අධෝ බින්දුව (Nadir)
සිංහල විශ්වකෝෂය වෙතින්
15:48, 20 සැප්තැම්බර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
ඛගෝලයෙහි, නිරීක්ෂකයාට නොපෙනෙන පාර්ශ්වයෙහි ඔහුගේ දෙපාවලට හරි යටි පිහිටි ලක්ෂ්යයයි. නිරීක්ෂකයා තුළින් යන සේ සැලකෙන ලම්බකයක් එක් පසෙකින් අධෝබින්දුව දක්වා ද අනික් පසින් (එනම් නිරීක්ෂකයාට පෙනෙන පාර්ශ්වයෙන්) එයට ප්රතිවිරුද්ධව පිහිටි ශිරෝබින්දුව දක්වා ද විහිදෙයි. ක්ෂිතිජයේ ඕනෑ ම ලක්ෂ්යයක් හා අධෝබින්දුව අතර දුර අංශක 90කි.
(සංස්කරණය:1963)