දාදු කෙළිය
සිංහල විශ්වකෝෂය වෙතින්
11:15, 9 අප්‍රේල් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
මෙය බොහෝ පුරාණ කාලයෙහි සිට පවත්නා ක්‍රීඩාවකි. ජාතක කථාවල සහ බෞද්ධ සාහිත්‍යයෙහි වෙනත් නොයෙක් තැන්වල අක්ෂ ක්‍රීඩාව (බ.), අක්ඛ ඛීලං, පසැට කෙළිය, ගොඩ කෙළිය ආදී නම්වලින් හැඳින්වෙන්නේ මේ ක්‍රීඩාවයි. වර්තමානයෙහි කැට ගැසීම නොහොත් දාදු දැමීම නමින් කෙරෙන්නේ ද මේ ක්‍රීඩාව ම ය. මේ සූදුවකි. ඔට්ටු අල්ලා කරණ මුබන්නකි. සපැති සතරැස් අඟලක් පමණ වූ ලී හෝ මී අං කැබලිවල එක එක පැත්තේ එක, දෙක, තුන ආදී වශයෙන් තිත් තබා, එය හරස් අතට තැබූ පුවරුවක හැපෙන සේ විසිකර උඩු අතට පෙරළෙන පැත්තේ ඇති තිත් ගණන එකතුකොට ජය පරාජය විසඳනු ලැබේ.
(කර්තෘ: ඩී.සී. දිසානායක: 1957)
(සංස්කරණය නොකළ)