අෂේරා
සිංහල විශ්වකෝෂය වෙතින්
07:43, 10 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('කානාන් දේශවාසීන්ගේ ආගමේ ප්‍රධාන දෙවඟන වූ ඇෂ්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
කානාන් දේශවාසීන්ගේ ආගමේ ප්‍රධාන දෙවඟන වූ ඇෂ්ටොරේත් නිරූපණය කිරීමට තනා ඇති ප්‍රතිමාව හැඳින්වීමට අෂේරා යන නම භාවිත කෙරේ. පරණ තෙස්තමේන්තුවේ ඇස්ටොරේත් දෙවඟන පිළිබඳ වන්දනමානන විස්තරවන තන්හි ද අෂේරා යන නම යෙදී තිබේ.
අෂේරා ප්‍රතිමාව ලීයෙන් කරන ලද්දක් බැවින් ඇෂ්ටොරේත් පිදීම වෘක්ෂ වන්දනාවකින් ශේෂ වූවක් ලෙස සලකනු ලැබේ.
(සංස්කරණය: 1965)