ඌන්ටර්වාල්ඩන්

සිංහල විශ්වකෝෂය වෙතින්
14:24, 10 මාර්තු 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(උන්ටර්වාල්ඩන්). ස්විට්සර්ලන්තයට අයත් කැන්ටන...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(උන්ටර්වාල්ඩන්). ස්විට්සර්ලන්තයට අයත් කැන්ටන් පළාතකි. 1291 දී ස්විට්සර්ලන්ත සමූහාණ්ඩු සන්ධානය පිහිටුවීමට එක්සත් වූ පැරණි ම පළාත්වලින් එකකි. මෙය නීට්වාල්ඩන් සහ ඕප්වාල්ඩන් යනුවෙන් ප්‍රදේශ දෙකකට බෙදී ඇත්තේය. ෂ්ටාන්ස් නගරය නීට්වාල්ඩන් ප්‍රදේශයේ අගනුවරය. සාර්නන් නගරය ඕප්වාල්ඩන් ප්‍රදේශයේ අගනුවරයි. නීට්වාල්ඩන් ප්‍රදේශය කෝරළ 11කින් ද ඕප්වාල්ඩන් ප්‍රදේශය කෝරළ 7කින් ද යුක්තය. මේ අර්ධ ප්‍රදේශයන් පාලනය කෙරෙනුයේ ද වෙන වෙන මය.

ඌන්ටර්වාල්ඩන් පළාතේ ජනගහනය (1960) 45,323කි. විශාලත්වය ව.සැ. 295ක් වූ මෙහි ව.සැ.5ක් ග්ලැසියරවලින් ද වැසී තිබේ. ජර්මන් බස කතා කරන ඌන්ටර්වාල්ඩන් වාසීන්ගේ ජීවනෝපාය වූකලි පශු පාලනය සහ ගොවිකර්මාන්තයයි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඌන්ටර්වාල්ඩන්&oldid=10514" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි