ආනන්ද සිටු
සිංහල විශ්වකෝෂය වෙතින්
14:42, 5 නොවැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('බුද්ධකාලයෙහි සැවැත්නුවර විසූ මහාධන සිටුවරයෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
බුද්ධකාලයෙහි සැවැත්නුවර විසූ මහාධන සිටුවරයෙකි. අසූ කෙළක් පමණ වස්තුව ඇතිව සිටි හෙතෙම ඒසා විශාල ධනස්කන්ධයෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන ධනය නිධාන කළ තැන් සිය එක ම පුතුට ද නොකියා අනාථයකු ලෙස මැරී එනුවර සමීපයෙහි ගමක සැඬොල් කුලයක උපන්නේ යයි ධර්මග්‍රන්ථවල එයි.
(සංස්කරණය: 1965)