ඇලගේනි කඳු
සිංහල විශ්වකෝෂය වෙතින්
09:34, 8 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('උතුරු ඇමෙරිකාවේ ඇපලේචියන් කඳු පන්තියෙහි කොටස...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
උතුරු ඇමෙරිකාවේ ඇපලේචියන් කඳු පන්තියෙහි කොටසකි. මධ්යම පෙන්සිල්වේනියාවේ සිට මේරිලන්ඩ් සහ ව'ජිනියා යන පළාත් ඔස්සේ කම්බර්ලන්ඩ් දක්වා විහිදෙන මේ කඳුවැටියේ සාමාන්ය උස අඩි 2,500කි. එහෙත් මෙහි ඇතැම් දකුණු කොටස් අඩි 4,000 දක්වා නගී. මේ කඳු ඉතා දැඩි ලෙස ඛාදනය වී තිබේ. ගමනාගමනය දුෂ්කර වූ මෙම කඳු පෙදෙස සෞම්ය කලාපික වනාන්තරවලින් යුක්තය. කෙටි කඳු වැටි අතර පිහිටි කුඩා නිම්න ගොවිතැනට යොදා තිබේ. කඳුබෑවුම්හි ගල්අඟුරු හා යකඩ නිධි තිබේ. ඇලගේනි, මොනොංගහේලා, පොටෝමැක්, ෂෙනන්ඩෝවා මේ කඳුවලින් පටන් ගන්නා ගංගා කීහිපයකි.
(සංස්කරණය: 1967)