අක්මැල්ල
සිංහල විශ්වකෝෂය වෙතින්
10:38, 30 මැයි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('ලංකාව, ඉන්දියාව, ඉන්දු චීනය, පිලිප්පයින් දූපත්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ලංකාව, ඉන්දියාව, ඉන්දු චීනය, පිලිප්පයින් දූපත් යනාදි රටවල වැවෙන මේ වාර්ෂික ශාකයේ කඳ සහ අතු තරමක් බූ සහිතය. කොළ සම්මුඛ (opposite) ය; බූ සහිතය. මල් හටගන්නේ කුඩා ශීර්ෂකවල (heads)ය. මංජරි වෘන්ත අඟල් 4ක් පමණ දිගය. නිපත්‍රවලය (involucre) බූ සහිතය. බොහෝ විට ශීර්ෂකවල අංශු පුෂ්පිකා (ray florets) නැත. බූ මණියක් (pappus) ද ඇත. ඵලය ආයත චර්මලයකි (achene). මේ ශාකය කොම්පොසිටෙ (බ.) කුලයට අයත්ය.
ශාකයේ ඉතාමත් කටුක කොටස පුෂ්පමංජරිය වේ.
ආයුර්වේද මතය : අක්මැල්ල මුල දත්කැක්කුමට ගුණදායකය. විදාහී ගුණයෙන් යුත් මෙහි මල් සහ කොළ වේදනාව සහිත දත්වලට තබා විකාගෙන සිටීමෙන් වේදනාව අඩුවෙයි. සෙම් ගෙඩිවලට ද මේ පැළෑටිය ප්රත්යක්ෂ ඖෂධයකි. වාත, ඉදිමුම්, සෙම්රෝග හා ව්‍රණාදියට හිතකර ඖෂදයක් හැටියට ආයුර්වේදයෙහි සහ දේශීය වෛද්‍ය ශාස්ත්‍රයෙහි ද මෙය හඳුන්වා තිබේ.
ඉන්දියාවේ ඇසෑම් ප්‍රදේශවාසීන් විසින් වැදූ අලුත ස්ත්රීන්ගේ රෝග පීඩාවන්ට ද එරට ඇතැම් පෙදෙස්වල ළදරුවන්ගේ චර්ම රෝගයන්ට හා මත්ස්‍යයන් මත්කරවීම පිණිස ද අක්මැල්ල පාවිච්චි කරනු ලැබේ. ඉන්දුචීනවාසීහු අතීසාරයට හිත වූ ඖෂධයක් වශයෙන් ද පිලිප්පයින් දූපත්වල වැස්සෝ විරේචන ඖෂධයක් වශයෙන් හා වාත, හොරි, දද, අශ්මරි හා මූත්‍ර රෝගයන්ට ප්‍රතිකාරයක් වශයෙන් ද මැඩගස්කර්වාසීහු විරේචන ඖෂධයක් හා චර්ම, මූත්‍ර, ඡර්දි, දන්ත රෝගාදියට ප්‍රතිකාරයක් වශයෙන් ද මේ පැළෑටිය යොදති.
(සංස්කරණය:1963)