසුල් හා ජසිරා පාලනය කළ අරාබි හම්දනිද්වරු මොවුන් අතර වැදගත් වෙති. 10 වන සියවසේ සිට 11 වන සියවසේ මැදක් වන තෙක් පර්සියානු බුවයිඃ රාජවංශය මධ්‍යම ඉරාකය හා බැග්ඩෑඩය පාලනය කළහ. 1055 දී සෙල්ජුක් තුර්කිවරු ඉරාකය ආක්‍රමණය කොට කාලිප් රාජ්‍යයෙහිත් අනෙකුත් ප්‍රදේශයන්හිත් තම ආධිපත්‍යය පිහිටුවා ගත්හ. මෙයින් අනතුරුව 1258 මොංගල් ආක්‍රමණය දක්වා රාජවංශ කිහිපයක් විසින් ම බලවත් රාජධානි පිහිටුවාගන්නා ලදි. මෙම ශතවර්ෂ පහ ඇතුළත ඉරාකය තුළ සංස්කෘතික වශයෙන් බොහෝ දුරට ඒකාබද්ධතාවක් තිබිණි. එමෙන් ම එය සාමකාමී යුගයක් ද විය. බැග්ඩෑඩ් නගරය ශාස්ත්‍රීය කටයුතු හා ජ්‍යාමිතික විද්‍යාව අතින් දියුණු මධ්‍යස්ථානයක් විය. ශාස්ත්‍රීය පොත් ග්‍රීක ආදි භාෂාවන්ගෙන් පරිවර්තනය කරන ලදි. නිතර නිතර මේ සමයේ සටන් ඇති වුව ද ග්‍රාමීය ජීවිතය සාමකාමී එකක් විය.

මොංගල් ආක්‍රමණ

1258 දී සිදු වූ හුලාගු නම් මොංගල් ජාතිකයාගේ ආක්‍රමණය හේතුවෙන් බැග්ඩෑඩ් නගරය විනාශ වූ අතර වාරිමාර්ග කටයුතු ඇනහිටීමෙන් රට ද නිසරු තත්වයකට පත් විය. නගර සියල්ලක් ම පරිහානියට පත් වූ අතර ගෝත්‍රික සමාජය රටේ සෑම තැන ම මුල් බැස ගත්තේය. 1258 සිට අවුරුදු 80ක් පමණ කලක් ගත වන තෙක් ඉරාකය මොංගල්වරුන් යටතේ විය. නොයෙකුත් ආභ්‍යන්තරික දුර්වලතාවන්ගෙන් ගහන වූ මේ සමයේ තරමක් ශ්‍රෙෂ්ඨ රජකු වශයෙන් දැක්විය හැක්කේ 1314 දී රජ වූ ඝසන් ඛාන්ය. මොහුගෙන් පසුව ආ දුර්වල අනුප්‍රාප්තිකයන් යටතේ අධිරාජ්‍යය කුඩා කොටස් කිහිපයකට බෙදී ගියේය. 1339 දී හසන් ජලයීර් නම් රජු යටතේ ඉරාකයේ අලුත් රාජවංශයක් බිහි විය. ඔහුගේ අධිරාජ්‍යයේ දකුණු අගනුවර බැග්ඩෑඩය වූ අතර උතුරු අගනුවර වූයේ තබ්‍රිස්ය. මෙම රාජවංශයේ හසන් හා උවයිස් නම් රජවරුන් දෙදෙනා යටතේ එක්තරා ප්‍රමාණයක සාමයෙන් යුත් සුරක්ෂිත කාලයක් උදා විය. 1393 දී දරුණු මොංගල් ආක්‍රමණිකයකු වූ ටිමූර් බැග්ඩෑඩයට පැමිණ එහි මොංගල් පාලකයකු පත් කළේය. වර්ෂ අටකට පසුව නැවත පැමිණි ඔහු බැග්ඩෑඩය විනාශ කොට එම නගරය ගිනිබත් කළේය. 1405 දී සිදු වූ ටිමූර්ගේ මරණයෙන් පසුව ජලයීර් රාජවංශයට නැවතත් බැග්ඩෑඩය ‍ගොඩනැඟීමට හැකි විය. ජලයීර් සහ තබ්‍රීස් යන තන්හි බලය පිහිටුවා ගෙන සිටි කාරා-කොයින්ලු (කළු බැටළු) හා අක්-කොයින්ලු (සුදු බැටළු) යන තුර්කෝමාන් වංශ දෙක අතර වූ අරගළයන්ගේ හේතුවෙන් ජලයීර් සුල්තාන් අහමද්ගේ මරණය සිදු වූ අතර බැග්ඩෑඩයේ බලය ද ‘කළු බැටළු’ වංශයට හිමි විය. මෙම වංශය රට පාලනය කළේ ටිමූර් පරපුරේ අධිරාජයන්ගේ අනුමැතිය උඩය. 1443 දී මෙම තුර්කි වංශයේ රජුට ටිමූර් රාජවංශයේ බලපෑමෙන් ඉවත් වී ඉරාකය හා කුර්දිස්ථානය ඇතුළත් අධිරාජ්‍යයක් පිහිටුවීමට හැකි විය. 1467 දී දියාර්බෙකීර් මූලස්ථානය කොටගත් වෙනත් තුර්කි වංශයක් ද ඉරාකයේ ආධිපත්‍යය සඳහා සටන් කරන්නට විය. මේ සටන් හේතුවෙන් 15 වන ශතවර්ෂය කුමන්ත්‍රණ, කැරලි කෝලාහල ආදියෙන් ගහන විය. මෙලෙසින් පැවති අර්බුදකාරී සමය පිටතින් පැමිණි බලවේගයක් නිසා වෙනස් විය. 1508 දී පර්සියාවේ අලුත් ජාතික හා ආගමික රාජ්‍යයේ ඉස්මයිල් ස‍ෆාවිද්ගේ සෙන්පතියකු බැග්ඩෑඩයට ඇතුළුව, මෝසුල් අල්ලාගෙන මුළු ඉරාකය පුරා ම ආධිපත්‍යය පිහිටුවීය. මෙයින් පසුව ඉරාකය පර්සියන් ප්‍රදේශයක් වූ අතර එම කාලය (1508-34) සාමයෙන් යුක්ත කාලයක් විය.

ඔටෝමන් තුර්කි පාලනය

මෙම කාලය වනවිට තුර්කියේ ඔටෝමන් බලය ක්‍රමයෙන් වැඩෙමින් පැවතිණ. සලීම් නම් සුල්තාන්වරයා ඔටෝමන් රාජ්‍යය කුර්දිස්ථාන් ප්‍රදේශය ඔස්සේ පර්සියාව දක්වා ව්‍යාප්ත කළේය. උතුරු ඉරාකය ඔටෝමන් රාජ්‍යයට හා ඉරානයට මැදි වී පැවතිණි. මෙම තත්වය අවසන් වූයේ ‘විභූතිමත්’ සුලෙයිමාන් නම් ඔටෝමන් අධිරාජයා 1534 දී ඉරාකය තුර්කියේ ප්‍රදේශයක් බවට පත්කිරීමෙන් පසුවය. මෙයින් අනතුරුව අවුරුදු 400ක් පමණ කාලයක් ඉරාකය තුර්කියේ ප්‍රදේශයක් බවට පත් වී තිබුණි. (ඔටෝමන් අධිරාජ්‍යය බ.). ඉරාකයේ තුර්කි පාලනය මුල සිට ම අසතුටුදායක විය. ඔවුන්ගේ බලය ස්ථාවර නොවූ හෙයින් ඉරාකයේ නොසන්සුන් බවක් පැවතිණ. ප්‍රාදේශීය පාලකයන් බොහෝ දුරට ස්වාධීනව කටයුතු කළ අතර ඔව්හු සමාජ අභිවෘද්ධිය සඳහා උනන්දු නොවී තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන පමණක් ම තකා කටයුතු කළහ. 1628 සිට 1638 දක්වා සුළු කාලයක් ඉරාකය නැවතත් පර්සියන්වරුනට හිමි විය. 1638 දී මුරාද් අධිරාජයා කළ ආක්‍රමණයෙන් පසු නැවතත් තුර්කි පාලනය ඉරාකයේ ඇති විය. ඉරාකය පාලනය කිරීමේ දී තුර්කිය එය කොටස් තුනකට බෙදාලීය. එක් එක් කොටසක් පාලනය කරන ලද්දේ පාෂා කෙනකුගේ මාර්ගයෙනි. මෙසේ පාෂාවරු තිදෙනෙක් මෝසුල්, කිර්කූක් හා බැග්ඩෑඩ් යන ස්ථානවල සිටියහ. 1704 සිට අවුරුදු 130ක් පමණ කාලයක් බැග්ඩෑඩය හසන් පාෂාගේ පවුලේ පාරම්පරික දායාදයක් බවට පත්ව තිබුණි. මේ කාලය ගෝත්‍රයන්ගේ සංක්‍රමණත් නිදහස තකා ඔවුන් කරන ලද සටනුත් නිසා වැදගත් වේ. මෙවක සිදු වූ තවත් වැදගත් සිද්ධියක් නම් නදීර් ශා නමැති ඇෆ්ඝන් නායකයා විසින් බැග්ඩෑඩය වැටලීමයි. 1736, 1746 යන වර්ෂ තුළ දී නදීර් ශා ඇති කරගත් සාම ගිවිසුම්වලින් මෙම තර්ජනය පහ වී ගියේය. එසේ වුව ද ආභ්‍යන්තරික අරගළ එයින් අවසන් නොවීය. මෙම අර්බුදයන් නිසා 1831 දී ඉරාකය කෙළින් ම තුර්කියේ පාලනය යටතට ගෙන එන ලදි.

ඉරාකය තුර්කියේ පාලනය යටතේ 1914 දක්වා ම පැවතුණි. මේ කාලයේ දී ඉරාකය කොටස් තුනකට බෙදා තිබිණි. ඉරාකයේ හමුදා පාලනය, පරිපාලක නිලධාරි පන්තිය හා මුදල් ක්‍රමය තුර්කියේ අනෙකුත් ප්‍රදේශයන්ට අනුකූල වන සේ සකස් කිරීමට උත්සාහයක් දරන ලදි. ගෝත්‍ර බලය මේ සමයේ දී දුර්වල වූ අතර ගමනාගමන පහසුකම් ද දියුණු විය. බ්‍රිතාන්‍ය බලපෑම ද ක්‍රමයෙන් වර්ධනය වන්නට විය. මෙකල සිටි වැදගත් පාලකයකු වූ මිද්හත් පාෂාගේ සමය (1968-72) පාලන සංශෝධන අතින් වැදගත් වේ. ඉඩම් බුත්ති ක්‍රමය සංශෝධනය කිරීම, නගර නිර්මාණය, නූතන නීතික්‍රම භාවිතය, පොලිස් සේවා සංවිධානය ආදි කරුණු පිළිබඳව ඔහු උනන්දු විය. ඉරාකයේ පුරාවිද්‍යාව පිළිබඳව උනන්දුවක් ඇති වූයේ ද එය තුර්කියේ සෘජු පාලනය යටතේ පැවති සමයේ අවසාන කාලයේ දීය.

නූතන ඉරාකය

ඉරාකය ප්‍රථමවරට ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන්නේ 19 වන සියවස අවසානයේ දී තුර්කිය හා මෙසෙපොටේමියාව හරහා පර්සියන් බොක්ක දක්වා දුම්රිය මාර්ගයක් තැනීමට තුර්කිය ජර්මනියට අයිතිවාසිකම් පැවරීමෙන් අනතුරුවයි. සූවස් ඇළේ සහ මෑත පෙරදිග බ්‍රිතාන්‍ය අයිතිවාසිකම්වලට මෙයින් එල්ල වූ තර්ජනය නිසාය, දෙවන ලෝක සංග්‍රාම සමයේ දී බ්‍රිතාන්‍ය-ඉන්දියානු හමුදා විසින් මෙසපොටේමියාව යටත් කරන ලද්දේ. මෙයින් පසුව තුර්කි පාලනය වෙනුවට යුද්ධ කාලීන සිවිල් පාලනයක් බ්‍රිතාන්‍යයෝ ගොඩනැඟුහ. ඉරාකය නූතන ජාතියක් වශයෙන් ඉදිරියට පැමිණීමේ මුල් පදනම වැටුණේ මෙකලය. 1914ට පෙර අරාබි නිදහස උදෙසා ඉරාකයේ ව්‍යාපාරයක් තිබුණු බවට සාධක හමු වි නැත. 1918 පමණ වන විට මෙවැනි අදහස් පැන නැඟෙන්නට වූයේ ස්වතන්ත්‍ර පාලනය කෙරෙහි අරාබීන් තුළ වූ උද්‍යෝගයත් සිරියාවේ අරාබි රාජ්‍යයක් පිහිටුවීමත් ඉරාකය කෙරෙහි බලපාන්නට වූ හෙයිනි. 1920 කාලයේ දී තුර්කියේ හා සිරියාවේ බලපෑමත් සාන් රේමෝ සම්මේලනයේ දී ඉරාකය පිළිබඳ අයිතිය බ්‍රිතාන්‍යයට පැවරීමත් නිසා මෙම ජාතික අදහස් ශීඝ්‍රයෙන් දියුණුවන්නට විය. බ්‍රිතාන්‍යයේ මඟ පෙන්වීම යටතේ එක්තරා කාලසීමාවකින් පසුව ඉරාකය නිදහස ලැබීමට සුදුසු රටක් වශයෙන් මෙම සම්මේලනයේ දී පිළිගන්නා ලදි. ඉරාකයට නිදහස දීමේ ප්‍රථම පියවරක් වශයෙන් මහා බ්‍රිතාන්‍යය විසින් 1921 දී එමීර් ‍‍ෆයිසාල් ඉරාක රජු වශයෙන් පිළිගන්නා ලදි. ඉරාකයේ රජු , මහා බ්‍රිතාන්‍යය හා ඉරාක ජාතික නායකයන් යන පක්ෂ තුන අතර ඉරාකයට නිදහස ලැබෙන දිනය පිළිබඳව නොයෙකුත් මතභේද හටගන්නට විය. ඉරාකයට පූර්ණ නිදහස ලැබිය යුතු දිනය තීරණය කිරීමට ගිවිසුම් රැසක් ම මෙම කාලයේ දී අත්සන් කරන ලදී. අවසානයේ දී 1927 වර්ෂයේ දී බ්‍රිතාන්‍යය ඉරාකය නිදහස් රාජ්‍යයක් වශයෙන් පිළිගත්තේය. එමෙන් ම එරටට ජාතීන්ගේ සංගමයට බැඳීමේ දී සහාය දීමට ද බ්‍රිතාන්‍යය පොරොන්දු විය. 1932 දී ඉරාකයට ජාතීන්ගේ සංගමයට ඇතුළුවීමට හැකි විය. එතැන් පටන් ඉරාකය ව්‍යවස්ථානුකූල රාජ්‍ය තන්ත්‍රයකින් යුත් රාජ්‍යයක් ලෙස පිළිගනු ලැබේ. 1933 දී ‍‍‍‍ෆයිසාල් රජුගේ මරණයෙන් පසුව ඔහුගේ පුත්‍රයා වූ ඝාසි රාජ්‍යයට පත් විය. 1939 දී මෝටර් රථ අනතුරකින් ඝාසිගේ මරණය සිදු වූයෙන් ඔහුගේ ළදරු පුත්‍ර ෆයිසාල් II ප්‍රථමයෙන් රාජප්‍රතිනිධියකු සහිතව ද 1953න් පසුව නියම පාලකයා වශයෙන් ද පත් විය.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව

දෙවන ලෝක සංග්‍රාමයේ ආරම්භයත් සමඟ ම ඉරාකය ජර්මනිය සමඟ පැවති සම්බන්ධතා අත්හළේය. 1940 වර්ෂය කැළඹිලි සහිත එකක් වූයේ ජර්මන් කුමන්ත්‍රණ නිසා බ්‍රිතාන්‍ය විරෝධී අදහස් පැන නැඟීම හේතුවෙනි. බ්‍රිතාන්‍ය හමුදා බැරැක්කවලට පහරදීම් ද ඇති විය. ඉරාක ගුවන් හමුදාවේ විනාශයත් එකල බලයට පත්ව සිටි ආණ්ඩුව වෙනස්වීමත් නිසා මෙම තත්වය වෙනස් විය. ඉන් පසුව මහා බ්‍රිතාන්‍යය සමඟ පැවති සම්බන්ධතා තව තවත් දියුණු විය. බ්‍රිතාන්‍ය හමුදා බලය ශක්තිමත් කරන ලද අතර 1943 දී ඉරාකය ජර්මනියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කෙළේය. ඉරාකයේ පිහිටීමත් තෙල් පයිප්ප ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවත් නිසා ඉරාකය බ්‍රිතාන්‍ය මිත්‍ර ජාතීන්ට වැදගත් තැනක් විය.

1947 වන විට බ්‍රිතාන්‍ය හමුදා ක්‍රමයෙන් ඉවත් කිරීමේ පියවර ගෙන තිබිණි. එසේ වුව ද හමුදා පිරිසක් 1948 දක්වා ම ඉරාකයේ නවත්වා තබන ලදි. ඉරාකය 1945 දී පිහිටුවන ලද අරාබි සංගමයේ ආරම්භක සාමාජිකයෙක් විය. අනෙක් අරාබි රටවල් මෙන් ම ඉරාකය ද පලස්තීනය දෙකඩ කිරීමට මුල සිට ම විරුද්ධ වූයේය. 1948 මැයි මස ඉරාකය ට්‍රාන්ස්-ජෝර්දානය සමඟ එකතු වී පලස්තීනය ආක්‍රමණය කිරීමට හමුදා යැවීය. 1949 අප්‍රේල් මාසය දක්වා ම දෙරට අතර සටන් පැවතිණි.

ඊශ්‍රායෙලය පිළිබඳව ඉරාකය මුල දී අරාබි සංගමයේ තීරණයන්ට අනුකූලව කටයුතු කළ ද 1950න් පසුව නිදහස් ප්‍රතිපත්තියක් අනුගමනය කෙළේය. කොරියානු ප්‍රශ්නයේ දී එක්සත් ජාතීන්ට සහාය වූ එක ම අරාබි සංගම් සාමාජිකයා වූයේ ද ඉරාකයය. 1955 දී ඉරාකයත් තුර්කියත් අන්‍යෝන්‍ය ආරක්ෂාව උදෙසා බැග්ඩෑඩයේ දී සම්මුතියකට එළඹුණාහ. පසුව මෙයට බ්‍රිතාන්‍යය, පකිස්ථානය හා ඉරානය ද සම්බන්ධ වූහ. බැග්ඩෑඩ් සම්මුතිය යනුවෙන් හැඳින්වෙන මෙයට එක්සත් ජනපදයේ සම්පූර්ණ සහයෝගය ලැබිණි. සූවස් අර්බුදය පැවති සමයේ ඉරාකයේ යුද්ධ නීතිය පනවා තිබුණි. 1958 පෙබරවාරි මස ඉරාකය හා ජෝර්දානය ඒකාබද්ධ කිරීමේ වැඩ පිළිවෙළක් සඳහා ප්‍රකාශනයක් නිකුත් කරන ලදි. එහෙත් එම ජූලි මාසයේ ඇති වූ හමුදා කැරැල්ලේ දී ෆයිසාල් මරුමුවට පත් වූ අතර විප්ලවවාදී ආණ්ඩුවක් එරට පිහිටුවන ලදි. විප්ලවයෙන් පසුව පිහිටුවූ සමූහාණ්ඩුවේ ප්‍රධානියා බවට පත් වූයේ විප්ලව නායකයා වූ අබ්දුල් කිරීම් කාසිම් සෙනෙවියාය. විප්ලවකාරී රජය ඉරාක-ජෝර්දාන් සම්මුතිය අහෝසි කළ අතර බැග්ඩෑඩ් සම්මුතියෙන් ද ඉවත් විය. අලුත් ආණ්ඩුවට කොමියුනිස්ට් බලකඳවුරේ සහයෝගය ලැබිණි. සෝවියට් දේශය සමඟ ආර්ථික හා කාර්මික ආධාර ලබාගැනීමේ ගිවිසුම්වලට ද එළඹෙන ලදි. කරීම් කාසිම්ගේ පාලනය පැවතියේ 1963 පෙබරවාරි මස දක්වා පමණි. එම අවුරුද්දේ ඇති වූ තවත් විප්ලවයක දී කාසිම් සෙනෙවියා මරා දමනු ලැබූ අතර බලයට පත් වූයේ අරෙ‍ෆ් (බ.) සෙනෙවියාය. අරෙ‍ෆ් සෙනෙවියා ප්‍රමුඛ ආණ්ඩුව බටහිර විරෝධී ප්‍රතිපත්තියෙන් මිදීමට උත්සාහ දැරුවේය. කුවයිට් සම්බන්ධයෙන් කාසිම් සෙනෙවියා ඇති කළ අර්බුදය සමථයකට පැමිණවීමට අරෙෆ් සෙනෙවියාට හැකි විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1963 ඔක්තෝබර් මස සිට කුවයිට් රාජ්‍යයේ ස්වාධීනත්වය ඉරාකය විසින් පිළිගන්නා ලදි. එහෙත් අවුරුදු දෙකක් පමණ කල් ගත වූ කුර්දිෂ් කැරැල්ල සමථයකට පමුණුවාලීම අපහසු විය. 1964 මැයි 4 වැනි දින ඉරාකයේ තාවකාලික ආණ්ඩුක්‍රමයක් ප්‍රකාශයට පත් විය. මෙයින් ඉරාකය අරාබි ඉස්ලාමික නිදහස් සමූහාණ්ඩු රජයක් ලෙස හඳුන්වා ඇත. පූර්ණ අරාබි ඒකාබද්ධතාව මෙම සමූහාණ්ඩුවේ ප්‍රධාන පරමාර්ථය ලෙස දක්වා ඇත. 1964 ඔක්තෝබර් මස එක්සත් අරාබි සමුහාණ්ඩුව සමඟ ඒකාබද්ධ දේශපාලන නායකත්වයක් ඇති කරලීම පිණිස සම්මුතියකට එළඹෙන ලදි. අවුරුදු පහකින් හෝ ඊට වැඩි කලකින් හෝ පසුව දෙරට ආණ්ඩුක්‍රමය අතින් ඒකාබද්ධ කිරීම එයින් අපේක්ෂා කැරිණ.

1967 ජුනි මාසයේ දී ඇති වූ අරාබි-ඊශ්‍රායෙල් යුද්ධයේ දී ඉරාකය ද අනිකුත් අරාබි ජාතීන් සමග සටන්වලට සහභාගී විය. සදිනක් පමණක් පැවති මේ යුද්ධයෙන් ඉරාකය ඇතුළු අරාබි ජාතීහු අන්ත පරාජයකට පත් වූහ.

ඉරාක පුරාවිද්‍යාව

ක්‍රි.පූ. 3 වන සහශ්‍රකයේ සුමේරියානු රජ පරපුරෙන් ඉරාකයේ (පැරණි මෙසපොටේමියාවේ) ඓතිහාසික යුගය ඇරඹේ. ඊට පූර්ව යුග පිළිබඳ කරුණු දත හැක්කේ පුරාවිද්‍යානුසාරයෙනි. ඉරාකය පුරා ම දැකිය හැකි ගොඩැලි රාශියක පෞරාණික ජනාවාසයන්ගේ නෂ්ටාවශේෂ තැන්පත් වී ඇත. මුලින් ම ගොඩනඟන ලද නගරය පිහිටි ස්ථානයේ ම ඊට පසු කාලයන්හි ද ගොඩනැඟිලි ඉදිකිරීම මෙසපොටේමියාවේ ජනයාගේ සිරිත විය. මේ කාරණය හේතුකොටගෙන කාලයාගේ ඇවෑමෙන් සෑදුණු ගොඩැලි ‘තෙල්’ (ටෙල්) යන අරාබි නාමයෙන් හඳුන්වනු ලැබේ. මෙම ගොඩැලි කැණ පරීක්ෂා කිරීම ගත වූ සියවස තුළ ඉරාක පුරාවිද්‍යාවේ මූලික කාර්යය විය.

පසුගිය ශතවර්ෂයේ මැද භාගයේ දී ඉංග්‍රීසි ජාතික ඔස්ටින් හෙන්රි ලෙයාඩ් නිනවේහි කැණීම් ඇරඹීමට මත්තෙන් සොයාගෙන තිබුණු මෙසපොටේමියානු පුරාවස්තු ප්‍රමාණය ඉතා ම සීමාසහිත විය. ප්‍රථම ලෝක සංග්‍රාම කාලය වන විට ද බැබිලෝනියන් රජුන්ගේ කාලයට පූර්ව යුගයේ මෙසපොටේමියාව ගැන තිබුණු දැනුම ඉතා අල්පය. සුමේරියන්වරුන් ගැන දැන ගෙන තිබුණේ කීලාක්ෂර ලේඛන අනුසාරයෙන් අනුමානයෙන් දත් කරුණු ස්වල්පයක් පමණි. 1931 වන විට මෙම තත්වය සම්පුර්ණයෙන් ම වෙනස් වී පුරාලේඛනයන්හි සඳහන් සුමේරියානු රජපරපුර ඇරඹෙන්නට පූර්වයෙන් මෙසපොටේමියාවේ පැවති ප්‍රධාන සංස්කෘතික යුග තුනක් (අල්-උබයිද්, උරුක් හා ජේම්දෙත් (ජාම්දත්)-නසර්) පිළිබඳ පුරාවිද්‍යාත්මක තොරතුරු හෙළි වී තිබිණි. ඊට පසුව, විශේෂයෙන් 1940 ගණන්වල දී, කරන ලද කැණීම්වලින් ඉරාකයේ අතීතයට අයත් වඩාත් පැරණි යුග පිළිබඳ කරුණු අනාවරණය විය. මෙසේ ලෝකයේ ඉතා ම පැරණි ශිෂ්ටාචාර පිළිබඳ විවිධ කරුණු එළිදරවු කිරීමෙහි ලා ඉරාක පුරාවිද්‍යාවෙන් ඉමහත් සේවයක් ඉටු විය.

ඉරාකයේ ක්ෂේත්‍ර පුරාවිද්‍යාව ඇරඹුණේ ක්ලෝඩියස් ජේම්ස් රිච් (1787-1820) බැග්ඩෑඩ්හි ඉ.පෙ.ඉ.වෙ.හි රෙසිඩන්ට් තැන වශයෙන් 1808 දී පත්වීමත් සමගය. ඔහු විවේක අවස්ථාවන්හි දී බැබිලන්, නිනවේ ආදි ස්ථානයන්හි පුරාණ ස්මාරක පරීක්ෂා කොට ඒ පිළිබඳ විස්තර ලොව හමුවේ තැබීය. රිච් සොයාගත් පුරාවස්තු ඔහුගේ මරණින් පසු බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කරන ලද්දේය. මෝසුල්හි ප්‍රංස උපකොන්සල් තැන වූ පෝල් එමීල් බෝතා, නිනවේ (1842) හා ඛොර්සාබාද් (1843) යන ස්ථානයන්හි කළ කැණීම් ඉරාකයේ කරන ලද ප්‍රථම පුරාවිද්‍යා කැණීම් විය. බෝතා ඉරාකයට එවන ලද්දේ රිච්ගේ ප්‍රකාශන හේතු කොටගෙන ප්‍රංස ජාතික ප්‍රාචීන ශාස්ත්‍රඥයන් තුළ ඉරාක පුරාවස්තු පිළිබඳ උනන්දුවක් ඇතිවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඇසිරියාවේ තුන්වන අගනුවර වූ නිනවේ නම් ස්ථානය රජමාළිගා නටබුන් අන්තර්ගත කුයුන්ජික්, නෙබියුනුස් යන ප්‍රධාන ගොඩැලි ඇතුළු ගොඩැලි කීපයකින් යුක්ත විය. බෝතා 1842-43 දී කුයුන්ජික් ‍ගොඩැල්ල කණිමින් සිටිය දී ඊට සැ. 14ක් උතුරෙන් වූ ඛොර්සාබාද්හි පැරණි මූර්ති ගැන අසා එම ස්ථානයේ කැණීම් ආරම්භ කළේය. එහි දී ඔහුට විශාල ඇසිරියානු මාළිගයක නටබුන් හා කීලාක්ෂර ලේඛන රාශියක් සොයාගත හැකි විය. ඛොර්සාබාද් වූකලි II වන සාර්ගොන් (ක්‍රි.පූ. 8 වන සියවස) නම් වූ ශ්‍රෙෂ්ඨ ඇසිරියානු රජතුමාගේ අගනුවර වූ දූර්ශාරුකින්ය.

ඛොර්සාබාද්හි සොයාගැනීම්වලින් ධෛර්යයට පත් ප්‍රංශ ජාතික ප්‍රාචීන ශාස්ත්‍රඥයන්‍ගේ උනන්දුව නිසා ප්‍රංස රජය ද ඉරාකයේ කැණිම්වලට ආධාර කරන්නට විය. නිනවේ ස්මාරක පිළිබඳව විශාල ග්‍රන්ථයක් පළ කරවන්නට (1849-50) යෙදුණේ එහි ප්‍රතිඵල වශයෙනි. ඛොර්සාබාද් මූර්ති රැසක් පැරිසියේ ලූවර් (Louvre) කෞතුකාගාරයේ තැන්පත් කරන ලදි. මේ අතරතුර ඉංග්‍රීසි ජාතික ඒ. හෙන්රි ලෙයාඩ් (1817-1894) නිම්රූඩ්හි (බ.) කැණීම් කොට (1845-47) අසුර්බනිපාල් (ක්‍රි.පූ. 883-859), III වන ෂල්මනේසර් (ක්‍රි.පූ. 858-824), අසාර් හදොන් (ක්‍රි.පූ. 680-669) යන රජුන්ට අයත් හැටියට පසුව හඳුනාගන්නා ලද ඇසිරියානු රජමාළිගාවල නටබුන් සොයා ගත්තේය. ඔහු සොයාගත් පුරාවස්තුවලින් ඇතැම් ඒවා බොම්බාය වරායේ දී සොරාගන්නා ලද නමුත් පියාපත් සහිත වෘෂභ රූපය ආදි වටිනා පුරාවස්තු සෑහෙන ගණනක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට පිවිසියේය. 1849 දී ඔහු නිනවේ ස්මාරක පිළිබඳ චිත්‍ර ග්‍රන්ථයක් හා කැණීම් පිළිබඳ විස්තරයක් පෞද්ගලිකව පළ කළේය. මේ කාලයේ දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය නිම්රූඩ් පුරාවස්තු ප්‍රදර්ශනය කිරීම ඉරාක පුරාවිද්‍යාව පිළිබඳව රටේ විශාල උද්‍යෝගයක් ඇති කළ සිද්ධියකි. ලෙයාඩ් 1849-51 කාලයේ දී නිම්රූඩ් දෙවනවරටත් කුයුන්ජීක්, නෙබියුනුස් ගොඩැලි හා තෙල් බිල්ලා, අශූර්, බැබිලන්, නිපුර් යනාදි ස්ථාන රාශියකුත් කැණීය. මේ අවස්ථාවේ ඔහු සොයාගත් වැදගත් ම පුරාවස්තු විශේෂය නම් කුයුන්ජීක්හි පිහිටි සෙනකෙරිබ් රජමාළිගය හා ඊට අයත් වූ කීලාක්ෂර මැටිපුවරු ලියවිලි සමූහයයි. 1853 දී ලෙයාඩ් නිනවේ ස්මාරක පිළිබඳ දෙවැනි චිත්‍ර ග්‍රන්ථයක් ද නිනවේ හා බැබිලන් ගවේෂණ පිළිබඳ ග්‍රන්ථයක් ද පළ කෙළේය.

පැරණි නිනවේ නගරය වර්තමාන ඛොර්සාබාද් යයි බෝතා සැලකූ අතර එය වර්තමාන නිම්රූඩ් නම් ස්ථානය බව ලෙයාඩ්ගේ මතය විය. මේ අදහස් දෙක ම වැරදි බවත් සී.ජේ. රිච් මුලින් හඳුනාගෙන තිබුණු පරිදි කුයුන්ජික් ගොඩැල්ල ආශ්‍රිත ස්ථානය නිනවේ බවත් ලෙයාඩ්ගේ දෙවැනි ගවේෂණවලින් හෙළි විය. මේ වන විට කීලාක්ෂර මැටිපුවරු ලේඛන කියවීමට පුළුවන්කම තිබීම මෙහි ලා මහත් උපකාරයක් විය. කීලාක්ෂර පුරාලේඛන කියවීම පිළිබඳ විශේෂ ගෞරවය ඉංග්‍රීසි ජාතික හෙන්රි සී. රෝලින්සන්ට (1810-1895) හිමි වේ.

බෝතා වෙනුවට පත් වී ආ වික්ටර් ප්ලස් 1851 දී ඛොර්සාබාද්හි සාර්ගොන් රජමාළිගයට අයත් ගොඩනැගිලිවල ඉතිරි පදනම් සොයාගත්තේය. ලෙයාඩ්ගේ පුරාවිද්‍යා කටයුතු තවදුරටත් කරගෙන ගිය හෝර්මුස්ඩ් රසාම් කුයුන්ජික්, නිම්රූඩ් ආදි ගොඩැලි කැණීය. 1853 දී කුයුන්ජික් කැණීමෙන් සිංහ දඩයම නිරූපිත මූර්ති සහිත ශාලාව ඇතුළත් අසුර්බනිපාල් රජමාළිගාව ද කීලාක්ෂර මැටි පුවරු ලේඛන රාශියක් ද ඔහු සොයා ගත්තේය. ලො‍ෆ්ටස් ද කුයුන්ජික්හි කැණීම් කළේය. ඔහු දකුණු ඉරාකයේ වර්කා (උරුක් බ.) නම් ස්ථානය 1850 දී හා 1853-54 දී කැණ සැරසිලි සහිත බිත්ති කොටස් හා මැටිපුවරු ලිපි සොයාගත්තේය; සෙන්කෙරා, මෙදීනා, තෙල් සිෆ්ර් යන ස්ථාන කැණ පිලිස්සූ ගඩොළු, මැටිපුවරු ලිපි, සිලින්ඩරමුද්‍රා ආදිය සොයා ගත්තේය. ලොෆ්ටස්ගේ ගවේෂණ අනුසාරයෙන් සෙන්කෙරා යනු පැරණි ලර්සා නගරය බවත් පිලිස්සූ ගඩොළින් කළ පදනම ෂමාෂ් නම් වූ සූර්යයා දේවතාවාට කැප කළ දේවාලයේ නටබුන් බවත් රෝලින්සන් හෙළි කෙළේය.

1851-53 කාලයේ දී ප්‍රංස රජුගේ අනුග්‍රහය ඇතිව ෆ්‍රේනල්, ඔපේර්, ෆීලික්ස් තෝමස් යන අය කිෂ්, බැබිලන් ආදි ස්ථානයන්හි තරමක් සාර්ථක කැණීම් කළහ. බස්රාහි බ්‍රිතාන්‍ය උපතානාපතිවරයා වූ ජේ.ඊ. ටේලර් 1854-55 දී තෙල් මුකයියර් ගොඩැල්ල කැණීමේ ප්‍රතිඵලයක් වශයෙන් එම ස්ථානය ඛල්දියන්වරුන්ගේ ඌර් නගරය හා ආබ්‍රහම්ගේ උත්පත්ති ස්ථානය හැටියට රෝලින්සන්ට හඳුනාගත හැකි විය. ටේලර් කැණූ තෙල්-අබු ශාහ්රේන් බයිබලයේ සඳහන් ඒරිඩූ (බ.) නම් පැරණි සුමේරියානු නගරය බැව් රෝලින්සන් පළ කළේය.

1855 දී ‍ෆ්‍රේනල්, ඔපේර් හා තෝමස් දකුණු ඉරාකයෙන් ද නිනවේ හා ඛොර්සාබාද් යන ස්ථානවලින් ද සපයාගත් පුරාවස්තු රාශියක් යුරෝපයට ගෙනයාමේ දී අරාබි මංකොල්ලකරුවන් විසින් පැහැරගන්නා ලදි. ක්‍රිමියානු යුද්ධය ද (1855) ඉරාක පුරාවිද්‍යා කටයුතු මඳක් අඩපණ කෙළේය. මෙබඳු දුෂ්කරතා ඇති වුව ද යුරෝපීය කෞතුකාගාරයන්හි මැද පෙරදිග පුරාවස්තු එක් රැස්වීමේ අඩුවක් නොවීය. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙහි ඉරාක පුරාවස්තු සඳහා වෙන ම ශාලාවක් විවෘත විය.

රෝලින්සන්, එඩ්වඩ් හිංක්ස්, නොරිස් ආදි වියතුන්ගේ පරිශ්‍රමයේ ප්‍රතිඵල වශයෙන් කීලාක්ෂර සහිත ලේඛන සාර්ථක ලෙස කියවාගත හැකිවීම පුරාවිද්‍යාවේ විශාල ජයග්‍රහණයකි. මහා ඩේරියස් රජුගේ බෙහිස්තූන් ශිලාලිපිය බැබිලෝනියානු, පර්සියානු හා ඊලාම යන භාෂා තුනෙන් ලියන ලද බව ද එයින් බැබිලෝනියානු බස පැරණිතම බස බව ද ඔවුහු පෙන්වා දුන්හ. බෝතා හා ලෙයාඩ් සොයාගත් පුවරුවල කීලාක්ෂර බැබිලෝනියානු අක්ෂරයන්ට සමාන වූයෙන් ඒවායේ අන්තර්ගත වටිනා කරුණු කියවා වටහාගත හැකි විය. මෙම ලේඛනවල බයිබලයේ සඳහන් වන නොයෙක් පුද්ගලයන් ගැන ද ලියැවී තිබිණි. මෙම පුරාලේඛන කියවීමේ සිද්ධිය මැදපෙරදිග පුරාවස්තු කෙරෙහි යුරෝපීයයන්ගේ අවධානය මහත් සේ වැඩි කළ කාරණයක් විය.

බැබිලෝනියානුන්ගේ කීලාක්ෂර වි‍ශේෂය ඔවුන්ට පෙර විසූ ජනතාවක් විසින් නිපදවන ලදැයි හිංක්ස් අවධාරණයෙන් ප්‍රකාශ කළේය. එම පුද්ගල කොට්ඨාසය සෙමිටික් ගණයට අයත් නොවන සුමේරියන්වරු යයි 1869 දී ඔපේර් ප්‍රකාශ කළේය. බැබිලෝනියන්වරුන්ට හා ඇසිරියන්වරුන්ට පෙර ඉරාකයේ සුමේරියන්වරු විසූහයි ඔපේර් ඉදිරිපත් කළ මතය පිළිගන්නා ලද්දේ සෑහෙන කලකට පසු කරන ලද කැණීම්වලින් හෙළි වූ කරුණු අනුසාරයෙනි.

ක්‍රිමියානු යුද්ධය නිසා අඩපණ වූ ඉරාක පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුව නැවත වර්ධනය වන්නට වූයේ 1871 දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ජෝජ් ස්මිත් කීලාක්ෂර ලේඛන අනුසාරයෙන් ‘අසුර්බනිපාල්ගේ ඉතිහාසය’ නමැති ග්‍රන්ථය ලිවීමත් සමගය. ස්මිත් විසින් මැටිපුවරු ලේඛන අතර තිබී බයිබලයේ සඳහන් ‘මහා ජලගැල්ම’ පිළිබඳ ඛල්දියානු වෘත්තාන්තයේ කොටසක් සොයාගැනීම (1872) ජනතාවගේ කුහුල වැඩි කළ කරුණක් විය. ‘ඇසිරියානු ගවේෂණ’ හා ‘ඛල්දියානු ලෝක නිර්මාණ විස්තරය’ යන ග්‍රන්ථද්වය ස්මිත් විසින් පළ කරනු ලැබීම ද ඊට හේතු විය.

1878-1882 කාලය තුළ රසාම් බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙනුවෙන් කලාකෘති හා පුරාලේඛන සෙවීමට ඉරාකයේ ස්ථාන කිහිපයක් ම කැණීය. 1878 දී තෙල් බලවත්හි දී II වන ෂල්මනේසර් රජුගේ සුප්‍රසිද්ධ ලෝහ ද්වාර ඔහුට සොයාගත හැකි විය. 1880 දී ඔහු අබු හබ්බා නම් ස්ථානයෙන් ලේඛන සහිත සිලින්ඩර හා පුවරු රාශියක් සොයාගත්තේය. පුරාණයේ සිප්පාර් යනුවෙන් හැඳින්වුණු මෙම ස්ථානයේ ෂමාෂ් නම් වූ සුර්යදේවතාවාට කැප කළ දේවාලයක් වූ බව ඒ අනුසාරයෙන් පැහැදිලි විය.

සුමේරියානු ශිෂ්ටාචාරය යනුවෙන් අප හඳුන්වන පැරණි ශිෂ්ටාචාරයක් මෙසපොටේමියාවේ පැවති බවත් ඇසිරියානු ශිෂ්ටාචාරය හා බැබිලෝනියානු ශිෂ්ටාචාරය ඉන් ප්‍රභව වූ බවත් පුරාවිද්‍යාඥයන්ට ක්‍රමයෙන් අවබෝධ වන්නට විය. සුමේරියානුන් පිළිබඳ ඇතැම් ලක්ෂණ වර්කා, බෝර්සිප්පා, සිප්පාර් යන ස්ථානවල කරන ලද කැණීම්වලින් ද මේ වන විට හෙළි වී තුබුණු නමුත් ඒ පිළිබඳ නිශ්චිත අවබෝධයක් ඇති වූයේ ප්‍රංශ ජාතික ද සාර්සෙක් 1877 සිට 1933 දක්වා විටින් විට තෙලෝහි කැණීම් කළාට පසුවය. ලගාෂ් නම් වූ පැරණි සුමේරියානු නගරය පිහිටා තිබුණේ වත්මන් තෙලෝ පිහිටි තැනය. සුමේරියන්වරු නම් වූ ජනකොට්ඨාසයකගේ පැවැත්ම ගැන ස්ථිර දැනුමක් හා ඔවුන්ගේ භාෂාව, ඉතිහාසය හා කලාව පිළිබඳ පුළුල් දැනීමක් ලෝකයාට ලබා ගත හැකි වූයේ තෙලෝහි කළ ගවේෂණ නිසාය.

1884 දී පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය වෙනුවෙන් ඉරාකයේ ප්‍රථම ඇමෙරිකානු පුරාවිද්‍යා ගවේෂණය සිදු කැරිණ. 1887 සිට පීටර්ස් හා හිල්ෆ්‍රෙක්ට් යන අයගේ පුරෝගාමිත්වයෙන් නිපුර් නම් ස්ථානයේ කරන ලද කැණීම්වල ප්‍රතිඵල වශයෙන් පැරණි සුමේර් රාජ්‍යයේ ශ්‍රේෂ්ඨතම පූජ්‍යස්ථානය වූ වායුදේව විමානය ද සුමේරියානු සාහිත්‍යමය හා ඓතිහාසික ලේඛන අන්තර්ගත පුවරු 50,000කට අධික සංඛ්‍යාවක් ද සොයා ගන්නා ලදි.

19 වන සියවස මධ්‍ය භාගයේ ඉරාක පුරාවිද්‍යා කැණීම් විශිෂ්ට ප්‍රතිඵල ගෙන දුන් නමුත් බෝතා, ලෙයාඩ්, රසාම් ආදි පුරෝගාමීන් විද්‍යාත්මක කැණීම් කළවුන් හැටියට හැඳින්විය නොහැකිය. බිත්ති අද්දර උමං කපා, එළිය ලබාගැනීම සඳහා තැනින් තැන සිරස් අතට හෑරීම ඔවුන් අගය කළ කැණීම් ක්‍රමය විය. සොයාගන්නා ලද නටබුන් ස්ථාන සංරක්ෂණය කෙරෙහි සැලකිල්ලක් නොදක්වන ලදි. කැණීම් කිරීමේ ප්‍රධාන පරමාර්ථය වූයේ යුරෝපා කෞතුකාගාරවලට හෝ කලාවස්තු රැස් කරන පුද්ගලයන්ට හෝ කලාකෘති සපයා ගැනීමය.

ද සාර්සෙක් තෙලෝහි කැණීම් ඇරඹුවාට පසුව 19 වන සියවසේ අවසානයේ දී ජර්මන් පුරාවිද්‍යාඥයෝ සුමේරියානු නෂ්ටාවශේෂ සහිත පෙදෙස් කිහිපයක් පරීක්ෂා කළ නමුත් ප්‍රමාණවත් කැණීම් නොකළහ. 1899 සිට 1914 දක්වා කාලය තුළ කෝල්ඩෙවේ හා ඕන්ද්රේ යන අයගේ ප්‍රමුඛත්වයෙන් බැබිලන් හා අශූර් යන ස්ථාන දෙක විධිමත් කැණීමකට භාජන කරන ලදි. ප්‍රථම වරට බැබිලෝනියානු නගරයකට අයත් ගොඩනැඟිලි හාරා එළිකිරීමත් ස්තර වින්‍යාසය (stratigraphical sequence) වටහාගත හැකි ලෙස කැණීම් කිරීමත් ඔවුන් දෙදෙනා අතින් සිදු විය. බැබිලන්හි කෝල්ඩෙවේ කළ කැණීම් ඉරාකයේ ප්‍රථම අංගසම්පූර්ණ වූත් විද්‍යානුකූල වූත් කැණීම් විය. මෙහි කැණීම් කරන ලද්දේ විශේෂයෙන් ක්‍රි.පූ. 6, 7 සියවස්වලට අයත් නව-බැබිලෝනියානු යුගයේ නටබුන් පිළිබඳවය. ඕන්ද්රේ 1904-14 කාලයේ දී අශූර් කැණ ඇසිරියානු අධිරාජ්‍යයේ ප්‍රථම අගනුවර පිළිබඳ කරුණු රැසක් අනාවරණය කෙළේය. ඉෂ්තාර් දේවාලය තුළින් පටන්ගෙන ඔහු මුල්පසේ පිහිටි ආරම්භක දේවාලය දක්වා කැණීය. මේ වූකලි ඉරාක දේශයෙහි ස්තර වින්‍යාසය සලකා කැණීම් කළ ප්‍රථම අවස්ථාව විය. සුමේරියානු ආගමික උත්සව පිළිබඳ තොරතුරු රාශියක් මෙයින් හෙළි කිරීමට ඕන්ද්රේ සමත් විය.

ප්‍රථම ලෝක සංග්‍රාමය අවසන්වීමටත් පෙර ආර්. කැම්බල් තොම්සන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙනුවෙන් ඌර් (බ.) හා ඒරිඩූ යන ස්ථානයන්හි කැණීම් ඇරඹීය. ඔහුගේ සොයාගැනීම්වලින් උනන්දුවට පත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරය එච්.ආර්. හෝල් යටතේ මෙම ස්ථාන කැණීමට කණ්ඩායමක් යැවීය. හෝල්, ඌර් නගරයට මඳක් බටහිරින් පිහිටි අල්-උබයිද් නම් ස්ථානය කැණ ඕන්ද්රේ අශූර්හි සොයාගත් පෞරාණික දේවාලය හා සමකාලීන වූ දේවාලයක පදනමක් සොයාගත්තේය. 1922 දී තොම්සන් හා හෝල් යන අයගේ වැඩ කටයුතු සර් ලෙනාඩ් වුලිට පැවරුණේය. පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ කෞතුකාගාරය හා බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙනුවෙන් කටයුතු කළ වුලි පළමුව ඌර්හි ද ඊළඟට අල්-උබයිද්හි ද 1926 සිට නැවත ඌර්හි ද කැණීම් කළේය. ඌර්හි රාජකීය සොහොන්ගැබ් සහිත අතිවිශාල ප්‍රාග්-ඓතිහාසික සොහොන්බිම කණින ලද්දේ 1926 දීය. වුලි විසින් මෙහි දී වටිනා ස්වර්ණාභරණ හා වෙනත් වස්තු ද අවමංගල චාරිත්‍ර පිළිබඳ නොයෙක් සාධක ද සොයාගනු ලැබීම ලෝකයා මවිත කරවනසුලු සිද්ධියක් විය.

1900 වන විට සුමේරියානුන් ගැන දැන සිටියේ අතළොස්සක් දෙනෙකි. එහෙත් 1930 වන විට හැම දෙනා ම පාහේ එනමින් යුත් ප්‍රාග්-ඓතිහාසික මනුෂ්‍ය කොට්ඨාසයක් විසූ බව නිසැකව දැන සිටියහ. මේ තත්වය ඇති වූයේ ඌර්හි පුදුම එළවනසුලු සොයා ගැනීම් නිසා පමණක් නොවේ. වුලි පළ කළ ඛල්දියානුන්ගේ ඌර් නගරය (1929), සුමේරියානුන් (1930), ආබ්‍රහම් පිළිබඳ අලුත් සොයාගැනීම් හා හේබ්‍රෙව් ප්‍රභවය (1936) පිළිබඳ ග්‍රන්ථ ද ඊට හේතු විය. අල්-උබයිද් හා ඌර් කැණීම් පිළිබඳ සම්පුර්ණ විස්තරයක් 1928-1938 කාලය තුළ කාණ්ඩ 6කින් පළ කරන ලදි.

වුලි අල්-උබයිද්හි හාරා එළි කළ සුමේරියානු දේවාලය ඓතිහාසික පුද්ගලයකු හා සම්බන්ධ ප්‍රථම ගොඩනැගිල්ල විය. එය ඌර්හි අ-අන්නි-පද නම් රජතුමා විසින් ගොඩනඟන ලද්දක් බව එහි හුනුගල් පදනමේ වූ ලිපියකින් කියැවෙයි. අල්-උබයිද්හි තවත් කොටසක දුඹුරට හුරු කොළ පැහැය මත කළුපාටින් අඳින ලද මෝස්තර සහිත මැටිභාජන විශේෂයක් භාවිත කළ පිරිසකගේ ජනාවාසයක ලකුණු හඳුනාගත හැකි විය.

1923 දී මහාචාර්ය ලැංඩන් යටතේ එංගලන්ත-ඇමෙරිකානු ගවේෂක කණ්ඩායමක් විසින් බැබිලන් නගරයට සැ. 8ක් නැගෙනහිරින් පිහිටි කිෂ් නම් ස්ථානය කණින ලදි. විශාල ප්‍රදේශයක විහිදුණු නටබුන් මෙම ස්ථානයේ ඇත. මෙහි කරන ලද කැණීම් මගින් ක්‍රි.පූ. 5 වන සහස්‍රකයේ සිට ක්‍රි.පූ. 600 දක්වා වූ කාලපරිච්ඡේදයට අයත් ගෘහනිර්මාණාදියේ නෂ්ටාවශේෂ සොයා ගෙන ඇත. මීට සැ. 18ක් ඊසාන දෙසින් වූ ජේම්දෙත් නසර් නම් ස්ථානය 1926 දී හා 1928 දී කණින ලදි. මෙම ස්ථානයෙන් ලැබුණු ප්‍රධාන පුරාවස්තු විශේෂය වූයේ අල්-උබයිද් හා උරුක් මැටි භාජනයන්ට වෙනස් වූ බහු වර්ණ මැටි භාජන විශේෂයකි. කිෂ් ආදි තවත් ස්ථාන කිහිපයකින් එම වර්ගයේ මැටිභාජන පසුව හමු විය. ඒවා අනුසාරයෙන් ඉරාකයේ තවත් ප්‍රාග් ඓතිහාසික සංස්කෘතික යුගයක් අනාවරණය විය.

1912-13 දී ජර්මන්වරුන් පළමුවෙන් හෑරූ වර්කා (උරුක් බ.) නම් ස්ථානය 1928 සිට 1939 දක්වා කාලය තුළ ජූලියස් නෝර්ඩන් හා ආර්නෝල්ඩ් නෝල්ඩෙක යටතේ කණින ලදි. එහි යටකී අල්-උබයිද් මැටි භාජන හමු වූ ස්තරයකට ඉහළ ස්තරයකින් අලුත් මැටි භාජන විශේෂයක් සොයාගන්නා ලදි. ප්‍රාග්-ඓතිහාසික උරුක් සංස්කෘතික යුගය හඳුනා ගන්නා ලද්දේ ඒවා ආශ්‍රයෙනි. එම මැටි බඳුන් අන්තර්ගත ස්තරයන්ට සම්බන්ධ එකිනෙක මත පිහිටි දේවාල පදනම් තුනක් ද සොයා ගන්නට යෙදිණ.

1931 දී ලයිඩන්හි රැස් වූ ප්‍රාචීන ශාස්ත්‍රඥයන්ගේ 18 වන සම්මේලනයේ දී ඉරාකයේ එතෙක් සොයාගෙන තුබුණු පුරාවස්තූන්ගේ පෞරාණිකත්වය හා ඒවා හමු වූ ස්ථාන ගැන සලකා ඉරාකයේ ප්‍රාග්-ඉතිහාසයට අයත් කාල පරිච්ඡේදය යුග තුනකට බෙදා දක්වන ලදි. පැරණිතම යුගය අල්-උබයිද් යුගය (ක්‍රි.පූ. 4000-3500) යනුවෙන් ද දෙවැන්න උරුක් යුගය (ක්‍රි.පූ. 3500-3200) යනුවෙන් ද තුන්වැන්න ජේම්දෙත්-නසර් යුගය (ක්‍රි.පූ. 3200-2800) යනුවෙන් ද හැඳින්වීමට තීරණය විය. ඉරාකයේ ප්‍රාග්-ඉතිහාසය ක්‍රමවත්ව හැදෑරීමට මෙම බෙදීම උපකාරී විය. කෙසේ වුව ද අලුත් සංස්කෘතික සොයා ගැනීම් සමග මෙම බෙදුම උපයෝගී කරගැනීමේ දී දුෂ්කරතා මතු වන්නට විය. ඔපන්හයිම් 1911 දී හා 1914 දී කැණීම් කළ මෝසුල් ප්‍රදේශයට අයත් තෙල් හලාෆ් නම් ස්ථානය 1926 දී කණිනු ලැබ තඹ, පිත්තල ආදි ලෝහ භාවිතාකළවුන්ගේ සංස්කෘතියකට අයත් උසස් ගණයේ බහුවර්ණ මැටිභාජන සොයා ගන්නා ලදි. සමර්රා නම් ස්ථානයෙන් හෙර්ම්ස් ෆෙල්ට් විසින් (1912-14) ද නිනවේ අසල අර්පඩයියා නම් ස්ථානයෙන් ඇම්.ඊ.ඇල්. මැලෝවන් විසින් (1933) ද තෙපි ගව්රා හා තෙල් බිල්ලා යන ස්ථානවලින් ෂ්පයිසර් විසින් (1930 සිට) ද මීට සමාන මැටිබඳුන් සොයා ගන්නා ලදි. මේවායින් පිළිබිඹු වන හලා‍ෆ් සංස්කෘතිය අල්-උබයිද් යුගයට ද වඩා පැරණි වූ ක්‍රි.පූ. 5 වන සහස්‍රවර්ෂයට අයත් වන්නකි. 1931 සිට කැම්බල් තොම්සන් කුයුන්ජික්හි කළ හරස් කැපුමකින් ඇසිරියානු, බැබිලෝනියානු, ඇකේඩියානු, සුමේරියානු, ජේම්දෙත්-නසර්, උරුක්, අල්-උබයිද්, හලා‍ෆ් යන යුග සියල්ල ම හඳුනාගත හැකි විය. මතුපිට සිට අඩි 70ක් යටින් වූ ප්‍රථම නෂ්ටාවශේෂ ස්තරයේ තිබී හමු වූ අපූර්ව කුරුටු මෝස්තර සහිත මැටි බඳුන් ප්‍රාග්-හලාෆ් යුගයකට අයත් වේ. 1941 දී ෂ්පයිසර් මැදපෙරදිග විවිධ පුරාවිද්‍යා ගවේෂණ පදනම් කොටගෙන ඉරාකයේ ප්‍රාග්-ඉතිහාස කාල පරිච්ඡේදය යුග පහකට බෙදා දැක්වීය. 5. ජේම්දෙත්-නසර්, 4. උරුක්, 3. අල්-උබයිද්, 2. හලාෆ්-සමර්රා හා 1. සක්ජේ ගියුසු හෙවත් නවශිලා යනුවෙනි. මෙම බෙදීම ඉතිහාසඥයන් බොහෝ දෙනකුන් විසින් පිළිගන්නා ලද්දකි.

දකුණු ඉරාක ප්‍රදේශයේ ද මේ අවධියේ කැණීම් ද තවදුරටත් කරන ලදි. 1929 දී ඉරාකයේ පුරාවිද්‍යා කටයුතු ඇරඹූ චිකාගෝ විශ්වවිද්‍යාල ප්‍රාචීන ආයතනය ඛොර්සාබාද්හි බෝතා හා ප්ලස් කළ කටයුතු නිමාවට පත් කොට 1930 දී තෙල් අස්මර් (බ.) හා ඛපජේ යන ස්ථානවල කැණීම් ඇරඹීය. මෙකී ආයතනය 1934-36 කාලයේ දී තෙල් අජ්රබ් නම් ස්ථානය ද කැණීය. තෙල් අස්මර් හා ඛපජේ යන ස්ථානවලින් ප්‍රථම මෙසපොටේමියානු රාජවංශ ඇතුළත් යුගයන්හි කලාව හා ශිෂ්ටාචාරය පිළිබඳ වැදගත් කරුණු අනාවරණය වූ අතර තෙල් අජ්රබ් නම් ස්ථානයෙන් සුමේරියානු ශිෂ්ටාචාරය හා ඉන්දුනිම්න ශිෂ්ටාචාරය අතර පැවති සම්බන්ධතා හෙළි කරන සාධක සපයා ගත හැකි විය. 1929 සිට ප්‍රංස පුරාවිද්‍යාඥයෝ තෙලෝහි නැවත කැණීම් ආරම්භ කළහ.

1933 දී විදේශීය ගවේෂක කණ්ඩායම් මගින් ඉරාක පුරාවස්තු පිටතට ගෙනයාම තහනම් කරනු ලැබූයෙන් ප්‍රංස හා බ්‍රිතාන්‍ය ගවේෂකයෝ ඉරාකයෙන් පිටත ස්ථානවල කැණීම් ඇරඹූහ. පැරට් 1934 දී සිරියාවේ තෙල් හරිරි නම් ස්ථානය කැණීය. එම ස්ථානය පුරාණ සුමේරියානු සංස්කෘතියට අයත් මධ්‍යස්ථානයක් විය. මැලෝවන් සිරියාවේ බාබුර් දිස්ත්‍රික්කයේ තෙල් චාගර් බසාර් හා තෙල් බ්‍රාක් යන ස්ථානවල ද ලෙනාඩ් වුලි ඇන්ටියෝක් තැනිතලාවේ අට්වානා නම් ස්ථානයේ ද කැණීම් ආරම්භ කළහ.

1939 වන විට ඉරාකයේ විදේශීය ගවේෂක කණ්ඩායම් බොහොමයකගේ වැඩකටයුතු අවසන් වෙමින් තිබිණ. එහෙත් දෙවන ලෝක සංග්‍රාමය නිසා පුරාවිද්‍යා කටයුතු අඩපණ නොවීය. ප්‍රථම ලෝක සංග්‍රාමයෙන් පසු බිහි වුණු ඉරාක පුරාවස්තු දෙපාර්තමේන්තුව හා ඉරාක කෞතුකාගාරය, විශේෂයෙන් ග’ට්රූඩ් බෙල්ගේ උනන්දුව නිසා පුරාවිද්‍යා කටයුතු කෙරෙහි සැලකිලිමත් වන්නට විය. උමයියද් අගනුවර වූ වාසික්හිත් අබ්බාසිද් අගනුවර වූ සමර්රාහිත් කැණීම් අරඹන ලද්දේ (1936) එහි ප්‍රතිඵල වශයෙනි. ඉරාක රජය විසින් ප්‍රාග්-ඓතිහාසික ස්ථානයක් පළමු වරට කණින ලද්දේ 1940 දීය. ඒ තෙල් උකායිර් නම් ස්ථානයයි. උරුක් යුගයට අයත් බිතුසිතුවම් ආදිය අන්තර්ගත දේවාලයක් එහි හමු විය. 1943 දී තෙල් හස්සූනා නම් ස්ථානයෙන් ද 1946න් පසු ඒරිඩූ නම් ස්ථානයෙන් ද ඉතා වටිනා පුරාවිද්‍යාත්මක කරුණු රාශියක් සොයාගත හැකි විය. හසූනා නම් ස්ථානය නිනවේ නගරයට සැතපුම් පිහිටි 20ක් දකුණෙන් පිහිටියේය. පිහිටි බිම හා සම්බන්ධ වූ ඔප දමන ලද ගල් ආයුධවලින් ඇරඹී මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ අවධි 16ක් තිස්සේ ඇති වූ දියුණුව කියාපාන නෂ්ටාවශේෂ රැසක් හසූනා නම් ස්ථානයෙන් සොයාගත හැකි විය.

ඉරාක ප්‍රාග්-ඓතිහාසික යුග පහට ම අයත් පුරාවස්තු හස්සූනාහි විය. අල්-උබයිද් යුගය, අල්-උබයිද් වැනි කුඩා ග්‍රාමයන්ගෙන් යුක්ත වූ යුගයකැයි මෙතෙක් සලකන ලද නමුත් එම යුගය වන විට ඒරිඩූ විශාල නගරයක් වශයෙන් පැවති බවත් එහි දේවාලයක් ගොඩනැඟී තිබුණු බවත් ඒරිඩූහි 1946-49 කාලය තුළ කරන ලද කැණීම්වලින් පැහැදිලි විය. ඒරිඩූ, මිනිසා නිර්මාණය කළ පැරණිතම නගරය ද විය හැකිය. ක්‍රි.පූ. 4 වන සහස්‍රකයේ ආරම්භයේ දී ම වුව එය නාගරික තත්වයේ පැවතියේය. 1949 දී ඉරාක රජය විසින් සුලෙයිමානියා ගුහා පරීක්ෂා කරන ලදුව, පුරාශිලා ශිෂ්ටාචාරයන්ට අයත් ගල් ආයුධ සොයාගන්නා ලදි. එම ආයුධ ඉරාකයේ ආදිතම මිනිසුන්ගේ උපකරණ විය හැකිය. කලාත්, ජර්මෝ, කරා යටාග් යන ස්ථාන කැණීමෙන් ඉරාකයේ ශිලායුග පිළිබඳ වැදගත් කරුණු හෙළි කරන ලද්දේය. සර්සි, කාරිම් ශාහිර්, බර්දාබල්කා යනාදි ප්‍රාග්-ඓතිහාසික මධ්‍යස්ථාන ද මේ අතින් වැදගත් වේ.

ආර්ථික ක්‍රමය

ඉරාකයේ ජනගහනයෙන් 60%ක් පමණ ග්‍රාමීය ජනයාය; 10%ක් පමණ අර්ධ ග්‍රාමීය ජනයාය; 25%ක් පමණ නාගරික ජනයාය; ඉතිරි 5% සංචාරක ජනයාය. ඉරාක ජනයාගේ ප්‍රධාන රැකීරක්ෂාව කෘෂිකර්මයය. එහි ආර්ථික ක්‍රමය කෘෂිකාර්මික හා පශුපාලක ක්‍රමයක් හැටියට හැඳින්විය හැකිය. එසේ ද වුවත් රටේ මුළු ආදායමෙන් ඉතා විශාල ප්‍රමාණයක් ලැබෙනුයේ ඛනිජ තෙල්වලිනි.

1964-65 වර්ෂයේ රජයේ අයවැය ලේඛනය අනුව මුළු අය ඉරාකි දිනාර් කෝටි 14.32ක් විය. එම වර්ෂයේ දී ඛනිජ තෙල්වලින් රජයට ලැබුණු ආදායම කෝටි 12.5කි. මෙකී වර්ෂයේ වැය එකතුව දිනාර් කෝටි 18.12ක් වූ අතර ඉන් වැඩි කොටස, එනම් 2/3ක් පමණ ම, ආරක්ෂක කටයුතු සඳහා විය. වත්මන් ඉරාකය ඌන සංවර්ධන ආර්ථික ක්‍රමයක් ඇති රටකි. එපමණක් නොව දියුණු කළ හැකි විශාල ආර්ථික සම්පත් ද එහි ඇත. කෘෂිකර්මය දෙස බලන කල කැපී පෙනෙන්නා වූ ලක්ෂණයක් නම් ඉඩම් ප්‍රමාණයෙන් සියයට 5ක් ඉරාකය පමණක් දියුණුව තිබීමයි. වගා කරන ලද ඉඩම් සම්බන්ධයෙන් ඇති ජල සම්පාදනය 1920-30 අතර අසතුටුදායක තත්වයක පැවැතිණි. මුල් කාලයේ දී කෘෂිකාර්මික කටයුතුවල දී යොදනු ලැබුණේ යල්පැනපු නිෂ්පාදන ක්‍රම නිසා පලදාව ඉතාමත් පහත් විය. ගව ආදි සතුන් ඇති කිරීම සංචාරක එඬේර ජනතාව අතෙහි විය. හස්ත කර්මාන්ත හා වෙනත් සුළු ගෘහ කර්මාන්ත මිස සැලකිය යුතු කාර්මික ව්‍යාපාර නොතිබිණ. 1920 දශකයේ දී කම්හල් ගැන අසන්නට වත් නොලැබිණ. ප්‍රවාහණය ද නොදියුණු තත්වයක විය. සුළු වශයෙන් වුව ද ඉරාකයේ ආර්ථික දියුණුව කරා මග පෑදෙන්නට වූයේ 1920ත් 1950ත් අතර කාලයේ දී ආර්ථික කටයුතු දියුණු කිරීම සඳහා රජය මැදිහත් වීමට පටන් ගැනීමෙන් පසුය. ආණ්ඩුවේ වර්තමාන වියහියදම් පිරිමසා ගැනීමට යොදන ලද ‘සාමාන්‍ය’ අයවැය ලේඛනයක් සකස් කර, ‘ඵලදායී ප්‍රාග්ධන වැඩ පිළිවෙළක්’ සඳහා මුදල් වෙන් කළ ‘විශේෂ’ අයවැය ලේඛනයක් අනුව මෙම කාලය තුළ දී ආර්ථික දියුණුව කරා පා නඟන ලදි. ‘විශේෂ’ අයවැය ලේඛනයට අවශ්‍ය මිල මුදල් සපයා ගන්නා ලද්දේ ඛනිජ තෙල් අඳ කොටස, රජයේ ඉඩම් විකුණුම්, රජයේ ණයදීම් සහ ඉරාක මුදල් මණ්ඩලයේ ආදායම් යනාදියෙනි.

1920-50 අතර ගෙනයන ලද ප්‍රාග්ධන ව්‍යාපාර වැඩි වශයෙන් ජල සම්පාදනය හා ජල ගැලුම් පාලනය සම්බන්ධ වැඩ පිළිවෙළවල්ය. කෙසේ වුව ද, සෑහෙන කාර්මික දියුණුවක් වත් කෘෂිකාර්මික නිෂ්පාදනයේ මූලික වෙනස් වීමක් වත් ඇති වූයේ 1940 ගණන්වලටත් පසුවය.

1951 කලින් ඛනිජ තෙල්වලින් ලත් ආදායම ජාතික ආදායමින් 13%ක් පමණ විය. 1951 සිට මෙය ශීඝ්‍රව වැඩී 1955 වන විට එය ජාතික ආදායමින් 30%ත් 40%ත් අතර විය. 1960 ගණන්වල දී තෙල් ආදායම තව තවත් ශීඝ්‍රව නැංගේය. මෙම මුදල් වැඩි ප්‍රමාණයක් විදේශ මුදල් වූයෙන් අයබදු වැඩිකිරීම වැනි කර්කශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකොට ම රජයට සංවර්ධන වැඩපිළිවෙළවල් ආරම්භ කිරීමට පුළුවන් විය.

පාලන කටයුතුවල අවුල් වියවුල් නිසා ද ආණ්ඩු නිතර නිතර වෙනස්වීම නිසා ද සංවර්ධන කටයුතුවලට නොයෙකුත් බාධා අවහිර ඇති විය. ආර්ථික සංවර්ධනය අරභයා කටයුතු කරනු සඳහා විශේෂඥයන් භාරයේ ස්වායත්ත ආයතනයක් ඉරාකයේ පිහිටුවීමට අදහස් කරනු ලැබුවේ මෙකී කරුණු හේතුකොටගෙනයි. ශීඝ්‍රව නැගෙන ඛනිජ තෙල් ආදායමින් ම සංවර්ධන කටයුතු ගෙන යා හැකි බව මේ අවධියේ දී අදහස් කරනු ලැබීය. ඛනිජ තෙල් ආදායමින් 70%ක් සංවර්ධනය වෙනුවෙන් වෙන් කරන ලදි. 1951-56 කාලසීමාව ඇතුළත් කරන ලද හය අවුරුදු සැලැස්මක් සම්පාදනය කරන ලදි.

1955-60 අතර කාලය සඳහා තවත් සය අවුරුදු සැලැස්මක් ආරම්භ කරනු ලැබීය. ප්‍රථම සැලැස්මට වඩා විශාල මුදලක් මෙම සැලැස්ම සඳහා යොදනු ලැබිණ. මෙම සැලසුම්වල ප්‍රමුඛත්වය දෙන ලද්දේ ජල ගැල්ම වැළැක්වීම, වාරිමාර්ග තැනීම, ජල ප්‍රවාහණ, මුඩු බිම් අස්වැද්දීම යනාදියටයි. පාරවල් සෑදීම ඇතුළු ප්‍රවාහණ ක්‍රම දියුණු කිරීමට ද වැදගත් තැනක් දෙන ලදි. කාර්මික කටයුතු වැදගත්කමින් තෙවන තැන ගනී. කපු පිළී කර්මාන්තශාලාවක්, සිමෙන්ති කර්මාන්තශාලා 2ක් හා සීනි කම්මලක් පිහිටුවීම සඳහා ද ලෝහ සහ කෘෂිකාර්මික කර්මාන්ත සඳහා ද මුදල් (ඉරාක දිනාර් කෝටි 11ක්) ප්‍රථම වරට වෙන් කරනු ලැබුවේ මෙම සැලැස්ම යටතේය. මෙම කටයුතු වැඩි ගණනක් විදේශ ව්‍යාපාරික ආයතනවලට භාර දීම ඉරාකයේ සංවර්ධන සැලැසුම්වල කැපී පෙනෙන අංගයකි. නිෂ්පාදන ශිල්පක්‍රම පිළිබඳ විශේෂඥයන් ඇ.එ.ජ. රාජ්‍යයෙන්, මහා බ්‍රිතාන්‍යයෙන්, යුරෝපීය රටවලින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාර්ගයෙන් ඉරාකය ලබා ගනී.

ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් අනිකුත් ආසියා-අප්‍රිකානු රටවලට නැති වාසි රාශියක් ම ඉරාකයට ඇත. අතිශයින් දියුණු කළ හැකි ජල බලයක් තිබීම, ජල සම්පාදනය මගින් සරු බිම්වලට පරිවර්තනය කළ හැකි පුරන් ඉඩම් විශාල ප්‍රමාණයක් තිබීම හා විශාල ජල ප්‍රමාණයක් තිබීම ඉන් කිහිපයකි. මේ සියල්ලට ම වඩා වැදගත් වනුයේ ඛනිජ තෙල්වලින් ලැබෙන විශාල ආදායමින් ඉරාකයේ සංවර්ධනාත්මක කටයුතුවලට අවශ්‍ය ප්‍රාග්ධනය බොහෝ දුරට සපයාගැනීමට පුළුවන් වීමයි.

1960 දී සංවර්ධන ක්‍රම 890ක් තාවකාලික ව ඇතුළත් වූ සතර අවුරුදු සැලැස්මක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. අරාබි බැංකුව, ඉරාක ව්‍යාපාර බැංකුව, ඉරාක ණය බැංකුව, ඉරාක ඒකාබද්ධ බැංකුව, බැග්ඩෑඩ් බැංකුව, ලෙබනන් ෆෙඩරල් බැංකුව හා පකිස්ථාන් ජාතික බැංකුව ප්‍රසිද්ධ ව්‍යාපාර බැංකුය. පුද්ගලයන්ට හා සමාගම්වලට ණය දීමට බලය ඇති ආණ්ඩුවේ බැංකු සතරක් ද ඉරාකයේ ඇත. මේවා නම් කාර්මික බැංකුව, කෘෂිකාර්මික බැංකුව, උකස් බැංකුව සහ වතු බැංකුවයි.

ආණ්ඩුක්‍රමය

බ්‍රිතාන්‍යයේ භාර ප්‍රදේශයක් වශයෙන් 1921 දී ඉරාක රාජ්‍යය පිහිටුවන ලද්දේය. 1958 ඇති වූ විප්ලවය දක්වා ඉරාකයේ පාලනය ගෙනයනු ලැබුවේ 1924 දී ක්‍රියාත්මක කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවය. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉරාක ආණ්ඩුව හඳුන්වනු ලැබුවේ උරුමයෙන් පැවත එන රාජාණ්ඩුවක් වශයෙනි. රජකම පවරන ලද්දේ පළමුවැනි ෆයිසාල් රජුට හා ඔහුගේ දරුමුනුබුරු පරපුරටත්ය. රාජ්‍යයේ ප්‍රධානියා වශයෙන් නීති අණපනත් අනුමත කිරීමේ හා ඒවා ක්‍රියාත්මක කිරීමේ අයිතිය ඔහු අත විය. අග්‍රාමාත්‍යවරයා පත් කිරීමට මෙන් ම අස්කිරීමට ද බලයක් ඔහුට තිබුණේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉරාකයේ අමාත්‍ය මණ්ඩලයක් හා පාර්ලිමේන්තුවක් තිබිය යුතුය. පාර්ලිමේන්තුව සමන්විත වූයේ සෙනට් සභාවකින් හා නියෝජිත සභාවකින්ය. සෙනට් සභිකයෝ අවුරුදු අටක කාලයකට රජු විසින් පත් කරනු ලැබූහ. ඔවුන් අතුරින් අර්ධයකට වර්ෂ 4කට වරක් විශ්‍රාම ගැනීමට සලස්වන ලදි.

නියෝජිත සභාවට නියෝජිතයන් තෝරා පත්කරන ලද්දේ එරට පුරුෂ ජනගහනයෙන් සෑම 20,000කට ම එක් නියෝජිතයකු බැගිනි. අග්‍රාමාත්‍යයාගේ උපදෙස් අනුව රජු විසින් කැබිනට් මණ්ඩලයට සාමාජිකයෝ පත් කරනු ලැබූහ.

1958 ජූලි මස 14 වැනි දින යුද්ධ හමුදාවේ නිලධාරීන් අතළොස්සක් විසින් සංවිධානය කරන ලද කූදෙතාවක මාර්ගයෙන් යට දැක්වුණු රාජාණ්ඩුව බිඳ දමා ඉරාකය සමූහාණ්ඩුවක් බවට පත් කරනු ලැබිණි. අබ්දුල් කරීම් කාසිම් සෙනෙවියා යටතෙහි වූ ඉරාක ආණ්ඩුව තවත් කූදෙතාවක ප්‍රතිඵලයක් වශයෙන් 1963 දී වෙනස් විය.

1958 ජූලි මස 28 වැනි දින අලුත් සමූහාණ්ඩුවේ තාවකාලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඉරාකය නිදහස් ස්වාධීන ඉස්ලාම් ජාතික සමූහාණ්ඩුවක් වශයෙන් එහි හැඳින්වේ.

ජාත්‍යන්තර දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පළමු සමූහාණ්ඩුවේ ප්‍රතිපත්තිය මධ්‍යස්ථ එකක් විය. 1960 මුල් මාසවල දී ම දේශපාලන පක්ෂවලට දේශපාලන කටයුතුවල යළිත් නිරත වීමට ඉඩ දෙන ලදි. මේ අනුව දේශපාලන පක්ෂ 5ක් ම ලියාපදිංවිවීම සඳහා අයදුම් කළහ. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ටිටෝවාදී කොමියුනිස්ට් පක්ෂය, ඉරාකයේ කුර්දිස්ථාන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ඉරාකයේ ඉස්ලාම් ජාතික පක්ෂය හා නිදහස් පක්ෂය යන පක්ෂවලට ලියාපදිංචිවීමට ඉඩ ලැබුණු නමුත් මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයට ඉඩ නොලැබිණි.

1966 අප්‍රේල් වන තුරු ඉරාකයේ ජනාධිපති ධුරය දැරූ අබ්දුල් සලාම් මුහම්මද් අරෙෆ් හෙලිකොප්ටර් අනතුරකින් මියගිය පසු 1966 අප්‍රේල් 17 වැනි දින ඔහුගේ සොහොයුරු අබ්දල් රහුමාන් අරෙෆ් ජනාධිපති බවට පත් විය.

1958 ජූලි 14 වැනි දින යුද්ධ හමුදා නිලධාරීන් අතළොස්සක් විසින් රාජාණ්ඩුව බිඳ දමා ඇතිකළ සමූහාණ්ඩු ක්‍රමය යටතේ රාජාණ්ඩුව වෙනුවට ජනාධිපති බලතල ක්‍රියාවේ යොදවන ත්‍රි-පුද්ගල පරමාධිකාරී සභාවක් ඇති කොට මහසෙනෙවි අබ්දුල් කිරීම් කාසිම්ගේ නායකත්වයෙන් කැබිනට් මණ්ඩලයක් පිහිටුවන ලදි. 1963 පෙබරවාරි මස දක්වා පැවති මෙම රජය අබ්දල් සලාම් මුහම්මද් අරෙෆ්ගේ (බ.) මූලිකත්වයෙන් යුද්ධ හා ගුවන් හමුදා විසින් ඇති කරන ලද රාජ්‍ය කොල්ලයක් මගින් පෙරළා දමන ලදුව පෙබරවාරි 8 වැනි දින යළි වෙනත් විප්ලවකාරී රජයක් ඇති කැරිණි. කලින් පැවති සමූහාණ්ඩු රජයේ අධ්‍යාශයන් පිළිගත් මේ නවරජය පරමාධිකාරී සභාව අහෝසි කොට ජනාධිපතිවරයකු හා කැබිනට් මණ්ඩලයක් ඇති කළේය.

අරාබි සහෝදරත්වයට මුල් තැන දීමේ අභිප්‍රායයෙන් ක්‍රියා කළ අරෙෆ් රජය එක්සත් අරාබි ජනරජයේ ජනාධිපති නසර් සමග ඒකාබද්ධ රජයක් පිහිටුවීමේ ගිවිසුමකට 1964 ඔක්තෝබර් මාසයේ දී අත්සන් තැබීය. මේ ගිවිසුම අනුව ඉන් දෙවසක් ගත වූ පසු මිසර-ඉරාක එක්සත් ආණ්ඩු සංස්ථාව යන්නක් පිහිටුවීමට නියමිතව තිබුණ ද පසුව එම කාල සීමාව අවුරුදු 5කට හෝ ඊට වැඩි කාලයකට දීර්ඝ කරන ලදි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉරාකය&oldid=8159" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි