අඃ
සිංහල විශ්වකෝෂය වෙතින්
22:03, 7 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
විසර්ගය වර්ණමාලායෙහි සටන් කරන අයුරුය මේ. ශුද්ධ සිංහලයෙහි ද පාලි භාෂායෙහි ද නොලැබෙන විසර්ගය සංස්කෘතයෙහි ද මිශ්‍ර සිංහල හෝඩියෙහි ද ඇත. එය බොහෝ සෙයින් සංස්කෘතයෙහි පාදාන්තයට පැමිණ සකාර රේඵයන් ගේ ආදේශ රූපයක් මෙන් සිටී. කණ්ඨය උත්පත්තිස්ථාන කොට ඇති මේ විසර්ගය ද අනුස්වාරය මෙන් ම පූර්වාශ්‍රය ව්‍යඤ්ජනයෙකි. අනුස්වාරය සෙයින් ම විසර්ගය ද පැරැණි සිංහල හෝඩියෙහි ස්වර සංඛ්‍යාවෙහි ලා ගණින ලද්දේය (අං-1 බ.).
(සංස්කරණය:1963)