අග්නාතා (Agnatha)
සිංහල විශ්වකෝෂය වෙතින්
12:48, 20 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
නියම හනු නොමැති කමින් මත්ස්යයන්ගෙන් වෙන්කොට හඳුනාගත හැකි ආදිකල්පික ජලජ පෘෂ්ඨවංශීන් (vertebrates) වර්ගයකි. ඔවුන්ගේ මොළයට වැස්මක් ද ශරීරය දරනු පිණිස පෘෂ්ඨ රජ්ජුවක් ද (notochord) තිබේ. ග්‍රසනිකාව (pharynx) අවට පරිසරය හා සම්බන්ධ කරන විවරවල කරමල් ද ඇත.
අග්නතාවන්ට සාමාන්‍යයෙන් සඟළවරල් නැත. යම් ලෙසකින් ඇතහොත් ඒවායෙහි වරල් නාරටි නොමැත්තේය. සෙෆලස්පිඩයෝ (බ.) ද ටෙරස්පිඩයෝ ද අග්නාතා වර්ගයට අයත් වඳ වූ සත්තුය. අග්නාතා වර්ගයට අයත් සත්තුන්ගෙන් අද ජීවත් වන්නේ සික්ලොස්ටොමාටා (බ.) (cyclostomata) පමණකි.
ආදි ම පෘෂ්ඨවංශීන් වන අග්නාතාවන්ගේ පාෂාණි භූතධාතු සිලුරිය සහ ඩෙවෝනීය අවධිවලට අයත් නිධිවලින් ලැබේ.
(සංස්කරණය:1963)