දසකථා (වස්තු)
බුදුරදුන් විසින් නොයෙක් තැන්හි ලද කෙලෙස් නැසීම පිණිස පවත්නා (අභිස ලෙලඛිකා) ශමට් විදර්ශනාවන්ට උපකාර වූ (මෙතොවිවරණසප්පායා) ඒකාන්තයෙන් නිර්වේදය පිණිස (ඒකාන්තනිබ්බේදාය) විරාගය පිණිස නිරෝධය පිණිස උපශාමයා පිණිස අභිඥාව පිණිස මාර්ගාවබෝධය පිණිස නිවන පිණිස කථා දසයෙකි. එනම්, 1.අප්පිච්ඡ කථා, 2. සන්තුට්ඨි කථා, 3. පව්වෙක කථා, 4. අසංසග්ග කථා, 5. විරියාරම්භ කථා, 6. සීල කථා, සමාධි කථා, 8. පඤ්ඤා කථා, 9. විමුක්ති කථා, 10. විමුක්ති ඥාණදස්සන කථා යන මොහුයි.
එහි තෘෂ්ණා රහිත බව අප්පිච්ඡා නමි. අප්පිච්ඡ යන තන්හි ව්‍යඤජනය සාවශේෂ යැ, ආත්මය නිරවශේෂයි. එහෙයින් අල්ප වුචඡවකුදු නැති යන අරුත වෙයි. සිවුපසයෙහි අල්පෙච්ඡ බව ය, ධුතාංග සමාදානය සඟවනු කැමැත්ත ය, අධිගමයා සඟවනු කැමැත්ත යයි අල්පේච්ඡ බව ය, සතර ආකාරයි.
1. යම් මහණෙක් තෙමේත් අල්පේච්ඡව අන් මහණුනට ද සම්ච්ඡාදියෙන් දුරුව අල්පේච්ඡව වූ යයි කරන කථාව අප්පිච්ඡ කථා නම් වේ.
2. චීවරාදි සිවුපසයෙහි යථාලාභ, යථාබල, යථාසාරුප්ප වශයෙන් දොලොස් අයුරෙකින් තෙමේත් සතුටුව අන්‍යයනට ද සන්තෝෂයෙහි ගුණ ප්‍රකාශ කිරීම සන්තුට්ඨ කථායි.
3. කාය විවෙක, චිත්ත විවෙක, උපධි විවෙකයි විවෙකය ත්‍රිවිධ වෙයි. එකලාව විසීම කාය විවෙක නම අවසමවත් චිත්ත විවෙකයැ, නිවන උපධි විවෙකයි. තෙමේත් ත්‍රිවිධ විවෙකයෙන් යුක්තව අන්‍යයනුදු එහි සමාදන් කරවනු විවෙක කථායි.
4. ශ්‍රමණ සංසර්ග දර්ශන - සමුල්ලාප - සමොගග - කායසංසර්ග පස්වැදෑරුම් වූ සංසර්ගයෙන් තෙමේත් වෙන්ව අන්‍යයනුදු අසංසර්ගයෙහි පිහිටුවාලීම අසංසග්ග කථායි.
5. දැඩිව ගන්නා ලද කායික චෛතසික විර්ය්ය ඇතිව අන්‍යයනුදු වීය්යාරම්භයෙහි යොදවාලීම පිණිස කරන කථාව වීරියාරම්භ කථා නම් වෙයි.
6. චතුපාතිසුද්ධි සීලය සීල නමි. තෙමේත් සීලයෙහි පිහිටා අන්‍යයනුදු එහි සමාදන් කරවීම සීල කථායි.
7. විදර්ශනාාදික වූ අෂ්ටසමාපත්තිය මෙහි සමාධි නමි. ඒ පිළිබඳ කථාව සමාධි කථායි.
8. ලෞකික ලොකොත්තර ප්‍රඥාව හෙවත් කම්මස්සකත - ධ්‍යාන - විදර්ශනා මාර්ගඵල යන පස්වැදෑරුම් ප්‍රඥාව පිළිබඳ කථාව පඤ්ඤා කථා නම් වෙයි.
9. ආර්‍ය්‍යඵල විමුක්ති නම් වෙයි එහි ලා කරන කථාව විමුක්ති කථා නමි.
10. එකුන් විසි ප්රත්යවෙක්ෂා ඥානය පිළිබඳ කථාව විමුක්ති ඥානදස්සන කථා නම් වේ.
තව ද මේ දශකථා වස්තුහු අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන ශික්ෂාත්රයෙහි සංග්‍රහ වෙයි. එහි අල්පේච්ඡකථා, සන්තුට්ඨිකථා, අසංසර්ගකථා, ශීලකථා යන සතර කථාවෝ අධිශීල ශික්ෂායෙහි සංග්‍රහ කරන ලදහ. ප්රව්වෙකකථා, විර්ය්යරම්භකථා, සමාධිකථා යන තුන අධිචිත්ත අධිචිත්තශික්‍ෂායෙහි ද ප්රඤාකථා විමුක්ති කථා විමුක්ති ඥාන දර්ශන කථා යන අධිප්රඥාශික්ෂායෙහි ද සංග්‍රහ කරන ලද්දාහු වෙත්. එහෙයින් දශකථාවස්තුයෙන් පරිපූර්ණ වුවාහු ත්‍රිවිධ ශික්ෂාව පුරති. ත්‍රිවිධ ශික්ෂාව පිරීමෙන් ශීල, සමාධි, ප්‍රඥා, විමුක්ති ඥානදර්ශන යන පස්වැදෑරුම් අශෛක්ෂ ධර්මස්කන්ධයෝ වෙති. අශෛක්ෂ ධර්මස්කන්ධ පිරීමෙන් අමාමහනිවන පුරාලන්නේ වේ.
(විස්තර සඳහා ධම්මදායාද අරියපරියෙසන සූත්‍ර හා අංගුත්තර දසක නිපාතය බලන්න.)
(කර්තෘ: ලබුගම ලංකානන්ද හිමි)
(සංස්කරණය නොකළ)