ඔලිඳ මාලය

සිංහල විශ්වකෝෂය වෙතින්
10:23, 11 අගෝස්තු 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මාල කාව්‍ය සාහිත්‍යයෙහි නැටුම් හා තොවිල් පොත...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මාල කාව්‍ය සාහිත්‍යයෙහි නැටුම් හා තොවිල් පොත් ගණයට වැටෙන ඔලිඳ මාලය මෙරට ජනප්‍රිය ක්‍රීඩාවක් වන ඔලිඳ ක්‍රීඩාව සඳහා ම ලියැවී ඇති කුඩා කාව්‍යයෙකි. නෑනාවරුන් දෙදෙනකු අතර වූ සංවාදයක ස්වරූපයෙන් රචිත මෙය හාස්‍ය රසයෙන් අනූනය. මේ එහි එන එක කවකි:

කීයක්වත් දීලා ඇර ගන්නේ

දෙපිලට හරියට ගැණලා ගන්නේ

ඇරගන් පෝරුව එළියට නෑනේ

පෝරුව කවුදෝ ගත්තෙයි නෑනේ

මෙබඳු කවි එකොළොසක් පමණ මෙයට ඇත. මෙහි රචනා කාලය හරියට කිව නොහැකිය. එහෙත් සිංහල සාහිත්‍යය පිරිහී ගෙන ගිය මහනුවර සමයට අයත් කෘතියක් සේ පෙනේ.

(කර්තෘ: තෙරිපැහැ සෝමානන්ද හිමි)

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔලිඳ_මාලය&oldid=11529" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි