සුශ්‍රැතය
(Sushruta Samhita). සුශ්‍රැතය හෙවත් සුශ්‍රැතසංහිතා නමැති කෘතිය ක්‍රි.පූ. 8වන සියවසේ පමණ ඉන්දියාවේ වාසය කළ ආයුර්වේද වෛද්‍යවරයකු වූ 'සුශ්‍රැත' නමැත්තෙකු විසින් රචනා කරන ලද ආයුර්වේදය චිකිත්සාව පිළිබඳ ප්‍රාමාණික ග්‍රන්ථයකි.
සුශ්‍රැත නම් ආයුර්වේදයේ අෂ්ටවිධ තන්ත්‍ර අතුරින් ප්‍රධාන තන්ත්‍රය වනුයේ ශල්‍ය තන්ත්‍රයයි. සමස්ත ලෝකවාසීන්ගේ ආයුරාරෝග්‍ය ලාභය සඳහා ශල්‍ය චිකිත්සාව පහළ වූයේ ය. මෙය ධර්ම - අර්ථ - කාම - මෝක‍්ෂ යන චතුර් වර්ග සම්පත්තිය පිණිස ප්‍රකාශ කරන ලද්දේ කාශිරාජ ජන්ම දිවෝපදාය නම් ධන්තරී ඍෂිවරයා විසිනි. මෙතුමා මනුලොවට පැමිණියේ ශල්‍යාඞ්ගය ප්‍රමුඛ වැ ආයුර්වේදය විද්‍යාර්ථය හැදෑරීම පිණිස යැයි සුශ්‍රැතයෙහි මුලින් ම සඳහන් වන්නේ ය. ධන්වන්තරී තෙමේ ඖෂධෙනව, වෛතරණ, ඖරභ්‍ර, පෞෂ්කලාවත, කරවිර්ස, ගෝපුරරක්ෂිත, සුශ්‍රැතාදී ස්වකීය ශිෂ්‍යයන්ට ශල්‍ය ශාස්ත්‍රය වදාළේ ය. එය ශ්‍රවණය කොටැ හදාළා වූ ශිෂ්‍යයෝ ඔවුනොවුන්ගේ නාමයන් මුල් කොටැ ශල්‍යාඛ්‍යඞ්ගය පිළිබද වෙන වෙන ම තන්ත්‍ර සංග්‍රහ කළෝ ය. ඔවුනොවුන්ගේ ශිෂ්‍යානුශිෂ්‍යයන්ගෙන් සකස් වුණු වෛද්‍ය පරම්පරාවට ශල්‍ය වෛද්‍ය සම්ප්‍රදාය යැ’යි කියන ලදී.
ධන්වන්තරී ශිෂ්‍ය ඖෂධෙනව සහ ඖරභ්‍රයන් විසින් ලියන ලද ශල්‍යතන්ත්‍රද්වයෙහි ඉතිරි ව ඇත්තේ නාම මාත්‍රය පමණකි. ආචාර්‍ය ඛල්ලනකෘත නිබන්ධ සංග්‍රහ නම් සුශ්‍රැත ටීකාවෙහි ඖපධෙනව මතය සුශ්‍රැත මතය ම වැ නියා දක්වා තිබේ. ඒ හැර අන් විශේෂයක් ද දක්වා නොමැතියි. ධන්වන්තරී ශිෂ්‍ය සෞෂ්කලාවතයන්ගේ තන්ත්‍රයෙහි ද නාමය පමණක් ශේෂ ව තිබේ. එය සඳහන් ව ඇත්තේ චක්‍රපාණි දත්ත කෘත ටීකාවෙහි ය. ධන්වන්තරී ශිෂ්‍ය වෛතරණයන්ගේ තන්ත්‍රය සුශ්‍රැතයන්ගේ තන්ත්‍රයට වඩා විශාල යැයි අනූමාන කරනු ලැබේ. කරවීර තන්ත්‍රයේ නම ද ටීකාකාරයන්ගේ විස්තරයන්හි සඳහන් වුවත් මතයන් අතනින් මෙතැනින් දක්වුවත් ටීකාකාරයන්නේ අවදියෙහි කරන ලද තන්ත්‍රය සුලභ බවක් නොහැඟේ.
ගෝපුර රක‍්ෂිත තන්ත්‍රයෙන් උපුටාගත් කොටස් ටීකා කතුවරයන් විසින් අනුමානයෙන් යොදන ලද මුත් තන්ත්‍රය එකල්හි සුලභ ව තිබුණේ යැයි කිව නොහැක. මේ ග්‍රන්ථ තත්වයන් ගැන සළකා බලන විට භාරත දේශයේ සහ ලක්දිව ද දැනට ඉතිරි ව තිබෙන්නේ සුශ්‍රැත සංහිතාව පමණක් බව පෙනේ.
සුශ්‍රැත සංහිතාව වූ කලී සූත්‍රස්ථාන, නිධානස්ථාන, චිකිත්සස්ථාන, ශරීරස්ථාන, කාලස්ථාන, උත්තර තන්ත්‍ර යැයි කොටස් හයකට බෙදා ඇත්තේ ය. සුශ්‍රැත නිදානාස්ථානයෙහි ශාස්ත්‍ර සාධ්‍ය රෝග හේතු ලකෂණ දක්වා ඇත්තේ ය. චිකිත්සස්ථානයෙහි සියලු රෝගයන්ට චිකිත්සා ප්‍රණාලිය සඳහන් වේ. කාලස්ථානය හා උත්තර තන්ත්‍රයෙහි ආයුර්වේදයේ අනිත් තන්ත්‍ර හතේ ම ප්‍රකාශිත රෝග සමූහයෙහි නිදාන සහ චිකිත්සා ද විවරණය කොට ඇත්තේ ය.
ස්වාස්ථ්‍ය විධි හා පංචකර්ම පිළිබඳ උපදේශය වෙසෙසින් ම උත්තර තන්ත්‍රයෙහි ඇතුළත් ය. උත්තර තන්ත්‍රයෙහි විශ්‍රැහ ආදී ග්‍රන්ථකාරයන්ගේ මත හා චරක සංහිතාවේ සඳහන් දෙය ද සඳහන් වේ. එබැවින් ඒ කොටස් නොහොත් තන්ත්‍රයන් පසු කලෙක සුශ්‍රැත සංහතාවට යා කරණ ලදැ’යි සමහර වියතුන්ගේ මතය වේ. කෙසේ වූවත් සුශ්‍රැත සංහිතාව අංග සම්පූර්ණ ව සැකසී ඇති බව කිව හැකි ය. ආයුර්වේදයේ මූල ග්‍රන්ථයන් හා තදායත්ත තන්ත්‍රයන් ද මෙපමණින්වත් රැකුණේ දඹදිව බෞද්ධ යුගයෙහි බව අවිවාදයෙන් පිළිගත හැක්කේ ය. බෞද්ධ යුගයෙහි විසූ බෞද්ධාචාර්ය නාගාර්ජුනයන් විසින් වෘද්ධ සුශ්‍රැතය හෙවත් සුශ්‍රැතචාය්‍යයන්ගේ තන්ත්‍රය කෙසේ හෝ ඇසුරු කොට නෙහොත් සංස්කරණය කොට සුශ්‍රැත සංහිතාව නොකරන ලද්දේ නම් අද අපට සුශ්‍රැතය නමින් කිසිවක් දක්නට ලැබේ යැයි සිතිය නොහැකි ය. භාරත දේශයේ හා අටවැනි ශත වර්ෂයේ භාරතයෙන් දේශදේශාන්තරයට ද පැතිර ගිය ශට්‍යු චිකිත්සා ක්‍රමය සුශ්‍රැතය ඇසුරෙන් ම සකස් කළ බවට සාක්‍ෂි ඇත්තේ ය. ජාවා, කාම්බෝජ ආදී බෞද්ධ දේශයන්හි ද සුශ්‍රැතයේ දැක්වෙන වෙද පිළියම් භාවිත වූ නියාව ම තත් දේශීය ශිල්පාදියවලින් ද ප්‍රකාශ වේ. ලක්දිව ආයුර්වේදය බැබලුණු සමයෙහි බුද්ධදාස නරේන්ද්‍රයා විසින් නාගයෙකුට කරන ලද ශල්‍ය චිකිත්සාව ද වෘද්ධ සුශ්‍රැතයේ මතයන් ඇසුරින් සිදු වූ බවට සැකයක් නො මැ තිබේ. එතුමාගේ සාරාර්ථ සංග්‍රහයේ වෙද පිළියම් ද සුශ්‍රැතයෙහි ප්‍රකාශිත විෂයයන් ම අලළා ලියවුණු බව පෙනේ. ලක්දිව ලියා තිබෙන භේසජ්ජමඤ්ජුසා, වරයෝගසාර, යෝගාර්ණව, යෝගපිටක, යෝගරත්නාකාර ආදියෙහි ද වෙදොත්පත්තිය සහ රෝග විනිශ්චයත් දක්වා තිබෙන්නේ සුශ්‍රැතයෙහි දැක්වෙන නියායෙනි. පොළෙන්නරු රාජධානි යුගයෙන් මෙපිට ලියැවුණු දේශිය චිකිත්සාව පිළිබඳ සංග්‍රහ පොත්වල විෂයයන් තුළ ආන්ද්‍ර වෛද්‍යයන්ගේ සිද්ධවෛද්‍ය ක්‍රමයේ ආභාඅසය දක්නට ඇතත් හුදෙක් රෝග විනිශ්චය, චිකිත්සා විධීන් ද සුශ්‍රැත උත්තර තන්ත්‍රය අත් නොහැර ලිය වී ඇති බව පෙනේ. සුශ්‍රැතයට සමාන ආයුර්වේද චිකිත්සා ග්‍රන්ථයක් මේතාක් සොගත නොමැති බව ද කියැවේ. සුශ්‍රැත සංහිතාවට ඉන්දියාව ප්‍රධන වැ සියලු ම දේශීය භාෂාවලින් ලියා ඇත්තේ ය. අපරදිග භාෂාවන්ට ද සුශ්‍රැත සංහිතාව නැඟි ඇත. මේතාක් වනතුරු ලක්දව සුශ්‍රැත සංහිතාවට සිංහල අනුවාදයක් ලියැවී නොතිබුණේ ය. කලකට පෙර සුශ්‍රැත ස්ථානයට හා ශරීර ස්ථානයට පමණක් පදගත සන්න ලියා මුද්‍රණය වී තිබුණි. 1963 වැන්නෙහි ආයුර්වේද ශාස්ත්‍රී ආර්. බුද්ධදාස මහතා විසින් සම්පූර්ණ සුශ්‍රැත සංහිතාවට ම සිංහල අනුවාදයක් ලියන ලද්දේ ය. මේ උසස් ග්‍රන්ථය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෙහෙසීමෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කොට ප්‍රචාරයට පමුණුවන ලදි.
(කර්තෘ: පී.ඇම්.පී. අභයසිංහ: 1964)
(සංස්කරණය නොකළ)