"උඩරට ගිවිසුම" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
36 පේළිය: 36 පේළිය:
 
මේ සම්බන්ධයෙන් සමකාලීන ලේඛකයෙකු වූ ඩිග්බි මහතාගේ 41 Years in a Crown Colony නම් කෘතියේ එන විස්තරයක් ද සලකා බලනු වටී. එනම් “මේ අවස්ථාවේ දී සුළු රැවටිල්ලක් ක්‍රියාත්මක කරන ලද බව කියනු ලැබේ. ස්වාභාවික හේතු නිසා ම විවාහය එතරම් වැදගත් දැයක් කොට නොසලකන වයෝවෘද්ධ උඩරට ප්‍රධානීහු පිරිසක් හෙන්රි වෝඩ් උතුමාණන් බැහැදැක උඩරට සියලු විවාහයන් ම ලියාපදිංචි කොට සීමාසහිතබවට පත් කරන ලෙස ඉල්ලා සිටියහ. ආඥාපනතට පක්ෂ වූ නිදහස් මත ප්‍රකාශනයක් හැටියට මෙය හුවා දක්වනු ලැබිණ” යන්නයි.  
 
මෙසේ යම් යම් රැවටිලිදායක ක්‍රියා කරන ලද්දේ නම් ඉන් පෙනෙනුයේ ද ගිවිසුම් වගන්ති වෙනස් කිරීම හිතුමනාපයට කළ නොහැකි බැවින් යම් යම් මුවාවන් මගින් හෝ ඇඟ බේරාගෙන කටයුතු කළ බවය. ගිවිසුමේ අනුල්ලංඝනීයතාව එකල ද වැදගත් කොට සැලකුණු බව ඉන් පෙනේ. ගිවිසුම් වගන්ති තමන් බලාපොරොත්තු වූ පරිදි ක්‍රියාත්මක නොවනු පෙනී ගිය නිසා පළමු වරට 1817 දී සිංහලයෝ කැරලි ගැසූහ ([[උඩරට (මහා) කැරැල්ල]]බ.). කැරැල්ල අසාර්ථක වූ පසු, ගිවිසුම් වගන්තිවලට අත්සන් තැබූ රදලවරුන් වැඩිදෙනකු රජයට විරුද්ධව කැරලි ගැසීම, නව ප්‍රකාශන පත්‍රයක් මගින් ගිවිසුමේ වගන්ති සංශෝධන කිරීමට ඉංග්‍රීසීහු මුවාවක් කරගත්හ.  
+
මෙසේ යම් යම් රැවටිලිදායක ක්‍රියා කරන ලද්දේ නම් ඉන් පෙනෙනුයේ ද ගිවිසුම් වගන්ති වෙනස් කිරීම හිතුමනාපයට කළ නොහැකි බැවින් යම් යම් මුවාවන් මගින් හෝ ඇඟ බේරාගෙන කටයුතු කළ බවය. ගිවිසුමේ අනුල්ලංඝනීයතාව එකල ද වැදගත් කොට සැලකුණු බව ඉන් පෙනේ. ගිවිසුම් වගන්ති තමන් බලාපොරොත්තු වූ පරිදි ක්‍රියාත්මක නොවනු පෙනී ගිය නිසා පළමු වරට 1817 දී සිංහලයෝ කැරලි ගැසූහ ([[උඩරට (මහ) කැරැල්ල]]බ.). කැරැල්ල අසාර්ථක වූ පසු, ගිවිසුම් වගන්තිවලට අත්සන් තැබූ රදලවරුන් වැඩිදෙනකු රජයට විරුද්ධව කැරලි ගැසීම, නව ප්‍රකාශන පත්‍රයක් මගින් ගිවිසුමේ වගන්ති සංශෝධන කිරීමට ඉංග්‍රීසීහු මුවාවක් කරගත්හ.  
  
බ්‍රිතාන්‍ය පාලනය තහවුරු කිරීමේ මුඛ්‍ය පරමාර්ථය මුදුන් පත් කරගැනීම සඳහා ද රදලවරුන්ට ශේෂ කරන ලද බලතල ඔවුන්ගෙන් ඉවත් කර දමා මහජනයා විෂයෙහි ඔවුන් දැක්වූ ආධිපත්‍යය සිඳලීම සඳහා ද වගන්ති සංශෝධන කීපයක් ඇති කරලීමට කලක සිට ම සිතමින් සිටි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා කැරැල්ල බිඳ වැටෙනවාත් සමඟ ම 1818 ප්‍රකාශන පත්‍රයෙන් උඩරට ගිවිසුමේ වගන්තිවලින් කියැවෙන කරුණු වෙනස් කරමින් සංශෝධන ඇති කරන ලද්දේ අවි බලයේ පිහිටෙන් මිස නීතියේ සරණින් නොවන බව පෙනීයයි. ගිවිසුමේ නීත්‍යනුකූල ශක්තියේ ඌනතාවක් වූයේ නම්, නැතහොත් කැරැල්ලේ නායකත්වය ගත්තවුන් ගිවිසුම අනුව රජබලය අහිමි කරන ලද නායක්කර් වංශිකයකු යැයි කියාගත්තකුට යළි රජකම ලබාදීමට ක්‍රියා කිරීමෙන් ගිවිසුම බිඳ එහි වළංගුබවට පළුදු කරන ලදැයි ඉංග්‍රීසීහු පිළිගත්තහු නම් “ ...නිලමවරුන් එම තත්වයෙන් පහත් කොට පඩි ලබන සේවකයන්ගේ තත්වයට පමුණුවන විධිවිධානවලට විරුද්ධව නැඟී සිටීමට ඔවුන් කරන ප්‍රයත්නය මර්දනය කිරීමට උපකාරී විය හැකි බලසම්පන්න යුද්ධ හමුදාවක් සිටිය දී මේ සංශෝධිත ආණ්ඩුක්‍රමය හැකි තාක් අප්‍රමාදයෙන් පිහිටුවිය යුතුය යනු උන්වහන්සේගේ අදහසයි” (1818.9.28 දින බ්‍රවුන්රිග් කොමසාරිස් මණ්ඩලයට යැවූ ලිපිය) යනුවෙන් කොමසාරිස් මණ්ඩලයට දන්වා එම අදහස අවි බලයේ රැකවරණ යටතේ ක්‍රියාත්මක කිරීමට බ්‍රවුන්රිග්ට අවශ්‍ය නොවනු ඇත. ගිවිසුමේ බැඳීම නිසා ශක්තිය යුක්තිය කරගන්නට ඔහුට ඕනෑ විය.  
 
11:37, 29 දෙසැම්බර් 2025 වන විට නවතම සංශෝධනය

1796 දී ඉංග්‍රීසීන් මෙරට මුහුදුබඩ ප්‍රදේශයේ ස්වාමීන් බවට පත් වූයේ එවක එපෙදෙස් අයත් කොටගෙන රජයමින් සිටි ලන්දේසි පෙරදිග වෙළඳ සමාගම හා කරන ලද යුද සටන්වල ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් වශයෙනි. 1798 සිට 1802 දක්වා ඉ.පෙ.ඉ. වෙළඳ සමාගම ඉංග්‍රීසි රජය හා සහභාගිත්වයෙන් පාලනය කළ මෙපෙදෙස 1801 දී ඒමියන්ස් ගිවිසුම අනුව බ්‍රිතාන්‍යයට භාර දෙනු ලැබීමෙන් පසු (1802 දී) ඉංග්‍රීසි කිරීටයට යටත් ප්‍රදේශයක් බවට පත් කැරිණි. මෙසේ මෙරට මුහුදුබඩ බිම් තීරුව පිළිබඳ අයිතිවාසිකම් පිළිබඳව මෙරට වැසියන්ගේ සම්මුතියක් හෝ ගිවිසුමක් ඔවුනට අවශ්‍ය නොවීය.

එසේ වුව ද උඩරට රාජ්‍යය ඉංග්‍රීසීන්හට අයත් වූයේ මෙබඳු වූ යුද්ධ ජයග්‍රහණයක ප්‍රතිඵලයක් වශයෙන් නොවේ. “රදල ප්‍රධානීන්ගේ ආරාධනයෙන් මෙහෙයුම් ලද බ්‍රිතාන්‍ය මහරජාණන්වහන්සේගේ හමුදාවෝ මහජනතාව විසින් ජයඝෝෂානාදය මැද පිළිගනු ලැබීමෙන් උඩරට රාජ්‍ය ප්‍රදේශයනට ඇතුළුව රාජධානියට වැදීගත්හ... ” යනුවෙන් උඩරට රාජ්‍යය අයත් කරගැනීම පිළිබඳ නිල නිවේදනයෙහි එන ප්‍රාරම්භක වාක්‍යයෙන් ඉංග්‍රීසීන් උඩරට රාජ්‍යයේ හිමියන් බවට පත් වූයේ සතුරු ජාතියකට විරුද්ධව කළ ආක්‍රමණයක ප්‍රතිඵලය වශයෙන් නොවන බව ද රදල ප්‍රධානීන්ගේත් මහජනතාවගේත් වුවමනාව, ඉල්ලීම හා කැමැත්ත පිට බව ද පැහැදිලිව පෙනීයයි. “මුළුමහත් උඩරටින් අඩකට වඩා විශාල වූ කන්ද උඩ පස්රටක ජනතාව තමන්ගේ පාලකයාගේ ප්‍රජා පීඩනයට හා දුර්දාන්ත පාලනයට විරුද්ධව එක හඬින් නැඟී සිට ස්වකීය ආත්මාරක්ෂාව උදෙසා අවි ගනිමින් නැතහොත් ඔහුගේ බල ප්‍රදේශයෙන් බැහැරට පැනයමින්, බ්‍රිතාන්‍ය රජයේ රැකවරණ පතා කළ ආයාචනයන් නිරනුකම්පව අසා සිටිනු නොහැකි වූ” යනාදීන් තමා විසින් නිකුත් කරන ලද යුද්ධ ප්‍රකාශ පත්‍රයෙන් ජනතාව බ්‍රිතාන්‍ය ආරක්ෂාව පැතුයේ මන්ද යනු බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ම පවසයි.

“උතුමාණන්වහන්සේ ස්වකීය අභිමතානුසාරී බලතල යටතෙහි තබා ඇති බලසම්පන්න යුද්ධ ශක්තිය යෙදීමට තීරණය කෙළේ මෙම ප්‍රදේශවල නිත්‍ය සාමය ඇති කිරීමටත් බ්‍රිතාන්‍ය නාමයේ ගරුත්වය රැක ගැනීමටත් උඩරට ජනතාව ඔවුන් විඳි පීඩනයන්ගෙන් මුදාලීමට හා මලබාර් ආධිපත්‍යය බිඳලීමටත්” යයි ද යුද්ධ ප්‍රකාශයෙන් කියැවේ. අවසාන වශයෙන් බ්‍රිතාන්‍ය රජුගේ නාමයෙන් උතුමාණන්වහන්සේ රදල ප්‍රධානීන්හට ඔවුන්ගේ ඒ ඒ පදවිවල අඛණ්ඩ පැවැත්මත් මහජනතාවට සියලු හිතුවක්කාර ක්‍රෑර ක්‍රියාවලින් හා පීඩනවලින් සහනයත් සැම පන්තියකට ම ඔවුන්ගේ ආගම අනුල්ලංඝනයෙන් අඛණ්ඩව පවත්වාගෙනයාම හා ඔවුන්ගේ පැරණි නීති හා ආයතන ආරක්ෂා කරදීමත් සහතික කරමින් ප්‍රතිඥා දුන්නේය. ක්‍රෑර රජුගේ පීඩාකාරී පාලනයෙන් මිදීම පත පතා සිටි ජනතාව ඉංග්‍රීසීන් ස්වකීය ආරක්ෂක මුරදේවතාවුන් හැටියට සලකා ඔවුන් වටා එක්රොක් වූයේ මේ පොරොන්දු නිසාය.

උඩරට රාජ්‍යයෙහි යුද්ධ ශක්තිය ගැන අන් කාහටත් වඩා හොඳින් දැන සිටි ඇහැළේපොළ බ්‍රිතාන්‍ය සේනා ගත යුතු මාර්ගය පැහැදිලි කර දෙමින් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා උඩරට ආක්‍රමණයට මෙහෙයවීමත් අත්‍යන්තයෙන් රාජපාක්ෂිකව සිටි මොල්ලිගොඩ මහාදිකාරම පවා රජුට විරුද්ධව ඉංග්‍රීසීනට අනුග්‍රහ දීමත් මෙහි ලා වැදගත් ලෙස සැලකිය හැකිය.

මෙසේ කන්ද උඩරට ජනතාව හැම විට ම එකාමෙන් නැඟී සිට රාජත්වය වටා රොක් වෙමින් එතෙක් සියවස් ගණනක් මුළුල්ලේ දැක්වූ රාජපාක්ෂිකත්වය ඉවත ලා දුර්දාන්ත පාලනයකින් රටත් ආගමත් තමනුත් මුදාගැනීම පතා ඉංග්‍රීසීන්ට සහාය දුන්හ. තම රජුට විරුද්ධ සටන තම සටනක් සේ ගෙනගියහ. තම රජු හා රාජවල්ලභයන් අල්ලා ආක්‍රෝශ පරිභව හිංසා මධ්‍යයේ විජාතිකයනට භාර දී ඉවසුම් සුසුම් හෙළා සැනසුණහ. එසේ වුව ද ඔවුන් ඒ හිලව්වට සහස්‍ර වර්ෂාධික කාලයක් තිස්සේ ආත්මපරිත්‍යාගයෙන් රැකගත් ජාතික නිදහස හෝ මුතුන්මිත්තන්ගෙන් ලද ජන්මදායාද වූ ආගම, පාලන නීති හා සිරිත් විරිත් හෝ පාවාදීමක් කිසි සේත් අපේක්ෂා නොකළ බව ඉංග්‍රීසීන්හට ද රහසක් නොවීය. එහෙයින් යුද්ධ ප්‍රකාශනයෙන් ස්වාධීනතාව ගැන කිසිවක් නොපැවසූ ඉංග්‍රීසීහු පරම්පරා තුනක් පැවති මලබාර් ආධිපත්‍යය බිඳ හෙළීම ගැනත් රදල බලයේ අඛණ්ඩ පැවැත්ම ගැනත් කීහ. මේ නිසා ඇහැළේපොළ අදිකාරමත් සිංහලයන් විශාල කොටසකුත් ඉංග්‍රීසි රැකවරණ හෝ ආධිපත්‍යය යටතේ ඇහැළේපොළගෙන් ඇරඹෙන සිංහල රාජවංශයක් පිළිබඳ සිහිනය සැබෑ වෙතැයි ද පාලන තන්ත්‍රය එසේ ම පවතිතැයි ද බලාපොරොත්තුවෙන් සිටියාට සැක නැත. එසේ ම කවුරුත් රට, ජාතිය හා බෞද්ධාගම, දළදාවහන්සේ හා සිද්ධස්ථාන යන මේවායේ අඛණ්ඩ පැවැත්ම හා ආරක්ෂාව දිවි දෙවැනි කොට පැතූහ.

ජනතාවගේ සිතුම් පැතුම් කෙබඳු ද යනු පැහැදිලි වූයෙන් තමන් අතට පත් රාජ්‍යය පිළිබඳව හිතුමනාපයට කටයුතු කිරීමට හෝ පාලන සංවිධානයකට ප්‍රතිපත්ති වන මූලධර්ම සකස් කිරීමට හෝ ඉංග්‍රීසි ආණ්ඩුකාරයාට නොපිළිවන් විය. ශතවර්ෂත්‍රයකට අධික කාලයක් “අනභිභවනීය” ධවල වර්ගයාට ශතසහස්‍ර සංඛ්‍යාත සේනාවන් විනාශමුඛයට යවමින් නැතක් වෑයම් කොටත් ලබාගත නොහැකි වූ මහාර්ඝ භූමිලාභයක් අවසන් ප්‍රයත්නයේ දී එක ද භටයකුත් බිලි නොදී ලබාගත හැකි වූ ඔහු විසින් දැන් එය ලබාගැනීමට උපකාරී වූ මහජනතාවගේ හොඳ හිත මෙන් ම අවිරුද්ධතාව ද ඇතිව එය රැකගත යුතු විය. එමෙන් ම රජකම පැතුයේ යයි තමා විසින් සැක කරන ලද ඇහැළේපොළ වැන්නවුන් පිටුදැකීමේ වුවමනාව ද ඔහු තුළ ක්‍රියා කෙළේය. එහෙත් ඉඳුරා එසේ කිරීමෙන් රදලවරුන්ට පක්ෂපාත මහජනතාව අප්‍රසාදයට පත් නොකිරීමට ද ඔහු වගබලාගත යුතු විය. මේ නිසා උඩරට රාජධානිය ඉංග්‍රීසි ධජය යටතේ තබා ගනිමින් ජනතාවගේ රාජපාක්ෂිකභාවය ද ලබා රටේ පාලනය ගෙනයාමට පදනම් දැමීමට ඔහුට අවශ්‍ය විය.

මේ නිසා ගිවිසුම් සම්මුතියකට උඩරට ප්‍රධානීන්ගේ අනුමතිය හා අත්සන් ද ලබාගෙන උඩරට රාජ්‍යයේ අයිතිය තහවුරු කරගැනීමට බ්‍රවුන්රිග් ක්‍රියා කෙළේය. ගිවිසුම් සම්මුතියට අත්සන් තැබීමට ප්‍රථම බ්‍රිතාන්‍යය උඩරට ප්‍රදේශ අයත් කරගත් බව ඔහු නිල නිවේදනයකින් ප්‍රකාශයට පත් කළේය.

එහෙත් සිංහලයෝ ඉන් තම ස්වාධීනතාවට හානියක් වී යයි නොසිතූහ. රජු කිනම් ජාතියකට අයත් වුවත් ඔහු දරනුයේ සිංහලේ රාජ පදවියයි. සිංහලේ රජු සිංහලේ චිරාගත සිරිත් විරිත්, ආයතන දිගට ම රැක පවත්වා ගෙන ආ යුතු වූ ද ආගම ආරක්ෂා කර පවත්වාගෙන යා යුතු වූ ද ලෞකික නායකයා වශයෙන් සැලකිණ. ඔවුහු මේ කරුණුවලට ඉංග්‍රීසි කැමැත්ත ලබාගත්හ. රදලවරු සිය බලතල පෙර පරිදි ම දැරිය යුතු බව ද ඉංග්‍රීසීහු පිළිගත්හ. මේ සියල්ලක් ගිවිසුම් වගන්ති වශයෙන් ඇතුළු කරවාගැනීමට උඩරැටියෝ වග බලාගත්හ.

මෙසේ 1815 දී තම නායකයන්ගේත් ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේත් අත්සනින් ඇති කොටගත් උඩරට ගිවිසුම තම අපරාධීනත්වයේ නොනසින සංකේතයක් ද තම චිරාගත අයිතිවාසිකම් රකින බලකඩදාසියක් ද වශයෙන් උඩරට සිංහලයෝ සැලකූහ.

1815 මාර්තු 2 වැනි දින මහනුවර මඟුල්මඩුවේ දී උඩරට මහජනතාව වෙනුවෙන් ඇහැළේපොළ මහනිලමේ, මහඅදිකාරම් හා සත් කෝරළේ දිසාව වූ මොල්ලිගොඩ, දෙවන අදිකාරම් හා සබරගමුවේ දිසාව වූ පිළිමතලව්වේ, සතර කෝරළේ දිසාව වූ (කනිෂ්ඨ) පිළිමතලව්වේ, ඌවේ දිසාව වූ මොනරවිල, මාතලේ දිසාව වූ රත්වත්තේ, තුන්කෝරළේ දිසාව වූ (කනිෂ්ඨ) මොල්ලිගොඩ, වලපනේ දිසාව වූ දුල්ලෑවේ, වෙල්ලස්සේ සහ බින්තැන්නේ දිසාව වූ මිල්ලව, තමන්කඩුවේ දිසාව වූ ගලගම හා නුවර කලාවියේ දිසාව වූ ගලගොඩ උඩරට ජනතාව වෙනුවෙන් ද රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරතුමා ඉංග්‍රීසි මහරජාණන් හා රාජප්‍රතිනිධි වෙනුවෙන් ද උඩරට ගිවිසුමට අත්සන් තැබූහ. ජෝන් ඩොයිලි හා සදර්ලන්ඩ් (නියෝජ්‍ය මහලේකම්) අත්සන් සහතික කරමින් හන් තැබූහ.

ගිවිසුමේ ප්‍රථම වගන්තියෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ක්‍රෑර, දුර්දාන්ත පාලනය ගැන කියා 2 වන වගන්තියෙන් ඔහු රජ පදවියෙන් පහ කරන ලද බවත් ඔහුගේ පවුලේ අය හා සතරවරිගෙ නෑයන්හට සදහට ම සිහසුනේ අයිතිය අහිමි කළ බවත් උඩරට ප්‍රදේශවල ආධිපත්‍යය ගැන මලබාර් වංශයට තිබුණු අයිතිවාසිකම් අවළංගු කර අහෝසි කර දැමූ බවත් කියන ලදි. 3 වන වගන්තියෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පිරිමි නෑයන් උඩරට රජයේ සතුරන් සේ හන ගසා ඔවුනට බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ අධිකාර පත්‍රයක් නැතිව උඩරටට ඇතුළු වීම තහනම් කැරිණ. 4 වන වගන්තියෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ බලය පිට පත් කැර වූ අදිකාරම් ආදි නිලධාරීන්හට එම තනතුරුවල බලතලවලට ද ජනතාවට ඔවුන්ගේ දේපළ හා අයිතිවාසිකම්වලට ද පැරණි සිරිත් පරිදි ආරක්ෂා ඇතිව සිංහලේ ප්‍රදේශවල ආණ්ඩුව ඉංග්‍රීසි රජුට යටත් වූ බව ද “ඒ ආඥාව” ආණ්ඩුකාරයා ද ඔහු විසින් පත් කරන ලද මුලාදෑනින් ද විසින් ක්‍රියාත්මක කැරෙන බව ද ගිවිස ගන්නා ලදි. උඩරට මුලාදෑනි හා වැසියන් අදහන බුද්ධශාසනයක් දේවාගමත් කඩ නොකර පවත්වමින් සංඝයා හා විහාරාදිය රැකීමට 5 වන වගන්තියෙන් පොරොන්දු දෙන ලදි. 6 වන වගන්තියෙන් ශරීර අවයවයන් කැපීමෙන් කරන දඬුවම් තහනම් කරන ලද බව ප්‍රකාශ විය. 7 වන වගන්තියෙන් ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගෙන් බලේ ලත් ඔප්පුවක් නැතිව මරණ දඬුවම නොපැනවිය හැකි බවට පොරොන්දු දෙන ලදි. 8 වන වගන්තියෙන් සිංහලේ වැසියන්ගේ සිවිල් හා අපරාධ නඩු විසඳීමේ බලය ව්‍යවහාරය පරිදි බලේ ලත් රදලවරුන් වෙත ම තබන බව ද එහෙත් එය “අනදරවලට පිහිට වීමට ද යුතු වෙනස් කිරීමට ද මැදහත් විය යුතු සන්ධිවල දී ආණ්ඩුව සතු නියත යුතුකමට” යටත් විය යුතු බව ද කියැවිණ. සිංහල නොවන අය පිළිබඳ නඩු විසඳීමේ බලය ඒජන්තවරයාට දෙන බව ද මිනීමැරුම්වල දී ආණ්ඩුකාරයා විසින් නියම කරන කුමතේරුවරුන් (කොමසාරිස්වරුන්) ඒවා විභාග කරන බව ද හේවායන් විත්තිකරුවන් වූ නඩු යුද්ධ නඩු මාර්ගයෙන් විසඳිය යුතු බව ද 9 වන වගන්තියෙන් ප්‍රකාශිත විය. 10 වන වගන්තියෙන් යුද්ධ ගමන්වල දී සුළු කාලයකට ප්‍රකාශ කළ ආඥා පරයා ගිවිසුම් වගන්ති වළංගුව පවතින බවත් 11 වන වගන්තියෙන් සිංහලේ රාජකීය ආදායම් බ්‍රිතාන්‍ය රජයේ ඒජන්තවරුන් යටතේ එකතු කරන බවත් 12 වන වගන්තියෙන් උඩරට ප්‍රදේශවල වෙළඳාම දියුණු කිරීමාදිය පිණිස පියවර ගන්නා බවත් ප්‍රකාශ කැරිණ.

නෛතිකතාව

යටකී පරිදි උඩරට ප්‍රදේශ ඉංග්‍රීසීන්ට අයත් වූයේ කොන්දේසි උඩ යටත් කරගැනීමකින් නොව කොන්දේසි උඩ භාර දෙනු ලැබීමෙනි. යටත් කරගැනීමේ දී ඇති කරගන්නා ගිවිසුමක පවා කොන්දේසි වෙනස් කළ නොහැකි බව අධිකරණ තීරණ අනුව පෙනේ. ග්රැනඩා ගිවිසුමේ යටත්වීමේ කොන්දේසි පිළිබඳව විභාග වුණු කැම්බල් එරෙහිව හෝල් නඩුවේ තීන්දුව දීමේ දී යටත්වීමේ ගිවිසුමක කොන්දේසි වෙනස් කළ නොහැකි බව මැන්ස්ෆීල්ඩ් විනිශ්චයකාරතුමා පැවසීය. එසේ නම් පවරාදීමේ ගිවිසුමක කොන්දේසි එපමණට වත් වෙනස් කළ නොහැකි විය යුතුය.

මහා බ්‍රිතාන්‍යයේ පාලකයා වෙනුවෙන් ගිවිසුමකට බැඳීමේ බලය සහිත ආණ්ඩුකාර තැන සුදුසු සාක්ෂ්‍යකරුවන් ඉදිරියේ උඩරට ගිවිසුමට අත්සන් තැබීම නිසා එය සහතික ලියවිල්ලක් බවට පත් වූ අතර එය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ද සාකච්ඡා වී කිරීටය විසින් පිළිගන්නා ලද නිසා එහි නෛතික වළංගුබව නොසෙල්වෙන තත්වයට පැමිණියේය.

ගිවිසුමේ 8 වන වගන්තියට “එහෙත් සෑම කාරනාවල දී වෙන් වසයෙන් සහ විසාල වශයෙන් ද සිද්ධ වන අනදරවලට පිහිට වීමට ද යුතු වෙනස් කෙරීමට ද මැදහත් වෙන්ඩ ඕනෑ සන්ධිවල දී ආන්ඩුවෙ නියත වූ යුතුකමට යටත්ව තිබෙන්ඩ ඕනෑය” යනුවෙන් කියැවෙන කොටසක් ඇතුළත් කිරීමෙන් කිසියම් අත්‍යවශ්‍ය සංශෝධනාදියක් කිරීමට රජයක් සතු ආවේණික බලය ක්‍රියාත්මක කිරීම පවා ගිවිසුම වගන්තියක් බවට පත් කිරීමෙන් ගිවිසුම වඩාත් අනුල්ලංඝනීය, ස්ථාවර ප්‍රඥප්තියක් බවට පත් කරනු ලැබිණි. මෙසේ එම ගිවිසුම සාමාන්‍ය ගිවිසුමකට වඩා වැදගත්, ස්ථිර බල කඩදාසියක් වූ බව පිළිගත මනායි.

ගිවිසුමේ 5 වන වගන්තිය වෙනස් කරවාගැනීමට මෙරට මිෂනාරීන් හා එංගලන්තයේ ඉවැන්ජලිකල් සභිකයන් 1839 සිට 1847 දක්වා ගෙන ගිය දීර්ඝ සටන ද ගිවිසුමේ අනුල්ලංඝනීයතාව මැනවින් පෙන්වන්නකි. පෙරදිග ආගම් අශිෂ්ට රූපවන්දනා හා මිථ්‍යා ඇදහිලි හැටියට හෙළා දකිමින් ඒවා තම විජිතවලින් අතුගාදමා කිතුදහම පැතිර වීමේ මිෂනාරි ප්‍රතිපත්තියට එදා බ්‍රිතාන්‍ය රජයේ සම්පූර්ණ අනුග්‍රහය ලැබිණි. එවැනි සමයක ස්පේන්ස් හාඩි වැනි ප්‍රබල මිෂනාරීන් විසින් ඉංග්‍රීසි ආණ්ඩුව හා මෙරට බුද්ධාගම අතර ගිවිසුම් වගන්ති අනුව පැවති සබඳතාව ඉවත් කරවාගැනීමට කරන ලද උද්ඝෝෂණවලට විජිත කාර්යාලයේ නිත්‍ය උපලේකම්වර කාර්යශූර ජේම්ස් ස්ටීවන් ආදීන්ගේ බලවත් රුකුල හා ආශීර්වාදය ලැබීත් එකරුණ ඉංග්‍රීසීන් අතර ම බලවත් වාදවිවාදවලට තුඩු දුන්නේත් එම සම්බන්ධයට අත ගැසීමට බ්‍රිතාන්‍ය පාලකයන් දිගු කලක් ම මැළි වූයේත් ගිවිසුමේ නීත්‍යනුකූල වළංගුබවත් දිවුරුම් වගන්ති කැඩීම යුක්තිගරුක රජයකට තරම් නොවන නින්දනීය ක්‍රියාවක් වශයෙන් සලකනු ලැබීමත් නිසාය.

1859 අංක 13 දරන උඩරට විවාහ පනත සම්මත කර ගැනීමේ දී ලංකාණ්ඩුව අනුගමනය කළ ප්‍රතිපත්තිය දෙස බලන විට ද උඩරට ගිවිසුමට අත්සන් කළ පක්ෂයන් තමන් ඉන් තදින් බැඳී සිටි බැව් ඒ වකවානුවේ දී පවා සැලැකූ බව පැහැදිලි ලෙස පෙනේ.

උඩරට විවාහ ක්‍රමය කිසි සේත් ජාතික ආගමේ අනුමතිය ලද්දක් නොවන බවත් සමාජ ක්‍රමයේ වෙනස්වීම් හා අනුකූල නොවන්නක් බවත් අනික් අතට තත්කාලීන කාර්මික සමාජයට බලවත් දුෂ්කරතා හා ගැහැට ඇති කළ නඩුහබවලටත් මිනීමැරුම්වලට හා අපරාධවලටත් බෙහෙවින් හේතුකර වූ චාරිත්‍ර ක්‍රමයක් බවත් කලක් තිස්සේ ම ඉංග්‍රීසි රජයට පෙනීගිය නමුත් රජය, ගිවිසුමේ ආ “ඔවුනොවුන් අතරෙ නොකඩව පවතිනා පුරාන සිරිත් චාලිත්‍ර නඩු ප්‍රකාර ආරක්ෂා ඇතිව සිංහලෙ රටවල්වල ආන්ඩුව ඉන්ග්‍රිසි රාජ්‍යයෙ මහරාජොත්තමයානන් වහන්සේට යටත් වෙන්ඩ යෙදුනා සහ එහි ආඥාව... ගොවැර්නදෝරු... උතුමානන් වහන්සේලා විසින් ද... පවත්වන්ඩ යෙදෙනවා ඇත” යන 4 වන වගන්තිය, ගිවිසුම සිතුමනාපයට වෙනස් කොට කාලීනව සංශෝධනය කිරීමට බාධාවක් කොට සැලකූ බැවින් එයට කලක් ම අත නොතැබීය. අනතුරුව එය වෙනස් කළ යුතු බවට උඩරට පළාත්වල ඒජන්තවරුන් හා නඩුකාරවරුන් නිතර නිතර වාර්තා එවූ නමුත් වෝඩ් උතුමාණන්වහන්සේ මහජන නියෝජන ලැබෙන තුරු නීති සංශෝධනය කල්තබා සිටියෝය. 1859 විවාහ පනතෙහි ම සඳහන් පරිදි උඩරට ජනතාව අතුරෙන් විශාල වූත් බලසම්පන්න වූත් කොට්ඨාසයක් සහනය හා සංශෝධනය පතමින් පෙත්සම් එවා සිටි හෙයිනි, එම පනත සම්මත කරගන්නා ලද්දේ.

මේ සම්බන්ධයෙන් සමකාලීන ලේඛකයෙකු වූ ඩිග්බි මහතාගේ 41 Years in a Crown Colony නම් කෘතියේ එන විස්තරයක් ද සලකා බලනු වටී. එනම් “මේ අවස්ථාවේ දී සුළු රැවටිල්ලක් ක්‍රියාත්මක කරන ලද බව කියනු ලැබේ. ස්වාභාවික හේතු නිසා ම විවාහය එතරම් වැදගත් දැයක් කොට නොසලකන වයෝවෘද්ධ උඩරට ප්‍රධානීහු පිරිසක් හෙන්රි වෝඩ් උතුමාණන් බැහැදැක උඩරට සියලු විවාහයන් ම ලියාපදිංචි කොට සීමාසහිතබවට පත් කරන ලෙස ඉල්ලා සිටියහ. ආඥාපනතට පක්ෂ වූ නිදහස් මත ප්‍රකාශනයක් හැටියට මෙය හුවා දක්වනු ලැබිණ” යන්නයි.

මෙසේ යම් යම් රැවටිලිදායක ක්‍රියා කරන ලද්දේ නම් ඉන් පෙනෙනුයේ ද ගිවිසුම් වගන්ති වෙනස් කිරීම හිතුමනාපයට කළ නොහැකි බැවින් යම් යම් මුවාවන් මගින් හෝ ඇඟ බේරාගෙන කටයුතු කළ බවය. ගිවිසුමේ අනුල්ලංඝනීයතාව එකල ද වැදගත් කොට සැලකුණු බව ඉන් පෙනේ. ගිවිසුම් වගන්ති තමන් බලාපොරොත්තු වූ පරිදි ක්‍රියාත්මක නොවනු පෙනී ගිය නිසා පළමු වරට 1817 දී සිංහලයෝ කැරලි ගැසූහ (උඩරට (මහ) කැරැල්ලබ.). කැරැල්ල අසාර්ථක වූ පසු, ගිවිසුම් වගන්තිවලට අත්සන් තැබූ රදලවරුන් වැඩිදෙනකු රජයට විරුද්ධව කැරලි ගැසීම, නව ප්‍රකාශන පත්‍රයක් මගින් ගිවිසුමේ වගන්ති සංශෝධන කිරීමට ඉංග්‍රීසීහු මුවාවක් කරගත්හ.

බ්‍රිතාන්‍ය පාලනය තහවුරු කිරීමේ මුඛ්‍ය පරමාර්ථය මුදුන් පත් කරගැනීම සඳහා ද රදලවරුන්ට ශේෂ කරන ලද බලතල ඔවුන්ගෙන් ඉවත් කර දමා මහජනයා විෂයෙහි ඔවුන් දැක්වූ ආධිපත්‍යය සිඳලීම සඳහා ද වගන්ති සංශෝධන කීපයක් ඇති කරලීමට කලක සිට ම සිතමින් සිටි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා කැරැල්ල බිඳ වැටෙනවාත් සමඟ ම 1818 ප්‍රකාශන පත්‍රයෙන් උඩරට ගිවිසුමේ වගන්තිවලින් කියැවෙන කරුණු වෙනස් කරමින් සංශෝධන ඇති කරන ලද්දේ අවි බලයේ පිහිටෙන් මිස නීතියේ සරණින් නොවන බව පෙනීයයි. ගිවිසුමේ නීත්‍යනුකූල ශක්තියේ ඌනතාවක් වූයේ නම්, නැතහොත් කැරැල්ලේ නායකත්වය ගත්තවුන් ගිවිසුම අනුව රජබලය අහිමි කරන ලද නායක්කර් වංශිකයකු යැයි කියාගත්තකුට යළි රජකම ලබාදීමට ක්‍රියා කිරීමෙන් ගිවිසුම බිඳ එහි වළංගුබවට පළුදු කරන ලදැයි ඉංග්‍රීසීහු පිළිගත්තහු නම් “ ...නිලමවරුන් එම තත්වයෙන් පහත් කොට පඩි ලබන සේවකයන්ගේ තත්වයට පමුණුවන විධිවිධානවලට විරුද්ධව නැඟී සිටීමට ඔවුන් කරන ප්‍රයත්නය මර්දනය කිරීමට උපකාරී විය හැකි බලසම්පන්න යුද්ධ හමුදාවක් සිටිය දී මේ සංශෝධිත ආණ්ඩුක්‍රමය හැකි තාක් අප්‍රමාදයෙන් පිහිටුවිය යුතුය යනු උන්වහන්සේගේ අදහසයි” (1818.9.28 දින බ්‍රවුන්රිග් කොමසාරිස් මණ්ඩලයට යැවූ ලිපිය) යනුවෙන් කොමසාරිස් මණ්ඩලයට දන්වා එම අදහස අවි බලයේ රැකවරණ යටතේ ක්‍රියාත්මක කිරීමට බ්‍රවුන්රිග්ට අවශ්‍ය නොවනු ඇත. ගිවිසුමේ බැඳීම නිසා ශක්තිය යුක්තිය කරගන්නට ඔහුට ඕනෑ විය.

මෙසේ 1818 කැරැල්ල අවසානයේ දී උඩරට ප්‍රධානීන්ගේ බලතල අඩු කිරීමත් 5 වන වගන්තියෙන් බුද්ධාගමේ ආරක්ෂාව හා පවත්වා ගෙන යාම පිළිබඳව දී තිබුණු පොරොන්දුව ලිහිල් කොට එම රැකවරණ අන්‍ය ආගම්වලටත් ව්‍යාප්ත කරලීමත් ඉඩම්වලින් බද්දක් නියම කිරීමෙන් කළ වෙනසත් ගිවිසුමේ ලිහිල්බව දැක්වෙන නිදසුන් නොව ශක්තිය යුක්තිය කොටගෙන කරන ලද වගන්ති කෙලෙසීම් හැටියට සැලකිය හැකිය.

උඩරට ගිවිසුම් වගන්ති මෙසේ කඩ කරන ලද්දේ 1818 දී පමණක් නොවේ. 1833 දී කෝල්බ්රුක් කොමිෂන් වාර්තාවේ යෝජනා අනුව රාජකාරිය අවළංගු කිරීමත් ඉන් අනතුරුව රජුගේ පාරම්පරික මුත්තෙට්ටු ඉඩම් විකිණීමත් 1847 දී යටත් විජිත මහලේකම් ග්රේ සාමිගේ නියමයෙන් ටොරිංටන් ආණ්ඩුකාරයා දළදා වහන්සේ බෞද්ධයන්ට භාර දී විහාර දේවාල පත්වීම් දීම නවතා දැමීමත් උඩරට ගිවිසුමට පළුදු සිදු වූ අවස්ථායි. ග්රේ සාමිගේ නියෝගය ක්‍රියාත්මක කළ ටොරිංටන් යටත්විජිත මහලේකම්වරයාට යැවූ රහස් ලියවිල්ලකින් එවක මෙහි වැඩ බලන අග්‍රවිනිශ්චයකාර තැනව සිටි කාර් මහතා ඒ ගැන සිය මතය දක්වමින්, “උපරිම ආචාරධර්ම මත පිහිටා තර්ක කළ හැකි වුව ද නීතිය හමුවෙහි අප කෙළේ විශ්වාසය කඩ කිරීමකි”යි කී බව දන්වා යැවීය.

මේ හැර ටොරිංටන් මෙරටට නුහුරු නුපුරුදු, චිරාගත චාරිත්‍රාදියට පටහැණි බදු පැනවීම ද ගිවිසුම නොතැකීමක් සේ සැලකිය හැකිය. 1876 දී ඉංග්‍රීසි රජය විහාරදේවාලගම් පනත මගින් විහාරදේවාලවල ආදායම ආණ්ඩුවේ ශාස්ත්‍රශාලාවලට වියදම් කිරීමට නීතිය සකස් කිරීම වැනි දේ ද 1815 ගිවිසුමේ 5 වැනි වගන්තියට පටහැණි ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ. බ්‍රිතාන්‍ය රජය ඒකපාක්ෂිකව ක්‍රියා කරමින් ගිවිසුම ඉක්ම වූ මේ හැම අවස්ථාවක දී ම උඩරට ජනතාව විරෝධය ප්‍රකාශ කරමින් ගිවිසුම් අයිතිවාසිකම් රකින ලෙස කොතෙකුත් ඉල්ලීම් කළහ. බැරි තැන ඔවුන් අවිබලය, සංවිධානය හා නායකත්වය අතින් කෙතරම් පිරිහී ගොස් සිටියේ වුව ද කැරලි ගැසීමට නැති නම් එවැනි දැයට තුඩු දිය හැකි රහස් කුමන්ත්‍රණාදිය කිරීමට තරම් පෙලඹුණු බව ද සත්‍යයකි. 1817-18 කැරැල්ල ද ඉන්පසු 1834 දී ඇති වි යයි කියන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ හා 1848 කැරැල්ල ද උඩරට ගිවිසුමෙන් සිංහලයන් බලාපොරොත්තු වූ ද සැබැවින් ඉංග්‍රීසීන් පොරොන්දු වූ ද අයිතිවාසිකම් හා වරප්‍රසාද අහිමි කර දැමීමට විරුද්ධව ජනතාව තුළින් පැනනැඟි විරෝධතා පෙළපාළි හැටියට දැක්විය හැකිය.

මල්වතු-අස්ගිරි මහානායක හිමිවරුන් ප්‍රමුඛ සංඝයාවහන්සේ 1876 විහාරදේවාලගම් පනතට විරුද්ධව 1815 ගිවිසුම් පොරොන්දු සිහි කරවමින් වික්ටෝරියා රැජින වෙත අභියාචනයක් ඉදිරිපත් කරමින් විරෝධය දක්වා සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටියහ.

විසිවැනි සියවස තුළ ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ උද්ඝෝෂණ පැනනැඟි විට ද සිංහල ජනයා උඩරට ගිවිසුම ජාතික හැඟීම් දනවන නිදහස් ලියවිල්ලක් ලෙස සලකන්නට වූහ. එහෙයිනි, ශ්‍රීමත් එඩ්වින් විජේරත්න හා ඒ.ඊ. ගුණසිංහ යන මහත්වරුන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ගැන සටන් කිරීම අරමුණු කොට පිහිටුවූ “ලංකා තරුණ සංගමය” ඇරඹීමේ දිනය වශයෙන් උඩරට ගිවිසුමට සියවසක් පිරි දිනය තෝරා ගත්තේ. ඩොනමෝර් කොමිසම ලංකාවට පැමිණි විට උඩරට ප්‍රදේශවල ජනකොටස් තමන්ට මුහුණ පෑමට වූ සමාජ හා ආර්ථික ප්‍රශ්න එයට ඉදිරිපත් කරමින් “උඩරැටියන්ගේ හිමිකමක්” ලෙස ප්‍රාදේශික අයිතිවාසිකම් රැක දෙන මෙන් ඉල්ලා සිටියහ. ඩොනමෝර් කොමිසම ඉදිරියේ සාක්කි දුන් උඩරට මණ්ඩලය නමැති සංවිධානයේ අදහස් මීට නිදසුනි. සෝල්බරි කොමිසමට ද මෙවැනි ම අදහස් ඉදිරිපත් විය. එම කොමිසමේ අදහස වූයේ 1815 උඩරට ගිවිසුම උඩරැටියන්ගේ ප්‍රාදේශික විශේෂ අයිතිවාසිකම් පිළිබිඹු කරන ලියවිල්ලක්ය යන්නය.

1948 දී නිදහස ලැබීමෙන් පසු ද ඉංග්‍රීසීන් ලංකාවට ස්වාධීනතාව දීමේ දී 1815 ගිවිසුම් වගන්තිවලින් පොරොන්දු වූ බුද්ධ ශාසනය කඩ නොකර පවත්වාගෙන යාම සහතික කරනු වෙනුවට මෙරට සුළු ජාතිකයන්ට හා සුළු ආගමිකයන්ට විශේෂ රැකවරණ සපයන කොන්දේසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතට ඇතුළත් කිරීම ගැන - විශේෂයෙන් 29 වන වගන්තිය ගැන - ඇතැම් දේශපාලනඥයෝ ඔවුන් බලවත් විවේචනයට ලක් කරති.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උඩරට_ගිවිසුම&oldid=9770" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි