එලිෂා

සිංහල විශ්වකෝෂය වෙතින්
14:59, 12 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('පිනීසියානු බාල් දේව වන්දනයෙන් ඊශ්‍රායෙලයට පැ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

පිනීසියානු බාල් දේව වන්දනයෙන් ඊශ්‍රායෙලයට පැමිණි බාධක හිරිහැර මැඩ යාඃවේ දේව වන්දනය දිගට ම ගෙනයාමේ සටනෙහි අනාගතවක්තෘ එලියා (බ.) ගත් තැනට එතුමාගෙන් පසුව පත් හේබ්‍රෙව් අනාගතවක්තෘවරයාය. ක්‍රි.පූ. 9 වැනි සියවසේ විසූ මෙතුමා ගැන බයිබලයේ රාජාවලිය නම් පොත් දෙකේ ද ශුද්ධ වූ ලූක්ගේ ශුභාරංචියේ ද සඳහන් වේ. බොහෝ විට සැහැසි ලෙස ක්‍රියා කළ එලියා අනාගතවක්තෘවරයා මෙන් නොව මෙතුමා ස්වකීය බලය සාමකාමී ලෙස යොදවා මිනිසුන්ගේ සිත් දිනාගෙන සිය අරමුණු ඉටු කරගැනීමෙහි සමත් විය. එලියා අනාගතවක්තෘට වඩා බෙහෙවින් නිවුණු ගතිගුණවලින් යුත් මෙතුමා කළ ආශ්චර්යවත් දෑ අතුරින් වැඩි හරිය දයා කරුණා පරවශව කරන ලද්දේ විය. ෂුනමිය ස්ත්‍රියගේ මිය ගිය පුත්‍රයාට පණ දීම, සිරියාවෙහි නාමන් නමැති කපිතන්වරයාගේ කුෂ්ඨ රෝගය සුව කිරීම හා දුප්පත් වැන්දඹු ස්ත්‍රියකට ණයබරින් මිදීමට මං සැලසීම මින් සමහරකි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එලිෂා&oldid=11076" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි