ඔෆියුකස්
සිංහල විශ්වකෝෂය වෙතින්
14:20, 20 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Ophiuchus). මේ වූකලි විෂුවාංශ හෝරා 17 මිනිත්තු 30 කේන්ද...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(Ophiuchus). මේ වූකලි විෂුවාංශ හෝරා 17 මිනිත්තු 30 කේන්ද්‍ර කොටගෙන ඛගෝල සමකය හරහා විහිදෙන තාරකා මණ්ඩලයකි. මෙය උත්තරාර්ධගෝලයේ පිහිටා තිබේ. ක්ෂීරපථයෙන් කොටසක් ද මෙම තාරකා මණ්ඩලයට අන්තර්ගත වේ. 1604 දී ද 1848 දී ද මෙහි නවතරු (novae) දක්නට ලැබුණු බව සඳහන් වේ. දුරේක්ෂයකින් නිරීක්ෂණය කළ හැකි ද්විත්ව තාරකා ද තරු පොකුරු ද විශාල ප්‍රමාණයක් මෙම තාරකා මණ්ඩලයේ පිහිටා තිබේ.
(සංස්කරණය: 1974)