ඕෂන් දූපත

සිංහල විශ්වකෝෂය වෙතින්
11:38, 23 නොවැම්බර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Ocean Island). ශාන්තිකර සාගරයෙහි නිරක්ෂයට දකුණින් ජාත...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Ocean Island). ශාන්තිකර සාගරයෙහි නිරක්ෂයට දකුණින් ජාත්‍යන්තර දින රේඛාවට අංශක 12ක් පමණ බටහිරින් පිහිටා ඇති බ්‍රිතාන්‍ය පාලනයෙහි පවත්නා දූපතකි. භුමි ප්‍රමාණයෙන් ව.සැ. 2.2කි; අලුත් ම ඇස්තමේන්තුව අනුව ජනගහනය 2192කි. ඔවුනතුරෙන් බහුතරය මයික්‍රොනීසියන්වරුන් වන අතර යුරෝපීයයන් හා චීන ජාතිකයෝ ස්වල්ප දෙනෙක් ද වෙත්.

පොස්පේට් බහුලව ඇති මෙහි ප්‍රධාන ආදායම් මාර්ගය ද එය ම වේ. කලින් ගිල්බට් හා එලිස් දූපත් ප්‍රදේශයේ පාලන මධ්‍යස්ථානය වූ මෙය 1942 සිට 1945 දක්වා ජපනුන්ට අයත්ව තිබිණ. මෙම දූපත සොයාගන්නා ලද්දේ 1804 දීය. කලින් බනේඛ නමින් මෙය හැඳින්විණ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඕෂන්_දූපත&oldid=12120" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි