"අෂ්ටනාරී රථය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | [[ගොනුව:2-294.jpg|left| | + | [[ගොනුව:2-294.jpg|left|300px]]ලංකාවේ මධ්‍යකාලීන යුගයෙහි ප්‍රචලිතව පැවැති සැරසිලි මෝස්තරයකි. විශේෂයෙන් උඩරට කැටයම්වල මෙය දක්නා ලැබේ. කාන්තා රූපවලින් සැදුණු රථයක ආකෘතිය මෙයින් නිරූපණය වේ. ආනන්ද කුමාරස්වාමි මහතා මෙහි නාරී රූප අටක් ඇතැයි සලකා 'අෂ්ටනාරි රථය'යි නම් කරතත් සැබැවින් මෙහි යොදා ඇත්තේ නාරී රූප සතකි. මධ්‍යයෙහි ඇති රූපය රථාරූඪ වූ කාම දේවයා ලෙස හැඳින් විය හැක. මේ පිළිබඳ කදිම නිදසුනක් කොළඹ කෞතුකාගාරයෙහි තැන්පත් කොට ඇති දහහත් වන සියවසට අයත් තුවක්කු කඳක වූ කැටයමක දැක්වෙයි. නාරී රූප සතකින් සැදුණු රථයක නැඟි කාමදේවයා දකුණතින් මල් හීයක් හා වමතින් උක්දඬු දුන්නක් දරා සිටින ආකාරය ඉන් නිරූපණය වේ. ([[සිංහල සැරසිලි මෝස්තර]] බ.) |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
11:21, 3 ජූලි 2025 වන විට නවතම සංශෝධනය
ලංකාවේ මධ්‍යකාලීන යුගයෙහි ප්‍රචලිතව පැවැති සැරසිලි මෝස්තරයකි. විශේෂයෙන් උඩරට කැටයම්වල මෙය දක්නා ලැබේ. කාන්තා රූපවලින් සැදුණු රථයක ආකෘතිය මෙයින් නිරූපණය වේ. ආනන්ද කුමාරස්වාමි මහතා මෙහි නාරී රූප අටක් ඇතැයි සලකා 'අෂ්ටනාරි රථය'යි නම් කරතත් සැබැවින් මෙහි යොදා ඇත්තේ නාරී රූප සතකි. මධ්‍යයෙහි ඇති රූපය රථාරූඪ වූ කාම දේවයා ලෙස හැඳින් විය හැක. මේ පිළිබඳ කදිම නිදසුනක් කොළඹ කෞතුකාගාරයෙහි තැන්පත් කොට ඇති දහහත් වන සියවසට අයත් තුවක්කු කඳක වූ කැටයමක දැක්වෙයි. නාරී රූප සතකින් සැදුණු රථයක නැඟි කාමදේවයා දකුණතින් මල් හීයක් හා වමතින් උක්දඬු දුන්නක් දරා සිටින ආකාරය ඉන් නිරූපණය වේ. (සිංහල සැරසිලි මෝස්තර බ.)(සංස්කරණය: 1965)
