අධෝ බින්දුව (Nadir)
සිංහල විශ්වකෝෂය වෙතින්
15:14, 10 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඛගෝලයෙහි, නිරීක්ෂකයාට නොපෙනෙන පාර්ශ්වයෙහි ඔහ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ඛගෝලයෙහි, නිරීක්ෂකයාට නොපෙනෙන පාර්ශ්වයෙහි ඔහුගේ දෙපාවලට හරි යටි පිහිටි ලක්ෂ්යයයි. නිරීක්ෂකයා තුළින් යන සේ සැලකෙන ලම්බකයක් එක් පසෙකින් අධෝබින්දුව දක්වා ද අනික් පසින් (එනම් නිරීක්ෂකයාට පෙනෙන පාර්ශ්වයෙන්) එයට ප්රතිවිරුද්ධව පිහිටි ශිරෝබින්දුව දක්වා ද විහිදෙයි. ක්ෂිතිජයේ ඕනෑ ම ලක්ෂ්යයක් හා අධෝබින්දුව අතර දුර අංශක 90කි.
(සංස්කරණය:1963)