අටපිරිස්
සිංහල විශ්වකෝෂය වෙතින්
13:13, 1 ජූනි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ යන මනුෂ්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ යන මනුෂ්‍යපිරිස් සතර ද, චාතුම්මහාරාජික, තාවතිංස, මාර, බ්‍රහ්ම යන දිව්‍යපිරිස් සතර ද යනුයි. ත්‍රිපිටකයෙහි මේ පිරිස් අට ගැන නිතර සඳහන් වේ. බුදුරජාණන් වහන්සේගේ චතුර්වෛශාරද්‍යඥානබලය නිසා මේ පිරිස් අටෙහි කවර පිරිසක් මැද වුව ද උන්වහන්සේට කථා සල්ලාපයේ හෝ සාකච්ඡාවෙහි අභීතව යෙදෙත හැකිබව මජ්ඣිමනිකායෙහි මහාසීහනාද සූත්‍රයෙහි සඳහන් වේ. ගැඹුරු සියුම් කරුණු ගැන සිතන බලන විමසන වැටහෙන අය හැම ම මේ පිරිස් අටෙන් එකකට ඇතුළත් වෙතැයි පිළිගන්නා ලද බව මෙයින් පෙනේ.
(සංස්කරණය:1963)