එවන්ස්විල්
සිංහල විශ්වකෝෂය වෙතින්
12:36, 24 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඇමෙරිකාවේ ඉන්දියානා ජනපදයේ නගරයකි. ඉන්දියානා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ඇමෙරිකාවේ ඉන්දියානා ජනපදයේ නගරයකි. ඉන්දියානාපොලිස් නගරයට සැතපුම් 150ක් නිරිතින් හා ටෙරහෝට් නගරයට සැතපුම් 100ක් දකුණින් ඔහායෝ ගංගාවේ උතුරු ඉවුරෙහි පිහිටා ඇති මෙය නැව්තොටක් මෙන් ම වැන්ඩබර්ග් කෝරළයේ මධ්‍යස්ථානය ද වේ.
එවන්ස්විල් අවට ප්‍රදේශය කෘෂිකර්මාන්තයෙන් දියුණුවට පත් වූ ද රට අඟුරු නිෂ්පාදනය කරන්නාවූ ද ප්‍රදේශයකි. මෙහි නිපැදවෙන ද්‍රව්‍ය අතර ගොවිකම් උපකරණ, මෝටර් රථ වර්ග, ආහාර ද්‍රව්‍ය, ගෘහ භාණ්ඩ, යකඩ සහ වානේ භාණ්ඩ, සායම් වර්ග, රෙදිපිළී, ගෑස් යන්ත්‍ර ආදිය ප්‍රධානය. මෙහි ජනගහනය (1960) 14,543කි.
(සංස්කරණය: 1974)