ඔවු-යාං ෂියු

සිංහල විශ්වකෝෂය වෙතින්
10:19, 20 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1007-1072). 11වැනි ශතවර්ෂයෙහි චීනයේ විසූ සුප්‍රසිද්ධ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1007-1072). 11වැනි ශතවර්ෂයෙහි චීනයේ විසූ සුප්‍රසිද්ධ ඉතිහාසඥයායි. කවියකු හා රාජ්‍යතන්ත්‍රඥයකු හැටියට ද ඔහු ප්‍රසිද්ධය. ‘හ්සින් තා ෂුං’ (තාං රාජවංශය පිළිබඳ නව ඉතිහාසය) නමැති ග්‍රන්ථය ඇතුළු ඉතිහාස පොත් කීපයක් ඔහු විසින් ලියන ලදි. ගැඹුරු දාර්ශනික විෂයයන් ගැන මෙන් ම විනෝදාස්වාදය ගෙන දෙන සරල මාතෘකාවන් ශීර්ෂ කොට ගෙන ද විරචිත ඔහුගේ කෘතීන් අතුරෙන් ‘හ්සින් වූතායි’ (පංචරාජවංශය පිළිබඳ නව ඉතිහාසය) හා ‘මාවෝ ෂි පාන් යී’ (ගීත ග්‍රන්ථයේ මූලිකාධ්‍යාශය) යන ග්‍රන්ථ ප්‍රකාශයට පැමිණ තිබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔවු-යාං_ෂියු&oldid=11981" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි