ආනන්ද මත්ස්‍යයා

සිංහල විශ්වකෝෂය වෙතින්
09:10, 3 ඔක්තෝබර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් විශාල මත්ස්‍යයෙකි....' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් විශාල මත්ස්‍යයෙකි. ඇතැමුන්ගේ පිළිගැනීම පරිදි ආනන්ද මත්ස්‍යයා වශයෙන් ගැනෙනුයේ ආඳායි. ඌට සර්පයකුට බඳු හිසක් ද මත්ස්‍යයකුට බඳු වාලධියක් ද ඇත. ඌ මසුන් අතර දී නගුට ද සපුන් මැද දී හිස ද පෙන්වීමෙන් උනුන්ට සමාන බව හඟවා කපටිකමින් සිය අදහස් සිදු කර ගන්නේල. සසුන්ගත වූ කෛරාටික පුද්ගලයා සුත්තන්තික ආභිධම්මික දෙපක්ෂයේ ම සිත් සතුටු කිරීමට තැත් කරන හෙයින් ආනන්ද මත්ස්‍යයාට උපමා කරනු ලැබේ. යොදුන් පන්සියයක් දිග ඇති ආනන්ද නම් මත්ස්‍යයකු පිළිබඳ විස්තරයක් සුතසෝම ජාතකයෙහි දක්නට ලැබේ.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආනන්ද_මත්ස්‍යයා&oldid=6281" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි