අල්ගේ

සිංහල විශ්වකෝෂය වෙතින්
13:16, 13 ජූනි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Algae). ක්ලොරොපිල් නමැති ප්‍රභාසංශ්ලේෂක (photosynthetic) (බ.) හරිත වර්ණකය ඇත්තාවූ ද කඳ, මුල හා කොළ වශයෙන් විභේදනය වීමක් නැත්තාවූ ද සරල වූ ආදිකල්පික ශාක අල්ගේ නමින් හැඳින්වේ. විල් පොකුණු ඇළ දොළ ආදිය මතුපිට පාවෙන පෙඳ සෙවෙල් හා මුහුදේ ගල්පර මත වැඩෙන මූදු පෙඳ කවුරුන් වුව ද දන්නා අල්ගේ ශාකයෝයි. බොහෝ අල්ගේ පැළෑටිවල හරිත වර්ණකය හැර වෙනත් වර්ණක ද ඇති බැවින් ඒවා කොළපාටින් අන්‍ය වූ වර්ණයන්ගෙන් යුක්තව ද සිටිනු පෙනේ. ලෝකයෙහි සෑම රටක ම මිරිදියෙහිත් කරදියෙහිත් අල්ගේ පැළෑටි ව්‍යාප්තව ඇත. ඉතා ගැඹුරු සාගරවල පවා අල්ගේ පැළෑටි ජලයේ පාවෙයි. වෙරළ ආසන්න මුහුදෙහි ගැඹුර අඩි 60ක් පමණ වන තුරු ගල්පර මතුයෙහි ඇලී මෙම පැළෑටි ජීවත් වේ. ගස්වල පොතු මතුපිට ද තෙතමන ඇති ගල් හා පස් මත්තෙහි ද මේ පැළෑටිවලට ජීවත් විය හැකිය. උණුදිය උල්පත්වල පවා ඇතැම් විට අල්ගේ පැළෑටි හමුවේ. අල්ගේ පැළෑටි ස්වල්පයක් දිලීර පැළෑටි ආශ්‍රය කරගෙන ලයිකන (බ.) සාදයි. සත්ව ශරීරයක් ඇතුළේ හෝ වෙනත් ශාකයක් ඇතුළේ හෝ පරපෝෂිතය. අල්ගේ පැළෑටිවල නොයෙක් හැඩහුරුකම් දක්නට ලැබේ. සමහර විට කෙඳිවලින් අලංකාර වූ නොයෙක් හැඩ ඇති ඉතා කුඩා ඒකසෛලික පැළෑටියේ සිට සරල සූත්‍රිකාවලින් (filaments) යුක්ත පැළෑටි, ශාඛාවලට බෙදුණු සූත්‍රිකාවලින් යුක්තපැළෑටි, තුනී තහඩු කැබලි වැනි සරල තලසාකාර පැළෑටි, 'කොළ' හා 'කඳන්' වැනි ව්‍යූහයන් දක්වන විශාල තලසාකාර පැළෑටි ආදිය දක්වා විවිධ හැඩ ඇති අල්ගේ පැළෑටි දක්නට ලැබේ.

වර්ගීකරණය

නොයෙක් ක්‍රමයන්ට අනුව අල්ගේ පැළෑටි වර්ග කොට ඇත. වර්ගීකරණ කිහිපයකට ම පදනම වශයෙන් ගෙන ඇත්තේ පැළෑටිවල වර්ණයයි. එහෙත් නොයෙක් අල්ගේ පැළෑටි ගෝත්‍රවල (orders) දක්නා තලසයේ ව්‍යූහයත් සංචිත ආහාරත් ප්‍රජනන ක්‍රමත් පදනම් කොට ගෙන කරන ලද වර්ගීකරණය පූර්වෝක්ත වර්ගීකරණයෙන් වැඩිදුරට වෙනස් වන බවක් නොපෙනේ. ශාකලෝකයේ පහත් ම වංශය (phylum) වශයෙන් සලකනු ලබන තලොපිටා (බ.) වංශයේ උපවංශයක් ලෙස අල්ගේ සාමාන්‍යයෙන් සලකනු ලැබේ. තලොපීටා වංශයේ අනික් උපවංශය නම් පුන්ගී (බ.) ය. අල්ගේ පැළෑටි එකොළොස් වර්ගයකට (elasses) බෙදා දැක්වීම ෆ්‍රිල්ගේ (photosynthetic) (බ.) හරිත ක්‍රමයයි. ඒ වර්ග නම්:

(1) ක්ලොරොfපිසේ (කොළ වර්ණකය ඇත්තාවූ ද කඳ, මුල හා කොළ වශයෙන් පාට),

(2) සන්තෝfපිසේ (කහපාටටහුරු කොළ විභේදනය වීමක් නැත්තාවූ ද සරල වූ ආදිකල්පික පාට)

(3) ක්‍රිසො පිසේ (දුඹුරු හෝ නාරංගී පාට) ශාක අල්ගේ නමින් හැඳින්වේ. විල් පොකුණු

(4) බසිලාරියොපිසේ (කහ පාට),

(5) ක්‍රිස්ටෝfපිසේ ඇළ දොළ ආදිය මතුපිට පාවෙන පෙඳ සෙවෙල් (දුඹුරු ප්‍රභේද),

(6) ඩිනෝfපිසේ (තද කහ පාට),

(7) ක්ලොරොමොනඩිනේ (දීප්තිමත් කොළපාට),

(8) යුග්ලෙනෙ (නිර්මල කොළ පාට),

(9) පේයොපිසේ (දුඹුරු පාට),

(10) රොඩොපියේ (රතුපාට) හා

(11) මික්සොපිසේ (නිලට හුරු කොළ පාට) යන මේවායි.

ඕල්ටිමාගේ වර්ගීකරණයද ප්‍රිටිෂ්ගේ වර්ගීකරණයට බොහෝ දුරට සමානය. දැනට වංශයක් වශයෙන් සම්මත තලොපීටා එනමින් එක් වංශයක් කොට ගැනීම හැරපියා ඒ වෙනුවට අල්ගේ උපවංශය වංශයක තත්වයට නඟාගෙන එය ප්‍රභේද සතකට බෙදා ගත යුතූ යයි පැෂර් යෝජනා කරයි. වර්ග 2, 3, හා 4 එක පරපුරකට අයත් යයි හේ සලකයි. එබැවින් ඔහු මේ වර්ග තුන ක්‍රිසෝපීටා නමැති තනි වංශයක් හැටියට ද 5 වැනි හා 6 වැනි වර්ග දෙක පිරෙපිටා නමැති තනි වංශයක් හැටියට ද ගනී. ඉහතකී වර්ගයන්හි ගිණිය නොහැකි අල්ගේ පැළෑටි කීපයක් ද ඇති බැවින් වර්ග සංඛ්‍යාව මීට වඩා වැඩි වන්නට ද පුළුවන.

ප්‍රධාන පරිණාම පථයෙහි දී චල සෛලයෝ කශිකාවන් හකුළුවාගෙන අචල බවට පැමිණෙත්. මේ අචල අවස්ථාව දිගු කලක් පැවතීමෙන් අවසානයේදී ඒකසෛලික අචල අල්ගේ පැළෑටි ඇතිවේ. මේ අචල පැළෑටිවල වන්නේ ප්‍රජනන අවස්ථාවල දී පමණකි. මේවාට කොකුසාකාරයයි කියනු ලැබේ (නි. ක්ලොරෙල්ලා). මේ අචල පැළෑටිවලින් අවල ගණාවාස ද ඇති වේ (නි. පෙඩියස්ටිරුම්). ඒකසෛලික අල්ගේ පැළෑටිවල සෛල විභාජනය වන විට දුහිතෘ සෛල මාතෘ සෛල බිත්තියෙන් සහමුලින් වෙන්වී ස්වකීය වූ අලුත් සෛල බිත්ති විකසනය කරයි. මෙසේ දුහිතෘ සෛලයන්ගේ එකම කාර්යය ප්‍රජනනය යයි ගිණිය හැකි ය. සමහර විට සෛල විභාජනයෙන් පසු සෛල තලයක් සෑදේ. මේ සෛල තලය සෑදෙන්නේ මාතෘ පටලයට පාර්ශ්වික ලෙසය (නි. ප්ලෙයුරො - කොකස්). බහුසෛලික රූපීන්ගේ ආරම්භය ඇති වූයේ මෙවැනි වර්ධක සෛල විභාජනයෙනි. සිරස් අතට හරස් ලෙස සෛල තල සෑදීමෙන් සරල සූත්‍රිකා ඇතිවේ (නි. යුලොත්‍රික්ස්). සරල සූත්‍රිකාවෙන් ප්‍රධාන සූත්‍රිකා වර්ග දෙකක් පරිණාමය වී ඇත. ශාඛාවන්ට බෙදුණු ක්ලඩිපාරා සූත්‍රිකාව ඉන් එකකි. අනික උල්වා පැළෑටියේ පැතළි තලසක් මෙසේ ඇති වේ.

ක්ලොරොපිසේ:

මේ වර්ගයේ පැළෑටිවලට කොළපාට වර්ණධර (chromataphores) ඇත. වැඩිදියුණු වු ශාකවල තිබෙන වර්ණක සතර මේවාහිත් දක්නට ලැබේ. එක ගණයක තිබෙන හරිතලව නිත්‍යය. එහෙත් මේ වර්ගයට අයත් අල්ගේ පැළෑටිවල හරිතලව ප්‍රමාණයෙන් ද හැඩයෙන් ද විවිධ වේ. මේ පැළෑටි බොහෝකොට ම දක්නට ලැබෙන්නේ කරදියෙහි නොව මිරිදියෙහිය. ක්ලොරොපිසේ වර්ගයට අයත් පැළෑටි ජලයෙන් බැහැර ගොස් ගොඩබිමෙහි පවා ජීවත් වීමට පුරුදු වී ඇත. ඒ පැළෑටිවල සාමාන්‍ය සංචිත ආහාරය වනුයේ පිෂ්ටයයි. එහෙත් මේද හා පයිරනොයිඩ සමහර පැළෑටිවල දක්නට ලැබේ. ස්තර දෙකකින් යුත් දැඩි සෛල බිත්තියක්ද අල්ගේ පැළෑටිවලට තිබේ. මේ ස්තර දෙකෙන් අභ්‍යන්තර ස්තරය සෙලියුලෝස්වලින් (බ.) යුක්තය. බාහිර ස්තරය පෙක්ටෝස්වලින් යුක්තය. සරල ඒකසෛලිකයන්ගෙන් පටන් ගෙන ඊට සංකීර්ණ වූ බහු සෛලකයන් දක්වා නානා ප්‍රකාර හැඩහුරුකම් ක්ලොරොපිසේ පැළෑටිවල දක්නට ලැබේ. බහු සෛලික පැළෑටිවල පටන් ගැන්ම මේවායින් පැහැදිලි වේ.

මෙකල දක්නා නොයෙක් හැඩවලින් යුත් අල්ගේ පැළෑටිවල පරිණාමය පරීක්ෂා කර බැලීම සඳහා ක්ලොරොපිසේ පැළෑටිවල දක්නට ලැබෙන විවිධත්වය ප්‍රයෝජනවත් වේ. ඉතාමත් සරල වූ අල්ගේ පැළෑටිය චල වූ (motile) තනි සෛලයකින් යුක්තය (නි. ක්ලමිඩොමොනාස්). එහි ම විකසනයක් වශයෙන් ගත හැකි සෛල බිත්ති විරහිත පැළෑටි ද ඇත (නි. දුනලියෙල්ලා). ඒ පැළෑටිවලට ස්ථිර හැඩයක් නැත. අවසානයේ දී මේවා ඇමිබාවන්ට බඳු ස්ථීර ආකෘතියක් ගනී (නි. ක්‍රිසමීබා). තද ආවරණයක් ප්‍රාවරයක් සහිත රූපීහු චල වූ තනි සෛලයකින් ඇතිවුණු දෙවැනි විකසනයයි (නි.පකෝටුස්). තුන් වැනි විකසනය නම් මෘතෝපජීවී නිර්වර්ණ රූපීහුය. මේවා වර්ණවත් පැළෑටිවලින් ම ඒවායේ හරිතලවයන්ගේ (chloroplasts) ප්‍රමාණය හීන වී යෑමෙන් හටගත් බව නිසැකය. චල වූ තනි සෛලයක් එක් අතකින් පරිණාමය වී ගොස් චල ගණාවාසයක් (colony) බවට පැමිණේ. (mucous envelope) තුළ එකට රැස් වී ඒකජීවියකු ලෙස ක්‍රියා කරයි. ගෝනියුම් හා පන්ඩොරිනා වැනි ආදිකල්පික ගණාවාසවල සෛලයන්ගේ විභේදනයක් විද්‍යමාන නොවේ. එහෙත් වඩා සංකීර්ණ වු ප්ලෙයොඩොරිනා හා වොව්වොක්ස් වැනි ගණාවාසවල වර්ධක හා ප්‍රජනක සෛලයන් අතර විභේදනයක් විද්‍යමාන වේ. ඒ අයුරින් විකසනය වූ ඉතා උසස් අල්ගේ පැළෑටිය වොල්වොක්ස් වැනි ගණාවාසවල වර්ධක හා ප්‍රජනක සෛලයන් අතර විභේදනයක් විද්‍යමාන වේ. ඒ අයුරින් විකසනය වූ ඉතා උසස් අල්ගේ පැළෑටිය වොල්වෙත්ස්ය.

අල්ගේ පැළෑටි පරිණාමය වූ තවත් මාර්ගයක් නම් සෛල විභාජන අවස්ථාවේ දී චල සෛලයෙහි කශිකා (flagellae) නැති වී ගොස් පැළෑටිය එක ස්ථානයක අචලව සිටීමයි. දුහිතෘ සෛල නානුවල ගිලී අචල සෛල සමූහ බවට පෙරළේ. මීට පල්මෙලා අවස්ථාව යයි කියනු ලැබේ. පල්මෙලා ආකාර අවස්ථාව නිත්‍යවර්ධක අවධිය කොට ගත් සරල අල්ගේ පැළෑටි බොහොමයක් දැන් හඳුනාගෙන තිබේ (නි. පල්මෙලා). සමහර ගණයන්හි නානු ස්‍රාවය කිරීම සෛලයේ පාදයට පමණක් සීමාවීමෙන් ගසක හැඩය ඇති ගණාවාසයක් සෑදේ (නි. ක්ලොරාන්ගියුම්).

ප්‍රධාන පරිණාම පථයෙහි දී චල සෛලයෝ කශිකාවන් හකුළුවා ගෙන අචල බවට පැමිණෙත්. මේ අචල අවස්ථාව දිගු කලක් පැවතීමෙන් අවසානයේදී ඒකසෛලික අචල අල්ගේ පැළෑටි ඇතිවේ. මේ අචල පැළෑටිවල වන්නේ ප්‍රජනන අවස්ථාවල දී පමණකි. මේවාට කොකුසාකාරයයි කියනු ලැබේ (නි. ක්ලොරෙල්ලා). මේ අචල පැළෑටිවලින් අවල ගණාවාස ද ඇති වේ (නි. පෙඩියස්ටිරුම්). ඒකසෛලික අල්ගේ පැළෑටිවල සෛල විභාජනය වන විට දුහිතෘ සෛල මාතෘ සෛල බිත්තියෙන් සහමුලින් වෙන්වී ස්වකීය වූ අලුත් සෛල බිත්ති විකසනය කරයි. මෙසේ දුහිතෘ සෛලයන්ගේ එකම කාර්යය ප්‍රජනනය යයි ගිණිය හැකි ය. සමහර විට සෛල විභාජනයෙන් පසු සෛල තලයක් සෑදේ. මේ සෛල තලය සෑදෙන්නේ මාතෘ පටලයට පාර්ශ්වික ලෙසය (නි. ප්ලෙයුරො - කොකස්). බහුසෛලික රූපීන්ගේ ආරම්භය ඇති වූයේ මෙවැනි වර්ධක සෛල විභාජනයෙනි. සිරස් අතට හරස් ලෙස සෛල තල සෑදීමෙන් සරල සූත්‍රිකා ඇතිවේ (නි. යුලොත්‍රික්ස්). සරල සූත්‍රිකාවෙන් ප්‍රධාන සූත්‍රිකා වර්ග දෙකක් පරිණාමය වී ඇත. ශාඛාවන්ට බෙදුණු ක්ලඩිපාරා සූත්‍රිකාව ඉන් එකකි. අනික උල්වා පැළෑටියේ පැතළි තලසක් මෙසේ ඇති වේ.

මෙවැනි මෘදුස්තරරූපීහු ඇතැම් විට එන්ටෙරෝමෝපාහි මෙන් සෛලස්තර වෙන් වූ තලස ඇති වෙනත් හැඩ හුරුකම්වලින් යුක්ත වෙත්. සූත්‍රිකාවකින් පටන් ගෙන පැතළි ශාක දේහයක් ඇති විය හැකි පිළිවෙළ මෘදුස්තර විලාසයන්ගෙන් පැහැදිලි වන හෙයින් ඒවා විශේෂයෙන් වැදගත්ය.

ක්ලොරොපිසේ වර්ගයෙහි ශාක ගණ 350කුත් විශේෂ 5,500කුත් පමණ අඩංගු වේ. ක්ලොරොපිසේ වර්ගය ගෝත්‍ර එකොළහකට බෙදනු ලැබේ. වොල්වොකාලේස්, ටෙට්‍රස්පොරාලේස්, යුලොට්‍රිකාලෙස්, උල්වාලේස්, ස්කිසොගොනියාලේස්, ක්ලඩොපාරාලේස් සිග්නෙමාටාලේස් (කොන්ජුගාලේස්), ක්ලොරොකොකාලේස, සිපොනාලේස් හා සිපොනොක්ලඩියාලේස් යනුවෙනි.

ඉතා ආදිකල්පික ගෝත්‍රය වොවොකාලේස්ය. චල වූ වර්ධක සෛල සහිත සියලු ම ක්ලොරොෆිසේ අල්ගේ පැළෑටි මෙහි අඩංගු වේ. ඒ ගණ බොහොමයක් ම මිරිදියෙහි ජීවත් වේ. මේවා ඒකසෛලික (නික්ලමිඩො මොනාස්, පොලිටෝමා, දුනලියෙල්ලා) හෝ ගණවාසී (නි. පන්ඩොරිනා, යුඩොරිනා, වොක්ස්) හෝ විය හැකිය. යුලොට්‍රිකාලේ ගෝත්‍රයට අයත් ගණ බොහොමයක් මිරිදියෙහි ද ස්වල්පයක් කරදියෙහි ද ජීවත්වේ. සෛල දිග අතට එක් වී සූත්‍රිකාවක් සෑදේ. යුන්ස් සුද්දිකා ෆාඛාවලට බෙදී නැත. වෙනත් ගණයන්හි ශාඛා ඇති වන්නට පුළුවන. ජලක උඩ අපිශාකයක් (බ.) ලෙස වැවෙන කොලේයොකේට පැළෑටියේ ශාඛා පාර්ශ්වික ලෙස එකට තද වී ඝන මණ්ඩලයක් සාදයි. උල්වාලේස් විශේෂ බොහොමයක් මුහුදේ ජීවත් වේ. මේ පැළෑටිවල සෛල යුලොට්‍රිකාලේස් සෛලවලට සමානය. එහෙත් ඒවා පැතළි තල වශයෙන් හෝ කුහර සහිත නළ වශයෙන් හෝ පාර්ශ්විකව එකට සම්බන්ධ වී තිබේ. උල්වා සහ එන්ටෙරෝමෝපා නැමති ගණ ‍දෙක සෑම මුහුදක ම පාහේ දක්නට ලැබේ. ක්ලඩොපාරාලේස් පැළෑටිවල සූත්‍රිකා ශාඛාවලට බෙදී හෝ නොබෙදී හෝ ඇත. සෛල සිලින්ඩරාකාරය; බහුන්‍යෂ්ටිකය. මිරිදියෙහිත් කරදියෙහිත් වැවෙන ක්ලඩොපාරාවල සූත්‍රිකා ශාඛා සහිතය.

ඊඩොගොනියාලේස් ගෝත්‍රයට අයත් පැළෑටි සූත්‍රිකාවලින් යුක්තය; මිරිදියෙහි වැවේ. ඒවායේ චලබීජාණුවල (zoosphores) බොහෝ කශිකා තිබේ. ඊඩොගෝනියුම් ගණය අගල්, පොකුණු ආදියෙහි වැවේ. සිග්නෙමටාලේස් හෙවත් කොන්ජුගාලේස් මිරිදිය අල්ගේ ගෝත්‍රයකි. මේ අල්ගේ පැළෑටිවල විශේෂ ලිංගික ප්‍රජනන ක්‍රමයක් ඇත. මේ විශේෂ ක්‍රමය සංයුග්මනය (conjugation) නමින් හැඳින්වේ. සෛල දෙකක් අතර සෑදෙන බන්ධකයක් ජන්මාණු (gametes) දෙකේ සංයුග් මනයට මග සලසයි. අගල්වල හා පොකුණුවල සුලභ වූ ස්පිරොගිරා ගණය මේ ගෝත්‍රයට අයත්ය. ස්පිරොගිරා සූත්‍රිකා සෙවෙල් සහිතය. ඩෙස්මිඩාසේ මේ ගෝත්‍රයට අයත් ඒකසෛලික අල්ගේ කුලයකි. ඩෙස්මිඩයන්ගේ (නි. කොස්මාරියුම්, ක්ලොස්ටේරියුම් හා ස්ටොරාස්ටිරුම්) සෛල සමාන භාග දෙකකට බෙදී යන පරිද්දෙන් සංකෝචනය වේ.

සිපොනාලේස් බොහොමයක් මුහුදේ ජීවත් වේ (නි. ගලිමේඩා, කෝලර්පා). වෝවේරියා මිරිදිය ගණයකි. මේ අල්ගේ පැළෑටිවල සූත්‍රිකාව ඒකසෛලික න්‍යෂ්ටික (multinucleate) ශාඛා සහිත නළයකි. සිපානො ක්ලීඩ්යාලේස් විශේෂ සියල්ලම මුහුදු පැළෑටි වේ. මේ පැළෑටියක සූත්‍රිකාව බහුන්‍යෂ්ටික ඛණ්ඩ කීපයකට හරස් බිත්තිවලින් බෙදේ. අසෙටබුලාරියා ගණය නිවර්තන මුහුදුවල දක්නට ලැබේ.

පයො‍පිසේ වර්ගයට අයත් අල්ගේ පැළෑටිවල හරිත ක්ලොරොපිල් වර්ණකය හැර පියුකෝ සන්තින් නමැති දුඹුරුපාට වර්ණකයකුත් ඇති බැවින් ඒවා අනික් අල්ගේ වර්ගවලින් වෙන් කොට හඳුනාගත හැකිය. 900ක් පමණ වූ දුඹුරු පාට අල්ගේ පැළෑටි විශේෂ අතුරෙන් තුනක් හැර සෙසු සියල්ල ම මුහුදෙහි ජීවත් වේ. සීතල මුහුදුවල ජීවත් වන අල්ගේ පැළෑටිවලින් බොහොමයක් ප‍ොයොපිසේ වර්ගයට අයත්ය. එහෙත් චික්ටියෝටා හා සාර්ගසුම් වැනි ගණ නිවර්තන හා උපනිවර්තන මුහුදුවල හමුවේ. දුඹුරුපාට අල්ගේ පැළෑටි සියල්ලම බහු සෛලිකය. ක්ලම්ඩාමොනස් ගණයට සමාන කළ හැකි සරල ආදිකල්පික පැළෑටි මේ වර්ගයෙහි නැත. එස්ටොකාපුස් වැනි සරල රූපීහු ශාඛාවලට බෙදුණු සූත්‍රිකාවන්ගෙන් යුක්ත වෙත්. සමහර දුඹුරුපාට අල්ගේ ශාක විශාලය. (නි. ලමිනාරියාලේස් ගෝත්‍රයට අයත් ශාක). ශාන්තිකර සාගරයේ වැවෙන මේ ශාක ඇතැම් විට අඩි 100ක් පමණ දිගය. දුඹුරු පාට අල්ගේ පැළෑටිවල ප්‍රධාන සංචිත ආහාරය නම් ලැමිනරින් නමැති කාබොහයිඩ්රේට් (බ.) වර්ගයයි. පුකාලේස් හැර අනික් සියලු දුඹුරු පාට අල්ගේ පැළෑටිවල පරම්පරා ප්‍රත්‍යාවර්තනයක් (alternation of generations) (බ.) පැහැදිලිව ම දක්නට ලැබේ. මේ ශාකවල ජන්මාණු ශාකයේ (gametophyte) හා බීජාණු ශාකයේ (sporophyte) වර්ධක දේහය සමාන හෝ අසමාන හෝ විය හැකිය. දුඹුරු පාට අල්ගේ පැළෑටිවලවල චල සෛල කොළපාට අල්ගේ පැළෑටිවල චල සෛලවලට වඩා වෙනස්ය. දුඹුරුපාට අල්ගේ පැළෑටිවල චල සෛලයන්හි ප්‍රතිවිරුද්ධ පැතිවලට දිග් ගැසී ගොස් පාර්ශ්වික ලෙස සවි වුණු අසමාන පක්ෂ්ම (cilia) දෙකක් ඇති බැවින් ඒ පැළෑටි කොළපාට අල්ගේ පැළෑටිවලින් වෙසෙසා හඳුනාගත හැකිය.

පයෝපිසේ වර්ගය ගෝත්‍ර කීපයකට බෙදා තිබේ. එක්ටොකාපාලේස්, ඩික්යොටාලේස්, කුටිලේරියාලේස්, ලමිනාරියාලේස් හා පුකාලේස් ඉන් වැදගත් ගෝත්‍ර වේ. එක්ටොකාපාලේස් ගෝත්‍රයට අයත් එක්ටොකාපුස් ගණය වෙනත් මුහුදු අල්ගේ පැළෑටි මත වැවෙන අපිශාකයකි. මේ පැළෑටියට ශාඛා සහිත සිහින් සූත්‍රිකා තිබේ. බහුසෛලික ණුධානි (gametangia) ජන්මාණුශාකයේ සෑදේ. ජන්මාණුවල එක් වීම සමජන්මාණුක (isogamous) හෝ අසමජන්මාණුක (anisogamous) හෝ විය හැකිය. යුක්තාණුවකින් (zygote) වර්ධනය වන බීජාණුශාක ඒකසෛලික බීජාණුධානි (sporangia) උපදවයි. මේ බීජාණුධානිවලින් පිටවන චල බීජාණුවලින් ජන්මාණු ශාක වර්ධනය වේ. චික්ටියොටාලේස් ගෝත්‍රයට අයත් අල්ගේ පැළෑටිවල ශාක දේහ හැඩයෙන් ශාඛාවලට බෙදුණු පීත්ත පටියක් හෝ අවානක් වැනිය. කුටිලේරියා වූකලී කුටිලේරියාලේස් ගෝත්‍රයට අයත් ප්‍රකට ගණයකි. එම ගණයේ ලිංගික (sexual) හා අලිංගික (asexual) පරම්පරා දෙක ස්වරූපය අතින් එකිනෙකට අතිශයින් වෙනස්ය. ලිංගික ශාක අඟල් කීපයක් උසය. ඒවා ශාඛාවලට බෙදී ඇත. අලිංගික ශාක පෙතිවලට බෙදුණු ඉතා කුඩා තලසයෝය. විශාලතම අල්ගේ ශාක ලමිනාරියාලේස් ගෝත්‍රයෙහි අඩංගු වේ. මේවායින් සමහරක් මනහරය (නි. පොස්ටෙල්සියා හා ලමිනාරියා විශේෂ). මේ විශාල ශාක අලිංගික පරම්පරාවට අයත්ය. පුකුස් හා සාගයුම් යන මේවා පුකාලේස් ගෝත්‍රයට අයත් වැදගත් ගණයෝයි. උණුසුම් මුහුදුවල සාගසුම් හමුවේ. සාගසුම් ශාක දේහය කඳ වැනි වූත් කොළ වැනි වූත් ශාඛාවලට විභේදනය වී ඇත. මෙහි ශාඛා අග්‍රයෙහි බොහෝ විට වාතය පිරුණු ආශයක් (bladder) තිබේ. ශාකයක් ආධාරකයෙන් වෙන් වූ කල මේ ආශයන්ගේ උපකාරයෙන් ජලයේ පාවේ. මණ්ඩලයක (disc) හැඩය ඇති පාදයකින් පුකුස් පැළෑටිය ගලකට සවි වේ. මේ පැළෑටියේ තලස දැඩිය. එහි ශාඛනය ද්විභාජීය (dichotomous). තලසෙහි වාතයෙන් පිරුණු ආශයයෝ ඇත්තාහ. තලසේ ශාඛා අග්‍රයන්හි ලිඟුමාලා (conceptacles) ඇත. ලිඟුමාලාවල ප්‍රජනක සෛල අඩංගු වේ. පුකාලේස් ගෝත්‍රයෙහි පරම්පරාප්‍රත්‍යාවර්තනයක් සිදු නොවේ. සංසේචනය වූ අණ්ඩය ජලයේ පතුලට බැස කෙළින් ම අලුත් පැළෑටියක් ලෙස විකසනය වේ.

රතු අල්ගේ පැළෑටි රොඩොපිසේ වර්ගයට අයත්ය. මේ වර්ගයෙහි ගණ 340ක් හා විශේෂ 2,500ක් පමණ අඩංගු වේ. 50ක් පමණ වූ මිරිදියෙහි ජිවත් වන විශේෂ හැර අනික් විශේෂ සියල්ල ම කරදියෙහි ජීවත් වේ. ජලය ගලා බැස යන කුඩා දිය පාරවල ජීවත් වන බටිරකොස්පෙර්මුම් වැදගත් මිරිදිය ගණයකි. නිවර්තන මුහුදුවල හමුවන අල්ගේ පැළෑටිවලින් බොහොමයක් රතුපාටය. සීතල මුහුදුවලත් රතුපාට අල්ගේ පැළෑටි වේ. කරදියෙහි දක්වා රතු අල්ගේ පැළෑටි සියල්ල ම පාහේ ගල්වලට සවි වී පවතී. මුහුදු කොරල්පර සෑදෙන විට රතු අල්ගේ පැළෑටි අතිශයින් උපකාරි වේ. රොඩොපිසේ පැළෑටි ප‍ෙයෝපිසේ පැළෑටි මෙන් කිසි විටෙක විශාල නොවේ. රතු අල්ගේ පැළෑටිවල හැඩය විවිධය. බොහෝ විශේෂවල තලස සියුමි සුත්‍රිකාවකි.

සමහර විශේෂවල තලස අඟල් 6 සිට 15 දක්වා දික්වූ ශාඛාවලට බෙදුණු දැඩි දේහයකි. පැතළි පටල වැනි තලස් ඇත. සමහර අල්ගේ පැළෑටිවල තලස උඩ චූර්ණමය (calcareous) ද්‍රව්‍යයක් තැන්පත් වේ. එවිට ඒවා කොරල් මෙන් තදය.

පයිකොඑරිත්‍රින් නමැති රතු වර්ණකයක් රතු අල්ගේ පැළෑටිවල තිබේ. සමහරවිට පයිකොසයනින් නමැති නිල් වර්ණකයක් ද ඇත. ප්ලොරිඩියන් පිෂ්ටය නමැති අද්‍රාව්‍ය කාබොහයිඩ්රේට් වර්ගයක් රතු අල්ගේ පැළෑටිවල සංචිත ආහාරය වේ. කශිකා සහිත අලිංගික බීජාණු (spores) රතු අල්ගේ පැළෑටිවල නැත. ලිංගික ප්‍රජනනයේ දි කශිකා රහිත පුමංගී (male) ජන්මාණු ජායාංගී (female) ඉන්ද්‍රියයන් කරා ජලධාරා මගින් ගෙන යනු ලැබේ.

රොඩොපිසේ පැළෑටි ගෝත්‍ර කීපයකට බෙදනු ලැබේ. බන්ගියාලේස්, නෙමලියොනායාලේස්‚ ලිඩියාලේස්‚ ක්‍රිස්ටොනෙමියාලේස්‚ ගිගාර්ටිනාලේස්‚ රොඩොමෙනියාලේස් හා සෙරමියාලේස් වැදගත් ගෝත්‍ර වේ. මුහුදු ගණ අතුරෙන් පොර්පිරා ප්‍රකටය. පොර්පිරා පැළෑටි සාමාන්‍යයෙන් ගල් උඩ වැවේ. කොන්ඩිරෑස් ක්‍රිස්පුස් වනාහි බොහෝ ශාඛා ඇති කුඩා අල්ගේ පැළෑටියකි. මෙය ආහාරයට ගනු ලැබේ. ගෙලිඩියුමි හා පොලිසිපෝනියා තවත් සුලභ ගණ දෙකකි. රොඩොපිසේ පැළෑටි බොහොමයක පරම්පරා ප්‍රත්‍යාවර්තනය පැහැදිලිව දක්නට ලැබේ.

නිලට හුරු කොළපාට අල්ගේ පැළෑටි මික්සොපිසේ හෙවත් සියනොපිසේ වර්ගයට අයත්ය. කොළපාට වර්ණකය සමග පයිකොසයනින් නමැති නිල්පාට වර්ණකයකුත් මේවායේ ඇත. මික්සොපිසේ අල්ගේ පැළෑටිවල ඇති මේ වර්ණක අනික් අල්ගේ පැළෑටිවල මෙන් නියමිත වර්ණධරයන්ට පමණක් සීමා නොවී එක සමානව සෛල ප්ලාස්මයේ (cytoplasm) විසිරී තිබේ. රොඩොපිසේවල තිබෙන පයිකොඑරිත්‍රින් වර්ණකයට සමාන රතු වර්ණකයකුත් මික්සොපිසේවල තිබේ. ගණ 150ක් හා විශේෂ 1,400ක් පමණ මේ වර්ගයෙහි අඩංගු වේ. මික්සොපිසේ බොහොමයක් මිරිදියෙහි ජීවත් වේ. මික්සොපිසේ සියල්ලම ප්‍රමාණයෙන් අතිසූක්ෂ්මය. එහෙත් නොස්ටොක් ගණයට අයත් පැළෑටි එකට රැස් වී නියමිත හැඩයකින් යුත් පිණ්ඩයක් වශයෙන් සිටින්නට පුළුවන. සමහර ගණ ඒකසෛලිකය. බොහොමයක් බහුසෛලිකය. මේවා සූත්‍රිකාවත් විය හැකිය. ඔසිලක්ටෝරියා හා අනබේනා සුලභ ගණ දෙකකි. මික්සොපිසේ පැළෑටිවල කශිකා සහිත චල සෛල නැත. එක ගණයකවත් ලිංගික ප්‍රජනනය නොමැතියි.

ගණ 75ක් හා විශේෂ 200ක් පමණ අඩංගු සන්තොපිසේ වර්ගයට අයත් අල්ගේ පැළෑටි සියල්ල ම මිරිදියෙහි ජීවත් වේ. මේ පැළෑටියෙහි කිසිවිටෙකත් පිෂ්ට ගබඩා නොවෙයි. ආහාර ගබඩා වන්නේ ලියුකොසින් හෝ මේද වශයෙනි. චල අවස්ථාවන්හි දී මේ පැළෑටිවල අසමාන දිගින් යුත් කශිකා දෙකක් ඇත. චල බීජාණු මගින් අලිංගික ප්‍රජනනය නිතර සිදුවෙයි. ලිංගික ප්‍රජනනය සිදුවන්නේ ඉතා කලාතුරකිනි. ට්‍රිබොනේමා ගණයෙහි ශාඛා රහිත සූත්‍රිකා තිබේ. තෙත් ගතිය ඇති පස් උඩ බොට්‍රිඩියුම් වැවේ. ආශයිකාවක් වැනි කොළපාට වායව කොටසකුත් පොළොවයට පිහිටි නාලාකාර නිර්වර්ණ කොටසකුත් මේ පැළෑටියට තිබේ.

ක්‍රිසොපිසේ පැළෑටි බොහොමයක් කඳුකරයෙහි දොළවල හා පොකුණුවලත් විල්වල ප්ලවාංගයන්හිත් (plankton) හමුවේ. මේවායේ රන් පැහැයට හුරු දුඹුරුපාට වර්ණධර තිබේ. ලියුකොසින් හා මේද සංචිත ආහාර වේ. අග්‍රස්ථ පක්ෂ්ම එකක් හෝ දෙකක් තිබේ. සාමාන්‍යයෙන් අක්ෂි ලපයක් (eye spot) ඇත. අන්තඃපෝරය (endospore) නමැති විශේෂ බීජාණුවක් මේ පැළෑටිවල සෑදේ. ඩිනොබ්‍රියොන් හා හිඩ්රූරුස් සුලභ ගණයෝය.

මිරිදියෙහිත් කරදියෙහිත් ජීවත් වන ඩයටම පැළෑටි බසිලාරියෝපිසේ වර්ගයෙහි අඩංගු වේ. ඩයටමක ඇත්තේ තනි න්‍යෂ්ටියකි. විවිධ හැඩයෙන් යුත් දුඹුරුපාට වර්ණධර ප්‍රාක්ප්ලාස්මයෙහි (protoplasm) අඩංගු වේ. සෛල බිත්තියේ කොටස් දෙකකි. පෙට්ටියක් පියනෙන් වැසෙන්නා සේ සෛල බිත්තියේ එක් කොටසක් අනික් කොටස ඇතුළේ සවි වේ. බොහෝ ඩයටම් සෛල බිත්තිවල සේවනිය (raphe) නමැති සිරස් පැළුමක් තිබේ. සෛලයේ අභ්‍යන්තර ප්‍රාප්ලාස්මයෙන් දික් වී ගිය ප්‍රාප්ලාස්ම කොටස් සේවනියේ අඩංගු වේ. මේ ප්‍රාප්ලාස්ම කොටස් බාහිර මාධ්‍යයත් සමඟ කෙළින් ම සම්බන්ධව පවතී. ඩයටමක් වේගයෙන් ජලයේ එහා මෙහා යයි. සේවනියේ ප්‍රාප්ලාස්මයේ සංසරණය (streaming) මේ චලනයට හේතු වන්නට පුළුවන. ඩයටමක පක්ෂ්ම දකින්නට නොලැබේ. නවිකුලා, ඉස්තමියා, පිනුලාරියා හා සිම්බේලා සුලභ ඩයටම් විශේෂයෝයි.

ක්‍රිප්ටොපිසේ වර්ගයහෙි ගණ දොළසක් අඩංගු වේ. චල ඒකසෛලික ගණ දහයකි. ගණ දෙකක පමණක් ගණාවාසි සංවිධානයක් දක්නට ලැබේ. මේ පැළෑටි සෛලවල දුඹුරට හුරු කහ පාට වර්ණධර එකක් හෝ දෙකක් ද පිෂ්ට කණිකා ද තිබේ. චල වූ වර්ධක සෛල ද චලබීජාණු ද කශිකා දෙකකින් යුක්තය. ක්‍රිප්ටොමොනාස් හා සූසන් තෙලා මේ වර්ගයට අයත් ගණ දෙකකි.

ඩිනො‍පිසේ වර්ගයට අයත් අල්ගේ පැළෑටිවල සෛලයන්හි රන් පැහැයට හෝ චොකලට් පැහැයට හුරු දුඹුරුපාට වර්ණධර රාශියක් තිබේ. ගණ 120කුත් විශේෂ 950කුත් පමණ මේ වර්ගයෙහි අඩංගු වේ. මේවා සියල්ල ම මුහුදේ ජීවත් වේ. එසේම ප්ලවාංගයටම සීමා වේ. බොහොමයක් චලය, ඒකසෛලිකය. සෙසු ඒවා අචල හෝ ඒකසෛලික හෝ සූත්‍රිකාවත් හෝ විය හැකිය. චල සෛල ද චල බීජාණු ද මේඛලාව (girdle) නමැති හරස් කට්ටියකින් වට වී තිබේ. කශිකා දෙක මේඛලාවෙහි හෝ මේඛලාව ළඟ හෝ සවි වී තිබේ. සෙරාටියුම් වනාහි චල වූ ඒක සෛලික ගණයකි. ඩිනොක්ලෝනියුම් ගණය සූත්‍රිකාවත්ය.

ක්ලොරොමොනඩිනෙ වර්ගයෙහි අතිශයින් විශේෂිත තරමක් විශාල වූ ජීවීහු අඩංගු වෙත්. මේ අල්ගේ පැළෑටිවල න්‍යෂ්ටිය ලොකුය. සෛල බිත්ති විරහිතය. අක්ෂි ලපයක් ද නැත. මණ්ඩලාකාර දීප්තිමත් කොළපාට වර්ණධර ඇත. සංකීර්ණ වූ සංකෝචක රික්තක (contractile vacuoles) පද්ධතියක් ද තිබේ. පක්ෂ්ම දෙක අග්‍රස්ථයෙහි පිහිටා තිබේ. එයින් එකක් ඉස්සරහට ද අනික පස්සට ද දික් වී යයි. වකුඹලාරියා මේ ද වර්ගයට අයත් ගණයකි.

යුලෙනිනේ වර්ගයෙහි ගණ බොහොමයක් චල වූ ඒකසෛලික නග්න ජීවීහුය. පැහැදිලිව පෙනෙන රතු අක්ෂි ලපයක් සාමාන්‍යයෙන් ඇත. ලොකු සංකෝචක රික්තකයක් ද අතිරේක රික්තක එකක් හෝ කීපයක් ද අඩංගු සංකීර්ණ රික්තක පද්ධතියක් ද තිබේ. මේ රික්තක සියල්ල ම කණ්ඨනාලය මගින් ජීවියාගේ පූර්ව කොටසෙහි මතු පිටට විවෘත වේ. විවිධ හැඩවලින් යුත් වර්ණධර හොඳටම කොළ පාටය. කශිකා එකක් හෝ දෙකක් හෝ තිබිය හැකිය. ගලා නොයන මිරිදියෙහි යුගලේනා ගණය හමු වේ. වෙනත් ශාක මෙන් යුග්ලේනා විරිඩිස් ද එයට උවමනා ආහාර නිෂ්පාදනය කරයි. එහෙත් අන්ධකාර ස්ථානවල ජීවත්වන විට කණ්ඨනාලය මගින් ඝන ආහාර ශරීරයට ඇතුළත් කර ගැනීමට මේ ජීවියාට පුළුවන. මේ ක්‍රමය සතුන්ගේ පෝෂණ ක්‍රමයට සමානය.

ප්‍රජනනය

අලිංගික ප්‍රජනනය:

අල්ගේ පැළෑටි කැබලිවලට කැඩී බෝවිය හැකිය. මේ වර්ධක ප්‍රජනනයයි. එහෙත් සමහර පැළෑටිවල වර්ධක සෛල තුළ හෝ බීජාණුධානි නමැති විශේෂ සෛල තුළ හෝ විශේෂ බීජාණු එකක් හෝ බොහොමයක් සෑදේ. මේ බීජාණු කශිකා සහිත නම් චල බීජාණු නමින් හැඳින්වේ. කශිකා රහිත නම් මේවාට අචල බීජාණු (aplanospores) යයි කියනු ලැබේ. බීජාණුධානියේ සෛල බිත්තිය පිපිරීමෙන් හෝ එම බිත්තිය ජෙලටින් බවට පෙරළීමෙන් හෝ සෛල බිත්තියේ තිබෙන සිදුරෙකින් හෝ මේ බීජාණු මුදා හරිනු ලැබේ. එවිට එක් එක් බීජාණුව පැළවී අලුත් අල්ගේ පැළෑටියක් සෑදේ.

ලිංගික ප්‍රජනනය:

සාමාන්‍ය වර්ධක සෛලවල හෝ ජන්මාණුධානි නමැති විශේෂ සෛලවල හෝ උපදවනු ලබන ජන්මාණුවල සංයෝජනයෙන් ලිංගික ප්‍රජනනය ඇති වේ. ඉතා ආදිකල්පික ලිංගික ප්‍රජනන ක්‍රමය නම් සමාන ජන්මාණු දෙකක සංයෝජනයයි. මීට සමජන්මාණුතාව (isogamy) යයි කියනු ලැබේ. මීට වඩා උසස් යයි සම්මත ක්‍රමයෙහි ජායාංගී ජන්මාණුව (female gamete) පූමංගී ජන්මාණුවට (male gamete) වඩා ලොකුය. එය සාමාන්‍යයෙන් අචලය; නැතහොත් චලනය වන්නේ සෙමින්ය. මෙසේ සමාන නොවූ ජන්මාණු දෙකක සංයෝජනය අසමජන්මාණුතාව (anisogamy)යි. අසමජන්මාණුතාව විෂමයෝගී (oogamous) තත්වයට මග පෙන්වයි. මේ තත්වයෙහි දී කශිකා සහිත සක්‍රිය පූමංගී ජන්මාණුවක් ලොකු වූ අවල ජායාංගී ජන්මාණුවක් (අණ්ඩයක්) සමග සංයෝජනය වේ. ජන්මාණුවල සංයෝජනයේ ප්‍රතිඵලයක් වශයෙන් සංයෝගාණුව (යුක්තාණුව zygote) සෑදේ. සංයෝගාණුව තද සෛල බිත්තියක් සාදා ගෙන අක්‍රිය අවස්ථාවකට පැමිණේ.

ජිවන චක්‍රය

බොහෝ අල්ගේ පැළෑටිවල ජීවන චක්‍රයෙහි ඒකගුණ (haploid) ජන්මාණුශාකයක් ද්විගුණ (diploid) බීජාණුශාකයත් අතර ඇතිවන පරම්පරා ප්‍රත්‍යාවර්තනය අන්තර්ගත වේ. බොහෝ කොළපාට අල්ගේ පැළෑටිවල හා සමහර දුඹුරුපාට අල්ගේ පැළෑටිවල ඒක ගුණ ශාකය ප්‍රබලය. ද්විගුණ අවස්ථාව සංයෝගාණුව (zygospore)යි. සංයෝගාණුව පැළ වන විට ඌනන විභාජනය (reduction division) සිදු වී ඒකගුණ බීජාණු සෑදේ. මේ බීජාණුවකින් ප්‍රබල ඒකගුණ ජන්මාණු ශාකය වර්ධනය වේ. කොළපාට අල්ගේ පැළෑටි ස්වල්පයකත් පුකාලේස් හැර අනික් සියලු දුඹුරුපාට අල්ගේ පැළෑටිවලත් සංයෝගාණුවෙි ඌනන විභාජනය සිදු නොවී ද්විගුණ බීජාණු ශාකයක් ඇති වේ. බීජාණුශාකයේ සෛලවල ඌනන විභාජනය සිදු වී ඒකගුණ බීජාණු සෑදේ. මේ ඒකගුණ බීජාණුවකින් ජන්මාණුශාකයක් වර්ධනය වේ. වෙන් වෙන්ව පවත්නා ජන්මාණු ශාකයකුත් බීජාණු ශාකයකුත් ඇති අල්ගේ පැලෑටිවල මේ ශාක දෙකේ වර්ධක (vegetative) ලක්ෂණ සමාන හෝ අසමාන හෝ විය හැකිය. බන්ගියා ලේස් හැර අනික් රතු අල්ගේ පැළෑටිවල වෙන් වෙන් ව පවතින පරම්පරා තුනක් ජීවන චක්‍රයෙහි දක්නට ලැබේ. මේවායින් එකක් ඒකගුණ ජන්මාණුශාකයයි. අනික් දෙක ද්විගුණ බීජාණුශාක වේ.

ආර්ථික වැදගත්කම

බොහෝ සතුන්ගේ ආහාරයක් හෝ වනු මිස කොළපාට අල්ගේ පැළෑටිවල වැඩි ආර්ථික වැදගත්කමක් නැත. දුඹුරුපාට අල්ගේ පැළෑටි තරමක් ප්‍රයෝජනවත්ය. මේ පැළෑටි රැස් කොට පෝර සාදාගනු ලැබේ. අයඩින් (බ.) හා පොටෑසියම් (බ.) මේ අල්ගේ පැළෑටිවලින් ලැබේ. මක්රොසිට්ස් වැනි දුඹුරු පාට අල්ගේවලින් ජල්ලිවලට සමාන ඇල්ගිනේට් ලවණ සාදනු ලැබේ. 'අයිස්ක්‍රීම්' නිෂ්පාදනයේ දී ඇල්ගිනේට් ලවණ විශාල ලෙස යොදනු ලැබේ. රතු අල්ගේ පැළෑටි අතුරෙන් ආර්ථික වටිනාකමක් ඇත්තේ ඉතා ස්වල්පයක පමණි. පොර්පිරා විශේෂ, කොන්ඩිරුස් ක්‍රිස්පුස් හා ගිගාර්ටිනා මමිලෝසා ආහාර වශයෙන් ගනු ලැබේ. හෙලිඩියුමි විශේෂවලින් ජල්ලි වැනි ඒගාර් (බ.) සාදනු ලැබේ.

මුහුදු අල්ගේ පැළෑටි මුහුදේ ජීවත් වන බොහෝ සතුන්ගේ ප්‍රධාන ආහාරය වේ. මේවායේ විටමින් A සහ E ඇත. මුහුදු ජලයෙන් අයඩින් ලබාගෙන පටකවල එය ගබඩා කිරීමට මේ අල්ගේ පැළෑටිවලට පුළුවන. මුහුදු අල්ගේ පැළෑටි ආහාරකොට ගන්නා මාළුන්ගේ මාංසයෙහි සැලකිය යුතු අයඩින් ප්‍රමාණයක් අඩංගු වේ. මුහුදු අල්ගේ පැළෑටි ජපන් ජාතිකයන්ගේ ප්‍රධාන ආහාරයකි. නොයෙක් ඖෂධ වර්ග ද මුහුදු අල්ගේ පැළෑටිවලින් සාදා ගනු ලැබේ.

(කර්තෘ: ඇම්.ඇස්. තම්බයියා: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අල්ගේ&oldid=5653" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි