අච්චු ඊයම්
මේ නමින් හැඳින්වෙනුයේ බෙහෙවින් ම අච්චු අකුරු සැදීම පිණිස භාවිත කරනු ලබන්නා වූ ද අවශ්‍යෙයන් ම ඇන්ටිමනි සහිත වූ ද ඊයම්වල මිශ්‍ර ලෝහයකි. එහි බොහෝ විට ටින් ද ඇතැම්විට තඹ ස්වල්පයක් ද තිබිමට පිළිවන.
ඇන්ටිමනි මිර්‍ශ වීම හේතු කොට පහසුවෙන් විලිනවනසුලු බව ද තද ගතියක් ද මිශ්‍ර ලෝහයෙහි ඇති වේ. එපමණක් නොව ඝන වන විට ප්‍රසාරණය විය හැකි බවක් ද ඇති වේ. මේ මිශ්‍ර ලෝහය අකුරු සැදීමේ දී ඉතා වැදගත් වනුයේ හ් හේතූන් නිසාය.
වාත්තු කිරිමේ පහසුව නිසා ප්‍රතිමා සහ විවිධ සැරසිලි භාණ්ඩ සැදීම පිණිස ද අච්චු ඊයම් භාවිත කරති. ඉපියාවන් සහිත සමහර සංගීත භාණ්ඩවල යතුරු සඳහා ද රසායනික කර්මාන්තවල දී කරාම පයිප්ප, තහඩු ආදිය තැනීම පිණිස ද ඊයම් ඇන්ටිමනි මිශ්‍ර ලෝහ භාවිත කරනු ලබන ලෝහවල සමානුපාත කිහිපයක් මෙසේ ය :-
ඊයම් ඇන්ටිමනි ටින් තඹ
ටයිප් ලෝහය 60 ....30 ... 10 .... –
එම .... 70 ..... 18 ..... 10 ..... 2
එම .... 77.5 ...... 16 ..... 6.5 ... –
ස්ටිරියොටයිප්
ලෝහය ... 85.7 ...... 14.3 - -
එම ..... 82.5 ...... 13 ..... 4.5 -
ලයිනොටයිප්
ලෝහය ... 84.5 ...... 13.5 ..... 2 ...... –
එම .... 82.5 ...... 13 ..... 5 ...... –
එම .... 85.5 ...... 11 ..... 3.5 .... –
(සංස්කරණය:1963)