එබනයිට්
සිංහල විශ්වකෝෂය වෙතින්
15:14, 10 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('වල්කනයිස් කරන ලද කළුපාට දැඩි රබර් වර්ගයකි. රබර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
වල්කනයිස් කරන ලද කළුපාට දැඩි රබර් වර්ගයකි. රබර් අධික ලෙස වල්කනයිස් කිරීමෙන් එබනයිට් ලැබේ. ශුද්ධ රබර් සමඟ සියයට 40ක් පමණ සල්පර් ප්‍රමාණයක් මිශ්‍ර කොට ඒ මිශ්‍රණය යන්ත්‍ර මගින් තළනු ලැබේ. ඊට පසු මිශ්‍රණය සෙ. 150°ක පමණ උෂ්ණත්වයක පැය 6 සිට 10 දක්වා කාලයක් තුළ රත් කිරීමේ දී එබනයිට් සෑදේ. විද්‍යුත් ධාරාව සන්නයනය නොකරන බැවින් ද බොහෝ රසායනික ප්‍රතිකාරකයන් කෙරෙහි ප්‍රතිරෝධයක් දක්වන බැවින් ද එබනයිට් ඉතා ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක් ලෙස සලකනු ලැබේ.
(සංස්කරණය: 1974)