එම්ඩන්
සිංහල විශ්වකෝෂය වෙතින්
13:42, 15 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ජර්මන් ෆෙඩරල් සමූහාණ්ඩුවෙහි පහළ සැක්සනි ප්‍ර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ජර්මන් ෆෙඩරල් සමූහාණ්ඩුවෙහි පහළ සැක්සනි ප්‍රදේශයේ එම්ස් ගං මෝයට නුදුරුව පිහිටි නගරයක් හා නැව්තොටකි. ධීවර තොටක් වශයෙන් ද නැව් තැනීමේ මධ්‍යස්ථානයක් වශයෙන් ද එම්ඩන් ඉතා ප්‍රසිද්ධය. ජනගහනය (1953) 41,200කි. ඩෝට්මුන්ට්-එම්ස් ඇළ ඉදි කිරීමෙන් පසු එම්ඩන් වරාය බොහෝ දියුණු විය.
ප්‍රථම ලෝක යුද්ධ සමයේ දී ලංකාව අවට මුහුදෙහි සරමින් මිත්‍ර පාක්ෂික නැව් 15ක් ගිල්වා දැමූ ජර්මන් යුද්ධ නැවක් ද එම්ඩන් නමින් හැඳින්විණ. පසුව එය සිඩ්නි නම් ඕස්ට්රේලියානු නෞකාව විසින් ගිල්වා දමනු ලැබිණ.
(සංස්කරණය: 1974)