ඉන්ද්‍රාණී
සිංහල විශ්වකෝෂය වෙතින්
13:44, 22 අප්‍රේල් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
ඉන්ද්‍රගේ භාර්යාව වූ මෝතොමෝ පුලෝම නම් අසුරයාගේ දූ වූවාය. ඇය පැහැරගෙන ගිය ඉන්ද්‍ර ඇගේ පියාගේ ශාපයෙන් මිදීම පිණිස ඔහුගේ මරණය පවා සිදු කෙළේය. ඕතොමෝ ජයන්ති, ජයන්ත යන දූපුතුන් දෙදෙනාගේ මව වූවාය.
ශචී, පුලෝමජා, පෞලෝමී, මාහේන්ද්රී, ජයවාහිනී හා ඓන්ද්‍රී ඇයට ව්‍යවහාර කරන වෙනත් නම්වලින් සමහරකි.
(සංස්කරණය: 1970)