අතිථි
සිංහල විශ්වකෝෂය වෙතින්
19:04, 1 ජූනි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('රාම රජතුමාගේ පුත්‍ර වූ කුශ රජුගේ හා කුමුද්වතී...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
රාම රජතුමාගේ පුත්‍ර වූ කුශ රජුගේ හා කුමුද්වතී බිසවගේ පුත්‍රයාය. හේ කුශ රජුගේ මරණයෙන් පසු අයෝධ්‍යා පුරයෙහි රජ විය. අතිථි රජු ධර්මිෂ්ඨව රට පාලනය කෙරෙමින් අශ්වමේධ යාගය ද කළ බවත් ඔහුගේ රාජ්‍ය සමයෙහි මුළු රට උපද්‍රව රහිත වූ බවත් සඳහන් වෙයි.
(සංස්කරණය:1963)