එබනයිට්

සිංහල විශ්වකෝෂය වෙතින්
15:14, 10 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('වල්කනයිස් කරන ලද කළුපාට දැඩි රබර් වර්ගයකි. රබර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

වල්කනයිස් කරන ලද කළුපාට දැඩි රබර් වර්ගයකි. රබර් අධික ලෙස වල්කනයිස් කිරීමෙන් එබනයිට් ලැබේ. ශුද්ධ රබර් සමඟ සියයට 40ක් පමණ සල්පර් ප්‍රමාණයක් මිශ්‍ර කොට ඒ මිශ්‍රණය යන්ත්‍ර මගින් තළනු ලැබේ. ඊට පසු මිශ්‍රණය සෙ. 150°ක පමණ උෂ්ණත්වයක පැය 6 සිට 10 දක්වා කාලයක් තුළ රත් කිරීමේ දී එබනයිට් සෑදේ. විද්‍යුත් ධාරාව සන්නයනය නොකරන බැවින් ද බොහෝ රසායනික ප්‍රතිකාරකයන් කෙරෙහි ප්‍රතිරෝධයක් දක්වන බැවින් ද එබනයිට් ඉතා ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක් ලෙස සලකනු ලැබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එබනයිට්&oldid=11066" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි