ඌජ්ඩා

සිංහල විශ්වකෝෂය වෙතින්
09:00, 24 පෙබරවාරි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Oujda). නැගෙනහිර මොරොක්කෝවේ ප්‍රධාන නගරයයි. මේ නග...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Oujda). නැගෙනහිර මොරොක්කෝවේ ප්‍රධාන නගරයයි. මේ නගරය ඇල්ජීරියා, මොරොක්කෝ දෙරට අතර වූ වැදගත් වෙළඳ මධ්‍යස්ථානයකි. ඌජ්ඩා ප්‍රදේශයෙහි රට අඟුරු, ඊයම් සහ මැංගනීස් නිපැදවෙන අතර ඒ අසල ප්‍රදේශයන්හි ගව, බැටළු, එළු ආදි සතුන් ඇති කරත්. ධාන්‍ය වර්ග ද වවත්. මෙහි ජනගහනය (1960) 128,645කි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඌජ්ඩා&oldid=10452" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි