අංගම්මන අදිකාරම්
සිංහල විශ්වකෝෂය වෙතින්
14:46, 29 මැයි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('ගම්පොළ අසල මහවැලි ගංතෙරට නුදුරින් පිහිටි අංග...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ගම්පොළ අසල මහවැලි ගංතෙරට නුදුරින් පිහිටි අංගම්මන නම් ගම වාසභූමි කොට ගත් වැදගත් පෙළපතක තරුණයෙක් දෙවෙනි රාජසිංහ රජු ඉදියෙහි දස්කම් දක්වා දිසාපති පදවියකට පත්ව, මහවාසලින් සම්මාන හා ගම්වර ද ලැබුවේය. ඔහුගේ පෙළපතින් පැවත ආවෙක් සෙංකඩගල නුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජු අවදියේ දී මහ අදිකාරම් ධුරයට ද සපරගමුවේ දිසාපති පදවියට ද පත්කරනු ලැබීය. අංගම්මන අදිකාරම් නමින් ප්‍රසිද්ධ වූයේ හෙතෙමේය.
අංගම්මන අදිකාරම්තුමා විසි වසක් එම ධුරය දරමින් බටුගෙදර නැවතී සිට සපරගමු දිසාව භාරව රාජ සේවය කළේය. එම කාලයේ දී ඔහු බඩුගෙදර අංගම්මන විහාරය (බ.) නම් වූ අලංකාර ගල්ලෙන් විහාරයක් කැරැවීය.