අක්ෂර
සිංහල විශ්වකෝෂය වෙතින්
11:12, 30 මැයි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('ශිෂ්ට මනුෂ්‍ය වර්ග අතර ව්‍යවහාරවන භාෂාවන්ගේ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ශිෂ්ට මනුෂ්‍ය වර්ග අතර ව්‍යවහාරවන භාෂාවන්ගේ හෝඩිවල වර්ණ, අක්ෂර හෙවත් අකුරු නමින් හැඳින්වේ. වර්ණයකින් උච්චාරණය කෙරෙන ශබ්දයට මෙන් ම එම ශබ්දය හඟවන ලකුණට හෙවත් සංකේතයට ද අක්ෂර යන්න භාවිත වේ.
ක්ෂයවීමක් නැත යන අර්ථයෙන් වර්ණයන්ට අක්ෂර නම දී තිබේ. කල්ප විනාශයේ දී පවා අක්ෂර විනාශ නොවෙතැයි යනු තන්ත්රෝක්තියි. ලෝකෝත්පත්ති සමයෙහි දී අක්ෂර ද පහළ වීය යනු ඇතැමුන්ගේ පිළිගැනීම විය. බ්රාහ්මී අක්ෂරවලට ඒ නාමය දීමට හේතු වූයේ ද ලෝකයේ නිර්මාණයට හේතුභූත වූ බ්‍රහ්මයා කෙරෙන් පහළ වූයේය යන විශ්වාසය නිසාය. එහෙත් මනුෂ්‍යයාගේ ඉතිහාසය ගැන සිතා බලන විට ඔහුගේ ප්රාදුර්භාවයෙන් දීර්ඝ කාලයකට පසුව, භාෂාවන් පහළ වූ බවත් භාෂාවන් ද පහළ වී අතිදීර්ඝ කාල පරිච්ඡේදයකට පසුව අක්ෂරයන්ගේ සම්භවය ඇති වූ බවත් විද්වතුන්ගේ පිළිගැනීමයි. (හෝඩිය බ.)
(සංස්කරණය:1963)