එළු අකාරාදිය
සිංහල විශ්වකෝෂය වෙතින්
15:00, 9 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('බී. ක්ලෆ් දේවගැතිතුමන් විසින් 1830 දී ප්‍රකාශයට...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
බී. ක්ලෆ් දේවගැතිතුමන් විසින් 1830 දී ප්‍රකාශයට පමුණුවනු ලැබූ සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂය සම්පාදනය කිරීමේ දී එළු අකාරාදියක් පිහිට කරගත් බවක් සැලයි. එහෙත් එය කිම් දැයි නිශ්චය කොට කිව නොහේ. ලංකාවේ පුස්කොළ පොත් නාමාවලීන්හි ද එළු අකාරාදිය යන නමින් පැවති පුස්කොළ පොත් කිහිපයක් සඳහන් වේ.
හෙන්ද්‍රික් ජයතිලක මහතුන් විසින් සම්පාදිත ශුද්ධ සිංහල අකාරාදිය ද එළු අකාරාදිය යන නමින් ඇතැමුන් විසින් හඳුන්වනු ලැබේ. එහි ‘අ’ සිට ‘හෝවිලි’ දක්වා හෙළවදන් 7,200ක පමණ වචනාර්ථ දී ඇත.
(සංස්කරණය: 1974)