අඟුල් මඩුව (අඟුරු මඩුව)
සිංහල විශ්වකෝෂය වෙතින්
11:12, 1 ජූනි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('ලංකාවේ දකුණු පළතේ තංගලු දිස්ත්‍රික්කයේ කිරම...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ලංකාවේ දකුණු පළතේ තංගලු දිස්ත්‍රික්කයේ කිරම ඔයබඩ පිහිටි කුඩා ගමකි. මෙය ලාක්ෂා කර්මාන්තය අතින් මහත් ප්‍රසිද්ධියක් උසුලයි. පිත්තල කර්මාන්තය ද දියුණුය. ලාක්ෂා කර්මාන්තයට අවශ්‍ය අඟිල් නම් ද්‍රව්‍යය සකස් කරන අගිල් මඩු නිසා අඟුල් මඩුව වී යැයි ද පිත්තල කර්මාන්තය පිණිස ලෝහ උණු කරන අඟුරුමඩු නිසා අඟුරුමඩුව වී යැයි ද කියත්.
(සංස්කරණය:1963)