ඌජ්ඩා
සිංහල විශ්වකෝෂය වෙතින්
09:00, 24 පෙබරවාරි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Oujda). නැගෙනහිර මොරොක්කෝවේ ප්‍රධාන නගරයයි. මේ නග...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(Oujda). නැගෙනහිර මොරොක්කෝවේ ප්‍රධාන නගරයයි. මේ නගරය ඇල්ජීරියා, මොරොක්කෝ දෙරට අතර වූ වැදගත් වෙළඳ මධ්‍යස්ථානයකි. ඌජ්ඩා ප්‍රදේශයෙහි රට අඟුරු, ඊයම් සහ මැංගනීස් නිපැදවෙන අතර ඒ අසල ප්‍රදේශයන්හි ගව, බැටළු, එළු ආදි සතුන් ඇති කරත්. ධාන්‍ය වර්ග ද වවත්. මෙහි ජනගහනය (1960) 128,645කි.
(සංස්කරණය: 1974)