ඇල්කොහොල

සිංහල විශ්වකෝෂය වෙතින්
15:31, 14 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(මද්‍යසාර). සාරය යන අරුතෙන් යුත් ‘අල්කොහ්ල්’ (alko...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(මද්‍යසාර). සාරය යන අරුතෙන් යුත් ‘අල්කොහ්ල්’ (alkohl) යන අරාබි වචනයෙන් සැදුණ පදයකි. හයිඩ්‍රොක්සිල් කාණ්ඩ එකකින් හෝ ඊට වැඩි ගණනකින් හෝ සමන්විත කාබනික සංයෝග සමූහයකට ඇල්කොහොල් යන නාමය සාමාන්‍යයෙන් භාවිත කරනු ලැබේ. සුලභ ඇල්කොහොල වන එතිල් ඇල්කොහොල් (එතනෝල්) හා මෙතිල් ඇල්කොහොල් (මෙතනෝල්) ඇතුළත් වන ඇල්පැටික ඇල්කොහොල වූකලි හයිඩ්‍රොක්සිල් කාණ්ඩ එකකින් හෝ ඊට වැඩි ගණනකින් හෝ සමන්විත ඇල්කිල් සංයෝග වේ. ඒවා හයිඩ්‍රොකාබන්වල හයිඩ්රොක්සිල් ව්‍යුත්පන්නයන් වශයෙන් සලකනු ලැබේ. අංශ දාමයක (side chain) වූ හයිඩ්රොක්සිල් කාණ්ඩයකින් සමන්විත ඇරොමැටික සංයෝග ඇරොමැටික ඇල්කොහොල් වේ. බෙන්සයිල් ඇල්කොහොල් (C,H,CH,OH) මීට නිදසුනකි.

ඇල්කොහොල් වර්ගවල ඇති හයිඩ්‍රොක්සිල් කාණ්ඩවල සංඛ්‍යාව අනුව නොයෙක් ඇල්කොහොල් වර්ග මොනොහයිඩ්රික් ඇල්කොහොල, ඩයිහයිඩ්රික් ඇල්කොහොල, ට්‍රයිහයිඩ්රික් ඇල්කොහොල යනාදි වශයෙන් වර්ග කරනු ලැබේ. මෙතනෝල් (CH, OH) හා එතනෝල් (C,Hś0G) මොනොහයිඩ්රික් ඇල්කොහොල්වලට නිදසුනි. මේ එක එකේ ඇත්තේ එක හයිඩ්‍රොක්සිල් කාණ්ඩයකි. ග්ලයිකෝල් [CH, (OH)] ඩයිහයිඩ්රික් ඇල්කොහොලයකි. එහි හයිඩ්‍රොක්සිල් කාණ්ඩ දෙකකි. ග්ලිසරෝල් [C3H, (OH),] ට්‍රයිහයිඩ්රික් ඇල්කොහොලයකි. එහි හයිඩ්‍රොක්සිල් කාණ්ඩ තුනකි.

හයිඩ්‍රොක්සිල් කාණ්ඩය හා බැඳුණු ඇල්කිල් කාණ්ඩය ප්‍රාථමික ද ද්විතීයික ද නැතහොත් තෘතීයික ද යනුවෙන් සැලකීමෙන් ඇල්කොහොල ප්‍රාථමික, ද්විතීයික හෝ තෘතීයික වශයෙන් වර්ග කරනු ලැබේ. ඇල්කොහොල් වර්ගවල ඇති ඇල්කිල් කාණ්ඩවල සංඛ්‍යාව අනුව ද ඒවා වර්ග කරනු ලැබේ. ඇල්කිල් කාණ්ඩය ප්‍රාථමික එකක් නම් ඇල්කොහොලය ප්‍රාථමික ඇල්කොහොලයකි. ඒවායේ සාමාන්‍ය සූත්‍රය R. CH, OH වේ. එතනෝල් (CH, CH,OH) ප්‍රාථමික ඇල්කොහොලයකි. ද්විතීයික ඇල්කොහොලයක ද්විතීයික ඇල්කිල් කාණ්ඩයක් ඇත. ඒවායේ සාමාන්‍ය සූත්‍රය R2.CHOH වේ. අයිසොප්‍රොපනෝල් (CH,)2. CHOH ද්විතීයික ඇල්කොහොලයකි. ඇල්කිල් කාණ්ඩය තෘතීයික වී නම් ඇල්කොහොලය තෘතීයික ඇල්කොහොලයකි. ඒවායේ සාමාන්‍ය සූත්‍රය R, C0G වේ. තෘතීයික බියුටනෝල් (CH2)2. COH මීට නිදසුනකි.

ඇල්කොහොල්වලට ලාක්ෂණික වූ විවිධ රසායනික ප්‍රතික්‍රියා හා ප්‍රයෝජන මහත් රාශියක් ඇත්තේය. මෙතිල් ඇල්කොහොල්, එතිල් ඇල්කොහොල්, ග්ලිසරෝල් හා බෙන්සයිල් ඇල්කොහොල් වැනි ඇල්කොහොලවල මේ ලක්ෂණ දක්නට ලැබේ. ඇල්කොහොලවලින් ජලය ඉවත් කළ විට ඊතර ලැබේ. ඇල්කොහොල හා අම්ල ප්‍රතික්‍රියා කිරීමෙන් නොයෙක් එස්ටර වර්ග සෑදේ.

ඇල්කොහොලවලින් ලැබෙන ප්‍රයෝජන ද බොහොමයකි. ඒවා නොයෙක් කාර්මික ව්‍යාපාරවල යොදනු ලැබේ (ආසවනය, එතිල් ඇල්කොහොල්, මෙතිල් ඇල්කොහොල්, මද්‍යපාන යන ලිපි ද බලන්න).

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇල්කොහොල&oldid=11963" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි