අංගොඩ

සිංහල විශ්වකෝෂය වෙතින්
14:51, 29 මැයි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('කොළඹට සැතපුම් 5 ½ ක් නැගෙනහිරින් පිහිටි කුඩා නග...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

කොළඹට සැතපුම් 5 ½ ක් නැගෙනහිරින් පිහිටි කුඩා නගරයකි. එය අඹතලෙන් - පහළ ගම්කාර්‍ය්‍ය සභාවට අයත් වේ. දිවයිනේ ප්‍රධාන මානසික ආරෝග්‍යශාලාව පිහිටීම නිසා ප්‍රසිද්ධව ඇති අංගොඩ බෝවෙන රෝගීන්ගේ ආරෝග්‍යශාලාවක් ද තිබේ. කැලණි ගඟට ආසන්නව පිහිටා ඇති මෙම ප්‍රදේශයෙහි උළු සහ ගඩොල් කැපීමට යෝග්‍ය මැටි ඇති නිසා එම කර්මාන්තය දියුණුය. කැලණි ගඟ උතුරා යන විට අංගොඩ ඇතැම් පෙදෙස් ගංවතුරට යට වේ. එසේ ගංවතුරට යටවී යන ඕවිටි හා කුඹුරු සාරවත් හෙයින් එළවළු වැවීමත් වී ගොවිතැනත් මෙහි සශ්‍රීකව කෙරේ.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අංගොඩ&oldid=1158" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි