අනකාඩියාසේ
මේ කුලයට අයත් ශාක සාමාන්‍යයෙන් වැවෙන්නේ නිවර්තන ප්රදේශවලය. එහෙත් සමහරක් සෞම්‍ය දේශගුණය ඇති ප්‍රදේශවල ද වැවේ. ගණ 60 ක්ද විශේෂ 500 ක් ද පමණ මේ කුලයෙහි ඇතුළත් වේ. ගණ 8 ක් ද විශේෂ 23 ක් ද පමණ ලංකාවේ වැවේ. මේ කුලයට අයත් වැදගත් ගණ අතර සෙමෙකාපුස්, මන්ගි ෆෙරා, අනකාඩියුම්, රුස්, ලනෙයා සහ ස්පොන්ඩියස් යනාදිය ගැනේ. මේ කුලයෙහි ප්‍රයෝජනවත් ශාක රාශියක් ද අඩංගු වේ. අඹ (මන්ගිෆෙරා ඉන්ඩිකා) (බ.) රසවත් ඵල දරන නිසා බහුල ලෙස වවනු ලැබේ. එහි කඳ ලෑලි ඉරීමට යෝග්‍යය. ඇඹරෙල්ලා (ස්පොන්ඩියස් පිනාටා) (බ.) ගෙඩි උදෙසා ඉන්දියාවෙහි සහ ලංකාවෙහි වවනු ලැබේ. කජු (අනකාඩියුම් ඔකිඩෙන්ටාලෙ) (බ.) ඇමෙරිකානු ශාකයකි. කජු ලෙල්ලෙන් කටුක ක්ෂාර තෙලක් ලැබේ. රුස් විශේෂවල ටැනින් (බ.) තිබේ. රුස් ව’නිසිෆෙරාවලින් ජපන් ලාකිරි ලැබේ. බොහෝ කල් පවතින ලීයක් ඇති පිස්ටාෂියා ඉන්ටෙගරීමා හිමාලය ප්‍රදේශයෙහි කැළෑවල වැවේ. පංජාබයෙහි එය වවනු ලැබේ. එම ලීය ගෘහභාණ්ඩ සෑදීමට ඉතා යෝග්‍යය. ප්‍රයෝජනවත් මැලියම් වර්ගයක් හික් (ලනෙයා කොරොමන්ඩෙලිකා) ගසින් ලැබේ. අරිද්ද (කම්ප්නොස්පෙර්මා සෙලනිකුම්) (බ.) ලීය තේ පෙට්ටි සෑදීමට පාවිච්චි කරනු ලැබේ. පිෂ්ටාෂියා ටෙර බින්තුස්වලින් ටර්පන්ටයින් (බ.) වර්ගයක් සාදනු ලැබේ. බදුල්ල (සෙමෙකාපුස් ගාඩ්නේරි, සෙ. කොරියාසෙයා, සෙ. ඔබ්ස්කුරා) ලංකාවේ තෙත් වනාන්තරවල බහුලය. මේ ගස්වල ලීයෙහි තිබෙන කිරි ඉතා විෂය.
(සංස්කරණය:1963)