ධුතාඞග
ඒ ඒ පාංශුකූලාදී අඞගයන්ගේ සමාදානයෙන් නසන ලද කෙලෙස් ඇති හෙයින් හෝ නැසූ කෙලෙසුන් ඇති භික්ෂුවගේ අඞගනුයි හෝ කෙලෙස් කම්පා කිරීමෙන් ‘ධුත’ යයි නම් ලද ඥාන, සධම්‍යාන අඞගය මොවුන්ට ඇත්නුයි ‘ධුතාඞග’ නම් වේ.
නොහොත්, ධුත වුන්නුන් ඔහු ම ය. ප්‍රතිපක්ෂයන් නසන ශීලාදී සම්පත් ප්‍රතිපත්තියට අඞග වූවානුත් ඔහුමනුයි ‘ධුතාඞග’ නම් වෙත්.
මේ සියලු ධුතාඞගයෝ ම සමාදාන චේතනාව ලක්ෂණ කොට ඇත්තාහ. සමාදාන චේතනාවම ‘ධුතාඞග’ නමැයි සේයි. මේ සියල්ල ම ලොල්බව නැසීම කෘත්‍ය කොට ඇත්තාහ.
ලොල්බවක් නැති බව වැටහීම කොට ඇත්තාහ. අල්පේච්ඡ භාවාදී පරිශුද්ධ ශීලාදී ධර්‍මයන් ආසන්න කාරණා කොට පවත්නාහ.
ධුතාඞග ප්‍රභේද - 1. පංසුකුලිකඞගය, 2. තෙපිවරිකඞගය, 3. පිණ්ඩපාතිකඞගය, 4. සපදාන වාරිකාඞගය, 5. එකාසනිකඞගය, 6. පන්තපිණ්ඩිකාඞගය, 7. බලු පවාරා භත්තිකාඞගය, 8. ආරඤඤිකඞගය, 9. රූකඩ මූලිකඞගය, 10. අබෙහාහකාසිකඞගය, 11. සොසානිකඞගය 12. යථාසතිථිකඞගය 13. නෙසජජිකඞග යි තොළොසෙක් වේ.
1. පංසුකුලිකඞගය - වීථි, සොහොන්, කසල ගොඩ ආදී තන්හි පස් මතුයෙහි සිටි හෙයින් හෝ උස්ව සිටිනා හෙයින් ඒ පාංශුවෙහි ඉවුරු බඳුනුයි ‘පාංශුකූල නම් වේ. නොහොත් පාංශුවක් මෙන් නැසෙන බවට සේනුයි’ පාංශුර්‍කල නම් - (ඉවත ලූ රෙදි කැබලි ආදියයි) එබඳු රෙදි කැබලිවලින් තනාගත් සිවුරක් දැරීම අඞගකොට ඇත්තේ ‘පාංශුකූලිකඞග’ නම් වේ.
2. තෙපිවරිකඞගය - සඟළ සිවුර, උතුරු සළුව හා අඳනය යන තුන් සිවුර පමණක් දැරීම අඞග කොට ඇත්තේ ‘තෙපිවරිකඞග’ නමි.
3. පිණ්ඩපාතිකඞගය - භික්‍ෂා සඞඛ්‍යාන ආමිෂ පිණ්ඩයන්ගේ පාතය ‘පිණ්ඩ පාත’ නමි. අනුන් විසින් දෙනු ලබන පිඬුව ඒ ඒ කැලයන් වෙත ගොස් සොයාගනුයි ‘පිණ්ඩපාතික’ නම් වෙයි. එයින් අඞග කොට ඇත්තේ ‘පිණ්ඩපාතිකඩන’ යයි කියනු ලැබේ.
4. සපදාන වාරිකාඞගය - ගෙ පිළිවෙළින් ගොස් පිඬු සිඟීම අඞග කොට ඇත්තේ ‘සපදාන වාරිකාඞගය’ නම් වෙයි.
5. එකාසනිකඞගය - එක් අස්නෙක හිඳ වැළඳීම ප්‍රකෘති ප්‍රකෘතියට කොට ඇත්තේ එකාසනිකයි. ඔහුගේ අඞගය ‘එකාසනිකඞගය’ නම් වෙයි.
6. පන්තපිණ්ඩිකාඞගය - දෙවැනි භාජනයක් නොගෙන එකම පාත්‍රයෙහි ලද පිණ්ඩය අනුභව කිරීම අඞග කොට ඇත්තේ ‘පන්තපිණ්ඩිකාඞගය’ නම් වෙයි.
7. බලු පවාරා භත්තිකාඞගය - ප්‍රථම පාවාරනය ලැබුවකු විසින් පසුව ලද බන ‘පවජානත්ත’ නම් වේ. ඒ පසුව ලද බත ‘පවජා නහත භොජන’ නමි. පවජනන්ත භොජනය ප්‍රකෘති කොට ඇත්තේ පවාරා භත්තිකාඞගය නම් වෙයි. ඕ පවාරා භත්තිකාඞගයභොජනය නොකරන සුළු වූයේ ‘බලු පවාරා භත්තිකාඞගය’ යයි කියනු ලැබේ. අතිරේක භෝජනයෙන් වැළකුණේ යයි සේයි. ‘බලු’ නම් එක් පක්‍ෂියෙකි. ඌ මුඛයෙන් ගත් ඵලයක් ගෙන එය වැටුණ කල්හි නැවත අනිකක් නොකන්නේ ය. මේ තැනැත්තන් එබඳු අයයි. ‘බලු පවාරා භත්තිකාඞගය’ නම් ඔහුගේ අඞගය ‘බලු පවාරා භත්තිකාඞගය’යි කියනු ලැබේ.
8. ආරඤඤිකඞග - අරණ්‍යයෙහිම වසන්නෝ අරණ්‍යකඞගය ය.
9. රූකඩ මූලිකඞගය - රුක්මුලකම වසන සුළු වූයේ රූකඩ මූලිකඞගය’
10. අමෙහාහකාසිකඞගය - අභ්‍යවකාශයෙහි - (රුක්මුල ද, සියලු හිදනයන් ද හැර) අහසම වියන් කොට වසන්නා සේ අඞගය ‘අමෙහාහකාසිකඞගය’ නම් වෙයි.
11. සොසානිකඞගය - සුසානයෙහි ම විසීම සොසානිකයි. ඔහුගේ අඞගය ‘සොසානිකඞගය’ කියනු ලැබේ.
12. යථාසතිථිකඞගය - පනවන ලද අයුරින් ම පැවති සෙනාසනය ‘යථාසන්ථති’ නම් වේ. පළමුව දක්වන ලද සෙනසුනට මේ නමෙකි. එබඳු සෙනසුනෙහි විසීම ස්වභාව කොට ඇත්තේ ‘යථාසතිථිකඞගය’ නම් වෙයි.
13. නෙසජජිකඞග - සයනය - (වැදහෙව නිදීම) ප්‍රතික්‍ෂේප කොට ඉතිරි ඉරියව්වලින් පමණක් විසීම ලක්ෂණ කොට ඇත්තේ ‘නෙසජ්ජික’ ය නම් වේ. ඔහුගේ අඞගය ‘නෙසජජිකඞග’ නමයි කියනු ලැබේ.
ධුතිධන පිළිබඳ විනිශ්චය ඉතා විශාල ය. විශුද්ධි මාර්‍ගයෙහි ඔවුන් - අර්‍ථ, ලක්ෂණ, සමාදාන, විධාන, විභාග, භෙද, ආනසංස, කුසල ස්ක, අතවාද, ධනධර්‍ම, ධුතාඞග, ඍක්ෂාව හා විස්තර වශයෙන් දත යුතු බව දක්වන ලද්දේ ය.
(විශුද්ධි මාර්‍ගයෙහි ධුතාඞග නිර්දේශය බලන්න).
(කර්තෘ: කෝදාගොඩ ඤාණාලෝක හිමි: 1956)
(සංස්කරණය නොකළ)