උශනස් (2)

සිංහල විශ්වකෝෂය වෙතින්
13:39, 9 මාර්තු 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('නීතිශාස්ත්‍රය පිළිබඳ ග්‍රන්ථයක් රචනය කළ ආචාර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

නීතිශාස්ත්‍රය පිළිබඳ ග්‍රන්ථයක් රචනය කළ ආචාර්‍ය්‍යවරයෙකි. කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රයෙහි උශනස්ගේ කෘතිවලින් කරුණු උපුටා දක්වා ඇති බැවින් ඔහු ජීවත්ව සිටියේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසට පෙර කාලයක යයි සැලකිය හැකිය. ඔහුගේ නීතිශාස්ත්‍රයෙහි රාෂ්ට්‍ර පාලනය පිළිබඳ උපදෙස්, දණ්ඩනීති ආදිය ඇතුළත් වූ බව කෞටිල්‍යයන් එයින් උපුටා දක්වන කරුණුවලින් හෙළි වේ. මහාභාරතයේ ශාන්ති, සභා පර්වයන්හි ද ඔහුගේ නීතිශාස්ත්‍රයෙන් උපුටාගත් ශ්ලෝක කීපයක් දක්නට ලැබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උශනස්_(2)&oldid=10499" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි