ආඩ් වෘකයා
සිංහල විශ්වකෝෂය වෙතින්
12:31, 11 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Aard-wolf). (ප්රොටෙලේස් ක්රිස්ටාටා]. වයිරම් සහිත කු...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(Aard-wolf). (ප්රොටෙලේස් ක්රිස්ටාටා]. වයිරම් සහිත කුඩා තරසකු (බ) වැනි වූ මාංස භක්ෂක ක්ෂීරපායි සතෙකි. උගේ ඉස්සරහ ගාතයක ඇඟිලි පහක් ද බෙල්ලේ පැහැදිලි කේශරයක් ද තිබේ. මළකුණු ද වේයන් ද කමින් ජීවත්වන ඌ බෙන හාරා ගෙන ඒවායෙහි දවාල ගත කරයි. අප්රිකාවට පමණක් සීමා වී ඇති මේ සතා එහි දකුණු සහ නැගෙනහිර ප්රදේශවල වාසය කරයි.
(සංස්කරණය: 1965)